මහා සංඝරත්නය බස්නාහිර පළාතේ සිට සබරගමුව පළාතට අහසින් වඩින මෙම දර්ශනය ඇස ගැසුණේ බුලත්සිංහල අතුර ශ‍්‍රී ඥානාලෝක මහා පිරිවෙන් විහාරාධිපති බස්නාහිර හා ඌව වෙල්ලස්ස ප‍්‍රධාන සංඝනායක යටගම්පටියේ ඥානාලෝක හිමියන් ප්‍රමඛ මහා සඟ රුවන බිනර පෝදා (08) දායක නිවසකට කොස්ගුලනේ මේ වැල් පාළමෙන් වැඩම කරද්දීය.
මේ පාළම කුකුළේ ගඟ පතුලේ සිට අඩි 750 ක් පමණ උසය.අඩි දහසක් පමණ දිගය.අඩි තුනක් පළලය.
වසර කිහිපයකට පෙරදී දෙකයි දෙකේ ලෑලි සහ කිතුල් ලැලි කෑලි 400 ක් පමණ යොදා කම්බි හතරක ආධාරයෙන් ඉදිකළ මෙම පැද්දෙන පාලම දැන් හොඳටම අබලන්ය.
කුකුළේ ගඟ හරහා බස්නාහිර හා සබරගමුව සම්බන්ධ කොට කුකුළේ ගඟ මාර්ගයේ කොස්ගුලන විද්‍යාලය අසල සිට සබරගමුවේ කලවාන කොලඹෑව ගම හරහා අයගම ඇතුළු ගම් රැසකට පිවිසීමට ඇත්තේ මෙම මරු කපොල්ලයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, අපේ හාමුදුරුවනේ.... (නි)
ඕකට තමයි අහවල් මහත්තයෝ ආශ්චර්යය කියන්නේ! (අ)
ඡන්දෙ කිට්ටු වෙනකොට මම ඕකට මුල්ගලක් තියන්න හිතාගෙන ඉන්නේ .(අ)
බය වෙන්න එපා. ළඟදීම ජපන් මොනෝ රේල් කෝච්චි පාරවල් දානවලු. එතකොට ඔක්කොම හරිනේ! (අ)
අර ලොකු ලොකු මහත්වරුන්ගේ ඇස් වලට මේවා නොපෙනෙන එකයි වරද (නදී)
මෙම පාලමෙන් කිහිප වතාවක් එගොඩ මෙගොඩ වෙලා තියනවා. ඉතාම විරල සුන්දරම දසුනක් සහිත වටාපිටාව හරිම ආකර්ශනීයයි. ඒ පළාතේ සිටින අහිංසක ජනයාගේ පහසුව තකා පාලමක් ඉදිකෙරෙන එක හොඳ වැඩක්. නමුත් මෙම වැල් පාලම නම් පිළිසකර කර පවත්වාගෙන යායුතු වන්නේ ගමේ පවතින සුන්දර බව සදා රැක ගැනීමටය. (අ)
අපිට දැන් අධිවේග තියෙන නිසා මම නම් ඕවා ප්‍රශ්න කියල හිතන්නේ නැහැ (අ)
පාලමේ සමහර තැන් වල ලෑලි නැහැ, රෑට නොදන්නා කෙනෙක් ගියොත් මැරිලා වැටේවි (අ)
අධිවීගි පාරවල් රටට අවශ්‍ය වගේම ,ගමටත් මෙම පාරවල් හොඳට හද දීම පාලකයන්ගේ යුතුකමක් . (අ)
ඕවා මොනවද යුද්දේ දින්නනේ ඒ ඇති. (ස)
ආසියාවේ ආශ්චර්ය! ලංකාදීප මේ පුවතට මාගේ ප්‍රණාමය! (නි)
අහිංසක පින්වතුන් ටිකක්. ඔවුන් මේ දක්වා අපිට අලුත් පාලමක් ඕනෑ කියලා පාර හරස් කර උද්ඝෝෂණය කළාද? නැහැ නේද? (නි)
මෙවැනි පාලම් උඩින් තමයි ආසියාවේ ආශ්චර්ය උදාවෙන්නේ. (නි)
හැමදෙයක්ම හොඳින් සිද්ධ වුණානේ. පින් කරනකොට කවදාවත් කදරයක් වෙන්නේ නැහැ. (නි)
මේ වගේ නොව, ලස්සන එල්ලෙන පාලම් බලන්න කොළඹ බේරේ වැව ළඟට එන්න (නි)
මේ පලාතේ මන්ත්‍රී තුමාට නොබෙල් තෑග්ග දෙන්න ඕන මේවා තියාගෙන ඉන්නවට (නදී)
පේරාදෙණිය මල්වත්තේ තියෙන හෙල්ලෙන පාලම වගේ හොඳ සවි ශක්තිමත්ව හැදුවොත් එය භාවිතයට ගන්න උදවියට කිසිම භයක් සැකයක් නැතුව ගමන් බිමන් යන්ට හැකිවේවි. තිබෙන සුන්දරත්වයත් ආරක්ෂා වේවි. (නදී)
අගනුවර වායු සමණය කල පන්සල් වල ඉන්නා හාමුදුරුවන් රෝද හතරෙන් වඩිද්දි අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ. (නදී)
මම කුඩා කාලේ අපේ කිරි අත්තත් උසයි ඔය අඩි 750 හේ පාලම වගේ. මම ගොඩාක් උඩ බැලුවමයි කිරි අත්තගේ මුහුණ පෙනුනේ ඒ තරමටම උසයි. (නදී)
ධම්ම පොලම්බෙගොඩ නෙමෙයි නිකපිටිය සංගිලි පාලම නේද මටත් හොදට මතකේ තියනවා. දැන්නම් පාලම හොදටම අබලන්. අපේ ගමට යන්නේ දිප්පිටිය හරහා (නදී)
අනේ රූපවති, බොරු කියන්නේ නැතුව ඉන්න (නි)
මෙවන් අබලන් මරු කපොලු අනිවාර්යයෙන් පිළිසකර කළයුතුය (නි)
නිකරුනේ අනවශ්‍ය වියදම් කරන රටේ මෙවැනි අසරණ මිනිසුන්ට පිහිටක් නැති හැටි? (නි)
පොල්අඹේගොඩ සංගිලි පාළමෙන් එගොඩවෙලා පාසල් ගිය කාලය මතක් වුණා. ගමනේ දුෂ්කර බවක් එදා අපට දැනුනේ නැහැ. (නි)
මෙවැනි ආශ්චර්යවත් දේ ලංකාවේ ඇති බව සමහරු පිළිගන්නේ නැත. (නි)
ජයා, ඔබ කියන දේ හරි. මේක අඩි 75 මිසක් 750 වෙන්න බැහැ (නදී)
මේ පාලම එච්චරටම උසද? හිතනකොටත් බයයි (නි)
ආසියාවේ ආශ්චර්යය. (නදී)
හරිම සිත්ගන්නා සුළු දසුනක්. නමුත් එහි අනතුරු බව ඊටත් වඩා හදවතට දැනෙනවා. (නදී)
අඩි 750 ක් කියන්නේ මීටර් 228 ක් පමණ, ඒ කියන්නේ කිලෝ මීටර් කාලක්, වෙන්න පුලුවන්ද මන්ද පිංතූරය බලන කොට. මම හිතනවා අඩි 75 ක් වෙන්න ඇති කියලා. බිංදුව නිසා ගිය උඩ නේද? (නදී)
මෙහි ප්‍රතිචාරයක් දැක්වූ පිටිගල මහත්තයෝ, ඔයා ලංකාවේ ඇවිදිලා නැති හැටියකි පෙනෙන්නේ. රැයක් එළිවෙනකොට රටක් සුරපුරක් කළ නොහැක. නමුත් අඩුතරමේ අපි ඒ ආශ්චර්යය කරා යන ගමනේ සිටිමු. (නි)