කන්දක් නාය යාමේ අවදානමක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වසා දමා තිබූ ඉමදුව හා කොක්මාදුව අතර මාර්ගය අද රාත්‍රී 7.35 සිට යළි විවෘත කළ බව අධිවේගී මාර්ග බලධාරීහු කියති. මෙම කොටස වසාදමන ලද්දේ පසුගිය හතරවැනිදා (04) සවස් කාලයේ දී ය. අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දෙසට කිලෝ මිටර 113.6ත් කිලෝ මීටර 114.5ත් අතර මාර්ගයේ මැද ලෝහ වැට ඉවත්කර කොළඹ සිට මාතර දෙසට මෙතෙක් භාවිතා කළ ද්විත්ව මං තීරුව මැදින් තාවකාලික වැටක් සාදා එම කොටසේ දී දෙපසට මං තීරු එකක් බැගින් වන ආකාරයෙන් සකසා අධිවේගී මාර්ගයේ වාහන ධාවනයට ඉඩ සළසා ඇත.
බලධාරීන් පවසන්නේ නායයාමේ අවදානමට පත්ව ඇති කන්ද නව තාක්ෂණයෙන් සවි ගන්වනතුරු මාර්ගය මේ ආකාරයෙන් භාවිතා කිරීමට සිදුවන බවයි. ඒ සඳහා රුපියල් කෝටි 50ට අධික මුදලක් වැයවන බව ද පැවසේ.
මෙම ස්ථානය පසුකිරීමේ දී වේගය අඩුකරන ලෙසත් වඩාත් පරීක්ෂාකාරීව වාහන ධාවනයේ යෙදෙන ලෙසත් අධිවේගී මාර්ග බලධාරීන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඔය කන්ද සවිගන්වන කෝටි පනහේ නව තාක්‍ෂණය? අපේ කඳුකර පාරවල රවුමක් ගියෝතින් බලාගන්න පුලුවන් කඳු පාත්වෙනවාට ඒ කාලේ යොදාගත් සරල ක්‍රම. (බ)
මේ වියදම් දැන් හොයන්නේ කොහෙන්ද? (නි)
ඒ කියන්නේ දැන් මං තීරු එකකක් නිසා ගාස්තුවත් අඩුකරලා ඇති නේද.? (ර)
කෝටි පනහක් ? ඕකත් ඉතින් ජනතාවගේ බත්පතින් තමයි (නි)
මුන්ට පිස්සු (බ)