දැනට ඇති ආණ්ඩුවට බහුතරය නැති බව පෙනී යන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව හෙට උදේ 10 දක්වා කල් තැබිණි.
එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ගෙන ආ යෝජනාවකට පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පැවැති බවත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සභා මැදට පැමිණ කෑ කෝ ගැසූ බවතෙ, ඉන් පසු ඡන්ද විමසීම පැවැති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර අමාත්‍ය ඒ එච් එම් ෆවුසි , පියසේන ගමගේ සහ මනූෂ නානායක්කාර මහත්වරු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ.
ඡන්ද විමසන අවස්ථාවේ සෙන්කෝලය රැගෙන යෑමට ද මන්ත්‍රීවරු කිහිප දෙනෙකු උත්සාහ ගත් බව වාර්තාවේ.
දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ සභාවේ කටයුතු හරියට සිදු නොවූ බවයි
කතානායකවරයා පක්ෂපාතීව කටයුතු කළ බව ද ගුණවර්ධන මහතා කීවේය.
(36698)












(ඡායාරූප -ලහිරු හර්ෂණ)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.