තමා බලයට පත් වී දින 100 කදී විධායක ජනාධිති ක්‍රමය අහෝසි කර කරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගර ශාලාවේදී ප්‍රකාශ කළේය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම රජයේ අගමැති බවද ඔහු කීවේය.
සිරිසේන මහතා මෙසේද කීවේය.
අද පවතින ආණ්ඩුව යුද ජයග්‍රහණයෙන් පසු අපි බලාපොරොත්තු නොවූ තැනකට ගමන් කරන්න පටන් ගත්තා. 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කළා. අද මේ රට යන දිශාව අනුව පැහදිලිව පෙනෙන්නට තිබෙනවා පසුගිය අවුරුදු කිහිපයේ සිට අපි ගියේ සොඳුරු ආඥාදායකත්යකට. ඡන්ද තියනවා. සිනා මුසු මුහුණින් සංවර්ධනය ගැන කතා කරමින් යනවා. අපිට හා ජනතාවට එකඟ විය නොහැකි දූෂණය වංචාව, අසාධාරණය නීතිය ආධිපත්‍යය බිඳ දැමීම ඇතුළු බිද වැටීම් තිබෙනවා. පොලීසිය බරපතල විනාශයකට ගමන් කර තිෙබනවා. වරදකරුවන්ට විරුද්ධව පොලිසියට නිසි ලෙස කටයුතු කරන්න බැහැ. ඒ නිසා ඒ නිසා මෙය ආඥාදායකත්වයක් බව පැහැදිලියි.
මම කිසිසේත්ම හිතුවේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙය ලේකම්වරයා වූ මා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය විසින් පොදු අපේක්ෂකයා ලෙස තෝරාගනීවියැයි කියා. මෙය එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අප විශාල කණ්ඩායමක් ඇතුළු බොහෝ දෙනා අත්වැල් බැඳයන ගමනක් බවට පත්ව තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂයෙන් තමන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙමින් විශාල කැපවීමක් කර තිබෙනවා. ඒ වෙනුවෙන් මා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් විපක්ෂය නියෝජනය කරන සියළු දෙනාටත් මා ස්තූතිවන්ත වනවා.
මේ උතුම් ජනතාවගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ රටට ජාතියට රාජ්‍ය පාලනයට බරපතල ඛේදවාචකයක් ඇති වී තිබෙනවා. මේ රටේ නීතිය සදාචාරය ප්‍රජාතන්ත්‍රවාදය නැති කළ විධායක ජනාධිපක්‍රමය දින සියයකින් අහෝසි කිරීම සඳහා මට බලය දෙන්න කියා මා අපේ රටේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අද රාජ්‍ය සේවකයන්, පුද්ගලික සේවකයන්, දුප්පත් මිනිසුන් අසරණ වෙලා. තමන්ගේ දරු පවුල නඩත්තු කරන්න මුදලක් ලැබෙන්නේ නැහැ. කම්කරුවාගේ සිට සියළුම දෙනාගේ ආර්ථිකය ගොඩනැංවීමේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම අපට තිබෙනවා. සමස්ථයක් රටේ ජනතාව වෙනුවෙන් නිදහස, සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය ඇති යහපත් රටක් ගොඩනැගීමට මා බලාපොරොත්තු වෙනවා.
පොලිසියට අධිකරණයට ස්වාධීනව, අපක්ෂපාතීව හා නිදහසේ යුක්තිය ඉටුකරමින් සේවය කිරීමට අවශ්‍ය ඉඩ අපි ලබාදෙනවා. රාජ්‍ය සේවකයන්ට දේශපාලනයකින් තොරව සාධාරණව අපක්ෂපාතීව කටයුතු කිරීමේ අවස්ථාව අපි ලබාදෙනවා.
මැතිවරණ වලින් අපි හෙම්බත් වන නිසා ආරක්ෂක අංශ වලින් මා කාරුණිකව ඉල්ලා සිටිනවා නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඉඩ ලබා දෙන්න කියා. කිසිදු බලපෑමකට යටත් වන්න එපා යැයි අපි ඉල්ලා සිටිනවා.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහාචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව විජේසිංහ,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග වසන්ත සේනානායක,නියෝජ්‍ය ඇමැතිවරුවරුන් වන එම් කේ ද එස් ගුණවර්ධන ,දුමින්ද දිසානායක යන මහත්වරු මේ රැස්වීමට පැමිණ සිටියහ.
ශ්‍රිලනිප,එජාප හා එම පක්ෂවල ප්‍රතිපත්ති පිළිගන්නා සහෝදර පක්ෂ සමඟ සන්ධානයක් නව පෙරමුණක් පිහිටුවා ගැනේ.එම රජයේ අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතායි.
· රටේ ආර්ථික බලය,ධනය පාලනය ,කළමනාකරණය යන සියළු දේ එක් පවුලක බලයට යටවෙලා.
· උසාවි අධිකරණ පොලිස් රාජකාරී බිඳ වැටිලා.නීතීයේ ස්වාධිපත්‍යය කඩා වැටිලා .දුෂණය ,වංචාව ,අයුක්තිය ,හොරකම බරපතල ලෙස පැතිරිලා
· මේ රට සොඳුරු අඥාදායකෙත්වයක් කරා යනවා .
· අපේ රටට රාජ්‍ය පාලනයට ප්‍රජාතන්ත්‍රවාදය,සාධාරණය,යුක්තිය හා සැබෑ නිදහස ඇති කරනවා.අල්ලස දුෂණය නැති කරනවා.
· ගොවි,කම්කරු,රාජ්‍ය හා පෞද්ගලික සේවක ආර්ථිකය නංන්වනවා.
· ස්වාධිනව හා අපක්ෂපාතව රාජකාරී කිරීමේ අවස්ථාව පොලීසියට,අධිකරණයට ලබා දෙනවා.
· දේශපාලන බලපෑමෙන් තොරව රජයේ සේවයක් ඇති කරනවා
· නිදහස් හා සාධාරණ මැතිවරණයකට උපකාරීවන්නැයි ලෙස ත්‍රිවිධ හමුදාවෙන් හා පොලීසියෙන් ආයාචනය කරනවා.එසේ කරන ත්‍රිවිද හමුදාපතිට හා පොලිස්පතිට අපේ ආණ්ඩුව යටතේ සියළු ආරක්ෂාව සපයනවා.
· අද සැබෑ මාධ්‍ය නිදහසක් නෑ,මාධ්‍යවේදීන්ට තුටු පඩුරු දෙනවා ජනමතය වෙනස් කිරීමට බලපෑම් කරනවා,නිදහස් මාධ්‍ය වළදමා තිබෙනවා. අපේ රජය යටතේ සෑබෑ මාධ්‍ය නිදහසක් ඇති කරනවා.
· දුෂණ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා.
· ස්වාධීන කොමිෂන් සභා නීතීගත කරන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා 17 වැනි සංශෝදනය නැවත ඇති කරනවා.
· රට විනාශ මුඛයට ඇද දැමු 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා.
· අතුරලියේ රතන හිමියන් මාදුළුවාවේ සෝහිත නාහිමියන් පොදු අපේක්ෂකයකු වෙනුවෙන් කළ මෙහෙයුම අති උදාරයි.රතන හිමියන් හරියට කුඩහාපොළ හිමියන් යළි ඉපඳුණා වගේයි.
· එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සෙසු සහෝදර පක්ෂ නායකයින්ද හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ සහායද අති විශිෂ්ඨයි.
· ජනතා පැතුම් ඉටු කරිමට සියලු තර්ජන මැද්දේ මම ඉදිරිපත් වෙනවා.මගේ බිරිය හා දරුවන් ඒ සඳහා මට ආශිර්වාදය දුන්නා.
‘තාත්තා ඕනෑම තීන්දුවක් ගන්න අපි මැරෙන්න වුණත් ලෑස්තියි‘ ‘යනුවෙන් බිරියත් දරුවනුත් මට කිව්වා.‘
· ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඇති කරන්නත් බැරි වුණා.ඒ උත්සාහයේදී මරණ තර්ජන එල්ල වුණා
ජයමාල් චන්ද්‍රසිරි
ඩික්සන් වසන්ත





















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! ජය වේවා! (නි).
අපිට දිග වැඩයි කියන නදී මෙනුට දීල තියෙන ඉඩ දැක්කම පුදුම හිතෙනවා..මෙනුගේ දිගු හෑල්ලට දිය යුතු කෙටිම පිළිතුර ඔබ වැනි ගුනමකුවන්ගෙන් පිරුණු රට තුල තවමත් බහුතරය කාලගුණ දත් ජනතාව බවය..එය ඔබට ජනවාරියේදී මනාව වැටහේවි. එතෙක් තාවකාලිකව ලැබෙන මේ වින්දනයෙන් තව තවත් සිහින දකින්න. අපි ඔයාව ජනවාරියේදී ඇහැරවල හීන වල සහ යථාර්ථයේ වෙනස පැහැදිලි කරවල දෙන්නම්..(ස)
අද මේ බෙදීම නිසා නිදහස් පාක්ෂිකයන් අතරමන් වෙලා. මේ මැතිවරණයට සන්ධානයෙන් අපේක්ෂකයෙන් දාන්න එපා. බණ්ඩාරනායක මැතිනිය ඉන්න පැත්ත නියම නිදහස් පක්ෂය ලෙස පිළිගමු. (ස)
දැන් ඉතින් හැමෝම මඩ ගහයි සැලෙන්න හොද නෑ (දිල්)
මහින්ද මහත්තයෝ, ඔන්න ඔහේට හොඳ චාන්ස් එකක්,ඔය හොරු ටික ඔහොම්මම හැලිලා ගියාම මීළඟ ඇමති මණ්ඩලේ ලස්සනට හදාගන්න, යන අයට යන්නම අරින්න, අපි ඔබතුමා එක්කයි! (අ)
දැන්වත් කියන්න දුප්පතාගේ ඖෂධ පනතේ හෙනහුරා කව්ද කියලා?? (නි)
දින 100 විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට පෙර සමහරු කර ඇති දුෂණ වංචා වලට පියවර ගන්න. (නි)
1989 පටන් පාර්ලිමේන්තුවේ සිටිය පොලොන්නරුවේ අපේ වීරයා, ගොවි පුතා,ගොවි දරුවන්ට රැකියා දුන්නු ජනතා නායකයා..(හේ)
කෝ මංගල සමරවීර මහත්තයා (නදී)
ඔබ කියන දේවල් ඉතාම පැහැදිලියි. (නි)
කාටද ලැජ්ජාවක් නැත්තේ මහජනතාවටද නැත්නම් මේ අයටද (හේ)
ඔබට ජය (නදී)
මේ හැමෝම කරන්නේ රැකියාවක් මාසේගානේ වගේම අවරුදු 6 පසුවත් (පැන්ෂන් ) සහ ( ගමන් බිමන්,යාන වාහන වලට ,ආරක්ෂාවට ලොකු මුදලක් ගෙවන්නේ අපිහැමෝගේම ) ,මේ අය මුදලක් උපයනවා නමුත් ඒ අයගේ රාජකාරිය කලාද කීයල අපි හැමෝම හිතනවද ? දන්නවද ? (නැහැ ) ඔය කව්රුත් මතකතියාගන්න මේ හැමෝම බැදිලා ඉන්නවා ,රටට සේවය කරන්න ( ඔය කව්රුත් පිනට වැඩකරන්නේ නැහැ ඒක තමයි ඇත්ත.) (ස)
විධායකේ ඉවත්කරන්න මෙතුමා දිනන්න ඕනනේ.(හේ)
ඒකනම් කරන්න අමාරුයි.(හේ)
ජනතාවට මොළයක් තියෙනවාද කියලා බලමුකෝ (නි)
නොතේරෙන දෙය! "දින සියයෙන් ජනාදිපති ක්‍රමය අහෝසිකරමි." "පවතින රජයේ අගමැති රනිල්." දින සියයෙන් පසු මම අතසොදාගන ගෙදර යනවද?."දහඅටවන සංසෝදනය අහෝසි කරමි". ජනාදිපති ක්‍රමයම අහෝසිනම් දහඅටක් ගැන කතා කෙරුම අප සැම මොනිටසොරියට ගාල් කෙරුමක්ද? චන්ද්‍රිකා ජනපති වුනේ දින අනූ දෙකෙන් ජනපති ක්‍රමය නැතිකරන්න.මාස වලින්ම අනූදෙකකට වැඩිය ඉදල එයා කල කෙන්ගෙඩිය?.එදා ඔබත් , රාජිතත් ඇගේ ඔඩොක්කුවේ. අද ඇයත් රාජිතත් ඔබේ ඔඩොක්කුවේ. ඔබේ මෛත්‍රී රාජ්‍යය, ජේ ආර්ගේ දර්මිස්ට රාජ්‍යයෙන් වෙන් වන්නේ ? ඔබට කල නොහැකි වූ දේ ගැන කීවත් ,රටේ හාල් හිගය ඇති වීමට හෙතුබූත වූ සිද්දිය ගැන?ප්‍රමිතියෙන් තොර අවුසද තොග පිටින් ගෙනත් යහපත් සරීර සෞක්යයෙන් සිටි මිනිසුන්වත් ලෙඩ්ඩු කල එක ගැන?. එදා ඔය අවලාද කල උන් අද ආදරයෙන් ඔබව වැලදගන,ඔබ උන්ව වැළදගෙන. හොරුන්ට ලැජ්ජාවක් නැතිලු.නමුත් ඒ හොරුන්ට පාර කැපූ අපිට ?. (ස)
කිසිම ශ්‍රී ලාංකිකයෙක් කිසිම දේශපාලකයෙකුට කඩේ නොයායුතුයි (නි)
බය වෙන්න ඕනේ නැහැ. එකතු වෙන්න නිදහස සොයා යන ගමනට. (ර)
ජනතාවනි දෙවරක් හිතන්න.තුන්වරක් නොදෙන්න.(හේ)
අටසිල් සමාදන් උනා කියල හිතේ. වාසියට ඇට නැති මුසාවාද කියන දේසපාලනේ කොරන සාදු බාප්පල. (ස)
මේ සිහිනයක්ද මා දකින්නේ කියා සිතෙනවා. (නි)
අනේ කොහොම හරි අපේ රට හදන්න.නීතිය ක්රියාත්මක කරන්න ,හොරු නැති කරන්න . රට ගිහින් ඉන්න අයට සදාරණයක් කරන්න (දිල්)
මෛත්‍රී මහතාට ජයවේවා! (නි)
කරලා පෙන්නන්නකෝ.(හේ)
ඒකනම් කරන්න අමාරුයි.(හේ)
අයියෝ.. ඇයි ඉතින් රනිල්ටම ඉල්ලන්න තිබුනනේ රනිල් එනව කියන්නේ ආයෙත් රට කොටියට දෙනව කියන එක තමයි.. රැල්ලට යන්නේ නැතිව රට ජාතිය ගැන හිතල රටේ ඉදිරි අනාගතය ගැන හිතල තමන්ගේ ජන්දය පාවිච්චි කරන්න ඕනා.. මගේ රටට දළදා හාමුදුරැවන්ගේ පිහිටයි.. (ස)
කාලය විසින් රටේ ජනතාවට උතුම් විසඳුමක් දැන් ලබාදීගෙන යනවා (නි)
ඔබ තුමා කියනවා යුඑන්පී එක කැපවීමක් කරලා එයාලගේ ජනාධිපති අපේක්ෂකත්වය ඔබට දුන්න කියලා . නැහැ ඒක නෙවයි ඇත්ත (දිල්)
ජයවේවා! (නි)
මෛත්‍රිපාල මැතිදුනි, ඔබ ජනාදිපතිවී දින 100 කින් ජනාදිපති ක්‍රමය අහෝසිකර, අගමැති දුරය රනිල්ට ලබාදුන් විට ඔබ නමට පමනක් ජනාදිපති නේද ? එතකොට අපි යු.එන්.පී එකට ඡන්දය දි රනිල් ජනාදිපති කරා වගේ නේද ? එතකොට ඔබලාට මොකද වෙන්නේ. අපිට මොකද වෙන්නේ. (නදී)
රනිල්! අපේ අවසන් බලාපොරොත්තුව.... (නි)
විදායකය වැරදි මගට යන්න හවුල් වූ කෙනෙකුගෙන් යහපත් පාලනයක් බලාපොරොත්තු වීමට බැරිය. (ර)
1990 දීත් මෙහෙම දෙයක් සිද්ධ වුණ නිසා අපට 1994 දී ජනතා ආණ්ඩුවක් පිහිටුවා ගන්න ලැබුනා. මේක ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුමේ ආරම්බය. ඔබට සුබ පැතුම්. (හේ)
බන්දුල පෙරේරා, මේ දවස්වල හුඟක් සරු ඇතිනේ. මතක ඇතුව මල්ලත් අරගෙනම පොළට යන්න (නි)
කලකට පසු සිතට සුවයක් දැනෙන පුවතක් අසන්න ලැබුණා. අපේ මෛත්‍රී මහතාට රටත්,ජනතාවත්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආරක්ෂා කරගන්න ලැබේවා කියා පතනවා.. (නි)
පවුල් බලයට විරුද්ධ අය ඊයෙ පෙරේදා ඉපදුනු අය වෙන්න ඕනෙ මොකද මෙතන මුල්තැන ලැබිලා තියෙන්නෙත් පවුල් ගහකට අවසාන ඉලක්කය පවුලෙන් ගිලුහුනු බලය නැවත පවුල වෙත ලබාගැනීම (ස)
අහෝ සිරිසේන (නදී)
කන්න දුන්නු අත හපා කෑවා (නදී)
මේවා ඔක්කොම නාට්‍ය. බලන්න අන්තිමට මොකද වෙන්නේ කියල (නදී)
මෙතන චන්ද්‍රිකා ඉන්නකම් ඡන්ද ගන්නනම් හිතන්න නරකයි. අවරුදු 12 ඉඳලා ඔය මැඩම් මොනවද කරේ. අනික කව්රුත් බලයට එනකන් කියනවා දින 100 අයින් කරනවා කියලා බලයට ආවම තමයි තියෙන්නේ සෙල්ලම. දැන්මම කොටි සිනාමුසු මුනෙන්. (අ)
මුලින්ම ඔබතුමාට ස්තුති කරමින් සුබ පතනවා රට වෙනුවෙන් ගත් මේ එඩිතර තීන්දුවට. (නි)
සෝඩා බෝතලේ ඇරපු ගමන් පෙන දානවා. ටිකක් වෙලා ගියාම පුස් තමා. අපරාදේ මෛත්‍රී. හොද මිනිහ. නිකම් ලනු කාල. (අ)
එක්සත් ජාතික පක්ෂයට පොදු අපේක්ෂකයෙක් හිටියෙම නැද්ද? (ස)
මැරෙනකම් මේ පවුලකට කම්බුරන්න ලැස්ති නම් ඒක කරන්න . අපිට මොකද . අපි පිටරට ඉඳන් කීයක් හරි එවල අපේ පවුල් ජීවත් කරනවා . අරෙහෙ වළං හෝදන්න කැමති උදවිය ඒක කරගෙන බඩ රැකගන්නකෝ. කවදාවත් මේ වැටිලා ඉන්න ආර්ථික ආගාධයෙන් ගොඩ එන්න ඕන නැති නම් කරන්න දෙයක් නැහැ. (අ)
ඇමතිතුමනි ඔබතුමා ඡන්දෙන් පැරදුනාට පස්සේ රාජපක්ෂ ජනාදිපතිතුමා ලඟට නැවත යන්න....එතුමා නැවතත් ඔබව පක්ෂෙට ගනීවි. (නදී)
කියනදේ කරනවා නම් ඔබතුමාට ජයෙන් ජය. (නි)
මෛත්‍රී නම් හොන්දයි නමුත් වටවෙලා ඉන්නේ නම් හොඳ ක්ටියක් නොවේ ඒ අයත් එක්ක මෙතුමාට කරගෙන යන්න ලැබේවිද වටේ අය ගැන අපි හොඳට දන්නවනේ (අ)
ඉතින් අන්තිමට නිකම්ම අගමැතිකම රනිල්ට දීලා යන්න නම් මෛත්‍රී යන එකේ තේරුම මොකද්ද? (නි)
කව්රුන් බලයට පැමිණියද , ඒ නායකයාට අවශ්‍ය නම් පවුල්වාදය තරකරමින් බිහිසුණු එකදිපතියෙකු වීමේ හැකියාව ඇති ව්‍යවස්ථාව ඉවත් කිරීමටත් ,කාටත් සුවසේ සිටිය හැකි සිංහල රටක් ඇති කිරීමටත් හැකියාව ගරුතරය සඟ රත්නය ඇතුළු පුජක පක්ෂයට හැකිවේව. සිංහලයට ඇත්තේ මේ රටම පමණක් බව මේ දේසපාලනය වෙනුවෙන් මර ගන්න අය ප්‍රථමයෙන් සිතන්න. (අ)
වටේම ගසා කන මැරයෝ එක්ක ගනුදෙනු කරන උන්ගේ නෑයින්ගේ පක්ෂයක් ද කොහෙද සමහර අයට ඕන වෙලා තියෙන්නේ. (අ)
මහින්දට තරු පෙනෙන්න ඇති (නදී)
කෝ මේ සුමනදාස? (අ)
මෛත්‍රී මහතාණනි. ඔබතුමාට අපගේ ගෞරවනීය ආචාරය. ඔබතුමාගේ ජයග්‍රහණය නියතයි. රටට දේශයට උදාර සේවයක් කිරීමට ඔබතුමාට මහඟු අවස්ථාවක් ලැබේවා (නදී).
ඔබ තුමාට ජය වේවා (අ)
ඔබතුමාට අපගේ සම්පුර්න සහයෝගය දෙනවා ඔබ රනිල් සමග එකතුවීම රටට ලොකු හයියක් අපි සිතනවා ඉදිරිගමන හරිම සාර්ථකයි කියලා සැමට ජය !!!(හේ)
කව්රු පක්ෂ මාරු කලත් මැතිවරණය ජයග්‍රහණය කරන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමා..එතුමාට ජය වේවා..!!!!!!! (අ)
මෛත්‍රී ඇටිකෙහෙල් කාව වගේ පත්තරවලින් මග හරිනවිට සැකයක් අව රාජිතත් ...යුරෝපයේ ආදායම නැතිකරන තැනට වැඩ කරනකොට හිතුනා ...විග්නේශ්වරන් මස්සිනාට ..උදව්වක් කරවී කියල.....මහත් වරුණේ .ජාතියේ බුද්දිමත් ..මොළ ටික කියාගන්නා ...ඔබ සම මේ පාර කපන්නේ .... ඊලාම් දේශයට කිරුල පලදවීමටද? (අ)
ඔබ තුමාට අපේ සුබ පැතුම් ! නියත ජයක් !(හේ)
හොඳට හිතල බලන්න ඇයි මේ තනතුරු අල්ලාගෙන ඉන්නේ කියල. කවදාවත් පසුපෙළ ජේෂ්ඨ පක්ෂ සාමාජිකයෙකුට උඩට ඒමක් නැහැ. පවුලේ කෙනෙකුට එතනට එන්න පුළුවන් වෙනකන් කීදෙනෙක් තනතුරු අල්ල ගෙන ඉන්නවද බලන්න. ඉතින් පක්ෂය ඇතුලේ මිනිස්සු කලකිරෙනවා. බැරි තැන එලියට ගියාම ඊළඟට කියන්නේ පාවා දුන්නා. මෝඩකම් කලා කියල. (අ)
ජයවේවා. ගම්පහ අපෙන් සුබ පැතුම්.(හේ)
ඒ තරම් දෙයක් කරන්න පුළුවන්ද,(හේ)
නියම තීරණයක්. ජයවේවා..(හේ)
අගමැති රනිල්. ඒ විතරක් නොවෙයි ෆොන්සේකා ආරක්ෂක ඇමති කරලා. ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරු කලොත් නේද හොඳ. (ර)
මෛත්‍රීපාල සිරිසේන මහත්මය දින්නත් නොදින්නත් මා අගය කරන විශේෂ ගුණයක් ඔහු ළඟ තිබෙනවා. මිනිස් කම පිලිබඳ ගැටළුවලදී ඔහු ඉතාමත් සංවේදී පුද්ගලයෙක්. අනික කතාවක් අවසානයේ "ඔබ සැමට තෙරුවන් සරණයි" කියා සුභ පැතීම ජනාධිපති වූ දාකත් ඔය ආකාරයෙන්ම කියනවා නම් එය රටට ආශීර්වාදයක්. (නදී)
බලයට එනකන් කවුරුත් කියවාවි. ලජ්ජා නැති මිනිස්සු. ජාතිය පවා දෙනවා තමන්ගේ බලයට. රනිල් චන්ද්‍රික ගේ හැටි කවුරුත් දන්නවා, මෙපමණ කල් මොනවද කලේ. දැන් බටහිර තානාපති කාර්යාල හා දෙමල ඩයස්පෝරාව සමහ එකතුවෙලා බෙරගනිපු රට පවා දෙන්නී සුදානම . තවත් ජුදාස් කෙනෙක් (ස)
බමුණු වගේ අයට තමා අපි කියන්නේ ගුණමකුවෝ කියලා (නි)
ජනපති මහින්ද ජයවේවා (දිල්)
ෆොන්සේකා මහතාට සිදුවූදේ වේදැයි සැක සහිතයි. (අ)
කුරුවිට. මංගලටත් වඩා වැඩ කාරයෙක් සිරිසේන මහතා ළඟ ඉන්නවා නේ. අපේ දත් දොස්තර මහතා. මතකනේ එයා ඒ කාලේ කරපු දේවල්..? (අ)
කව්රුහරි මුල්වී රටට හෙනගෙඩියක් වෙලා තියෙන, කිසිකෙනෙකුට වගකීමක් නැති, උසාවියකටවත් යටත් නැති, මේ අති භයානක විධායක ජනාධිපතිකම අහෝසි කරනවානම්, ඒක රටේ අනාගතය වෙනුවෙන් කලහැකි නිවන් දකින්න තරම් හේතුවෙන පින්කමක් වනවා නොඅනුමානයි. දුෂිතයන්, හොරුන් ආරක්ෂා කරන, මිනීමරුවන් නිවරදිකරුවන් බවට පත්කරන, අහින්සකයන්ගෙන් පළිගන්නා, වයිරී ඒකාධිපති පාලකයන් බිහිකිරීමට හේතුවන මේ විධායක ජනාධිපති ක්‍රමය නිමා කිරීමට කැපවෙන ඕනෙම කෙනෙකුට සියලු දේශමාමක බලවේගවල සහයත්, ජනතා ආශිර්වාදයත් අනිවාර්යෙන්ම හිමිවිය යුතුමයි. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, ඔබ ප්‍රමුඛ සන්ධානයට අතිවිශිස්ට ජයග්‍රහණයක් ලැබේවා!. (අ)
ගරු මැතිතුමනි, ඔබතුමා පොරොන්දු වූ ආකාරය විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්තිය ඇති ව්‍යවස්තාවක් ස්ථාපිත කිරීමටත් විනිවිද භාවයකින් හා සමාජ සාධාරනත්වයකින් යුත් පාලනයක් රටේ ඇති කිරීමටත් හැකි වනු ඇතයි අපි අපේක්ෂා කරමු ඔබට ජය ශ්‍රී !!(දිල්)
රටේ හොඳ කාලය මහත්තයෝ වැහි වැහැලා කෙත් වතු සරු වෙනවා කියනවානේ. රටේ නායකයන් ඇති වෙද්දි මේක තමා ඒ මූලාරම්භය. අපි ඔබ සමගයි ජය නියතයි (නදී)
රට ගැන හිතනවද? කට ගැන හිතනවද (නදී)
මම මේ නොදන්නා නිසයි අහන්නේ. දැන් ඔය ජනාදිපතිවරණය අනිවාර්යෙන්ම පරදින නිසා අවලංගු කොරන්න බැරිද? (නදී)
ජයවේවා! මහියංගනෙන් අපේ සුබ පැතුම්! (ස)
කතාව වගේම වැඩ තිබුනොත් ජනතාවට සුබ වෙයි. (ර)
මීට කලිනුත් දෙන්නෙක් ඔහොම කියාගෙන ඇවිල්ලා යස අපූරුවට කියපුව අමතක කළා.(නදී)
මෙනු- දිගු කතාවෙන් පේනවා ඔබ ලබන තාවකාලික වූ වින්දනයේ අපූර්වත්වය.ජන 9 වෙනිදගෙන් පස්සේ මොකද කරන්න හිතාගෙන ඉන්නේ? එදාට මෝඩ චූන් ඉවරයි.(ස)
ඔබ කියන දේවල් කෙරෙනවානම් කවවූරු රට පාලනය කලත් අපට ප්‍රශ්නයක් නැ. (ර)
ජය වේ මෛත්‍රී (නදී)
චන්ද්‍රිකා බලයේ ඉන්නකොට නොකරපු දේවල් දැන් කරගන්න හදනවා.මේක පැහැදිලි කුහකකම මිසක් වෙන මොනවද. සිරිසෙන මහතාව ඉත්තෙක් විදියට පාවිච්චිකරලා යූද්දේ ඉවර වෙන්න කලින් තිබ්බ තත්වයට රට පත් කරන්න යන්නේ. මේ පිටු පස ඉන්න මනෝගනේෂන්ලා,අසද්සලිලා,වික්රමබහුල වැනි දේශ ද්‍රෝහීන් හින්ද මේ යන්න යන ගමන ගැන ඉතා පැහැදිලි.අනේ කෝ ඔයාගේ ප්‍රත්පති. (අ)
අලුත් ගමනකට මුල පිරුවට ඔබට සුබ පැතුම්.! (ර)
අපිට ඕන රට දිනවන්න මිසක් පවුලක් දිනවන්න නෙවෙයි. (නදී)
මේ පාර රජරටට ජනාදිපති කම ගෙනියනවා අපි ඔබ සමගයි ! ජයවේවා ! (ර)
ඔබතුමාට ජයක්ම වේවායි පතමි. හැබැයි චන්ද්‍රීකා නම් ඇණයක් වේවි. (නදී)
රට බෙදන්න ඉඩ දෙන්නේ නෑ කියල මම පොරොන්දු උනේ නැහැ. (ම)
චමින්ද, ඔබ කියන දේ හරි. මේ ක්‍රමය වෙනස් කරන්න හෝ මොකක් කරන්නත් පොදු අපේක්ෂකයෙක් හොයා ගන්න තිබුනේ නැහැ. මෙතෙක් තිබුන ප්‍රශ්නේ ඒකයි. දැන් එ්කත් ඉවරයි. (නදී)
දින සියයකින් ඉටු නොකෙරෙන බව සහතිකයි.(හේ)
මම නම් හිතන්නේ ත්‍රෛිපාල සිරිසේන මහතා ගත් තීන්දුව රටෙි ජනතාවගේ සුභ සිද්දිය වෙනුවෙන් ගත් හොඳ තින්දුවක් බවයි. දැන් රට යන්නේ විදායක කියන කැඳ හැලිය උඩයි. පවුල් වාදය පෙරටු කරගෙන රටෙි සියලු බලතල අතට ගෙන මාද්‍ය නිදහස නැතිකර ඇත. පොලිස් බලතල අතට ගෙන. අධිකරණයේ බලතල අතට ගෙන ඇත. මෙවන් තත්වයන් නැති කිරිම සදහා ඔබ තුමා පොදු විපකෂයේ පොදු අපේක්ෂකයා විම රටෙි ජනතාවගේ ඉදිරි ජයක් යයි සිතමි. (නදී)
සියලු දෙනාටම අපේ උත්තමාචාරය හිතන්නවත් බැරි දේවල් සිද්ද වෙනවා අනිත් පාරවල් වල වගේ සාමාන්‍ය ජනතාව වන අපි අනාත නොවී පිවිතුරු හෙටක් ප්‍රාර්ථනා කරමු ජයවේවා! (අ)
බමුණු වගේ අයට තමා අපි කියන්නේ ගුණමකුවෝ කියලා. ඇයි අපි ගැති නොවී නිදහස්ව සිතන නිසාද? අසූචි ගොඩේ ඉන්න පනුවට එය සුරපුරක්ලු (නදී)
අනේ අපොයි මෛත්‍රී.. අපේ ජනාධිපතිතුමා කවදාටත් මහින්ද මහත්තයා තමයි.යුද්දෙන් අපේ හිත වල තිබ්බ බය නැති කලේ එතුමා.දෙවියොත් එතුමාව රැකගනිවී.ජනවාරි 8 උදෙන්ම අපි එතුමා වෙනුවෙන් ඡන්දේ දානවා.පොදු අපේක්ෂක කවුරු උනත් මහින්දව පරද්දන්න බෑ. මහින්ද රාජපක්ෂ විරුවනෙනි ඔබතුමාට සදා ජය.ඔබ බේරා දුන් මේ මවුබිම ඔබටම ලැබේවා! (අ)
ඔබ ගත තීරණය අපි හැමෝම වෙනුවෙන් අනුන්ගේ බෝතලේට අද මිනිමරනවා (අ)
ජයවේවා , ජයවේවා , අපේ මෛත්‍රිපාල ජනාදිපති වන්නට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආධාරය පිහිට ලැබේවා , (අ)
ජනපතිතුමනි විරැකියාවෙන් පෙලෙන උපාදී දාරී අපිටත් රැකියා ලබා දෙන්න. අපේ සහයෝගය ඔබට දෙන්නම් (නදී)
මේ දවල් හීන දකින අසරණ වෙච්ච සෙනගක්. වතුරේ ගහගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවාලු. (නදී)
ඔබට ජය නියතයි. සාධාරණ මැතිවරණයක් වෙනවානම් (ම)
ජයවේ, ජයවේ.ජයවේ . ශ්‍රී ලංකා (අ)
ජනතාව බලය දෙන්නේ ජනතාව තලා පෙලන්න නොවේ, බොන්න වතුර ඉල්ලද්දී වෙඩි තබා මරන්න නොවේ….එසේ වෙඩි තබා දුප්පත් අහිංසක ජනතාව මැරූ ඝාතකයන්ට තානාපති කම් දෙන්නට නොවේ…මිනීමරු ඇමතිලා අහිංසක මිනිසුන්ගේ බෙලි කපන දිහා හිනා වෙවී බලා සිටින්නට නොවේ….අහිංසක මිනිසුන්ව ගස් බඳින දිහා හිනා වෙවී බලා සිටින්නට නොවේ….මහ මග ජනතා නායකයන් ඝාතනය කල කුඩු මුදලාලිලාට හමුදා ආරක්ෂාව දී, නඩු කාරයන්ව මාරු කොට නඩු යට ගහන්න නොවේ….මරණ බය ඇතිකොට ජන හඬ යටපත් කරන්නට නොවේ…. තම නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කරන අහිංසක සරසවි සිසුන්ට මැරයන් ලවා ඇස් එළියට පනින්න ගහන්න නොවේ….කුඩු මුදලාලිලා රජ කරවද්දී සරසවි සිසුන් හිරගෙවල් වලට දක්කන්න නොවේ…..ජනතාවට කොලේ වසා කැසිනෝ, ගනිකා ව්‍යාපාර ඇති කරන්න නොවේ…බහු ජාතික කොම්පැණි කාරයන්ගේ පැත්ත අරන් වකුගඩු ලෙඩෙන් දහස් ගනනින් මිනිස්සු මැරෙන්න අරින්න නොවේ….සිගරට් වලින් පිළිකා හැදෙන දැන්වීම පල කරන්න ඉඩ නොදී බහු ජාතික සමාගම් වලට ජනතාව මරන්න ඉඩ දෙන්න නොවේ….සල්ලි හම්බ කරගන්න, දූෂණ වංචා කරන්න නොවේ….. පවුල් පිටින්ම බලයෙන් උද්දාම වී බෞද්ධ නායකයන්ගේ විරෝධතා නොසලකා දළදා මාළිගාව ඉදිරිපිට කාර් රේස් පදින්න නොවේ….තම පවුල් බලය ගොඩ නගා ගන්න නොවේ….ජනතා ඡන්දයෙන් බලයට ඇවිත් ඒවා කරන උදවියට දේව ශාපය වදිනවා…(නදී)
කියන විධිහට කෙරෙනවනම් රටටත් හොඳ වී අපටත් හොඳ වේවි (ම)
නව රජයේ අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කරලා මෛත්‍රීපාල තුමා කොහෙද යන්නේ මොනවද කරන්නේ නාම මාත්‍රික ජනපති වෙලා ඉන්නවද මට පැහැදිලි මදි. (ර)
අපිට ඕන අපේ රටේ සුභ සිද්ධිය පමණයි . මේක තනි පුද්ගලයෙක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි. (අ)
මෙතන ඇත්තට ම වෙන්නේ මොකක් ද ? (හේ)
මේයාටත් වෙන්න යන්නෙත් ෆෝන්සේකා මහත්තයාට වුන දේම වග පේනවා ...රනිල් මහත්තයා මේ පාරත් බේරුනා එහෙනම් (හේ)
පරදිනවා සිකුරුයි (අ)
දැනටම රටට වෙලා තිබෙන විනාසය පෙන්නේ නැද්ද.(හේ)
රජ රට පුරවරය වෙනුවෙන් ඔබතුමා කළ උදාරතර සේවය අපිට මේ වෙලාවේ අමතක කරන්න පුළුවන්කමක් නෑ. මහවැලි ඇමති හැටියට සහ කෘෂිකර්ම ඇමති හැටියට ඔබතූමාගෙන් අපට සිදුවු අමිල මෙහෙය සදා ප්‍රශංසණියයි. පුලතිසි පුර ගොවි සෙම්පතියාණෙනි. රජ රට ගොවි ජනතාව සැමදා ඔබ සමගයි. ඔබට ජය නියතයි. (නදී)
වෙනකම් කියන්න අමාරුයි.(හේ)
ලංකාවට නියම නිදහස සෑම ජාතියකට සෑම ආගමකට ලැබෙන ප්‍රජාතන්තවාදය ලැබේවා. මෙයට මහන්සිවී වැඩ කළ සියලුම දෙනාට මගේ ප්‍රණාමය .(හේ)
අවුරුදු 30 තිබුන යුද්දය අවසන් කල මහින්ද රාජපක්ෂ මෙතිතුමනි ඔබට ජයවේවා.! (ර)
කියන අය ඕක ඔය විදියටම කරන්නේ නෑ.දිනනකන් විතරයි හැමදේම.(හේ)
අපි දන්නවා ඔබතුමා දිනනවා ජයවේවා අපි ඔබ එක්ක. (ර)
තිවංක,මනෝජ් සාජා ළඟ. (අ)
බන්දුල රාජකරුණා පෙරේරා බයිලා කියනවා. (නදී)
දැන් දන්නා විජ්ජාවල් ඔක්කොම දමාවි මේ මනුස්සයාගේ වැරද්දක් හොයල කට වහන්න. (නදී)
දේසපාලකයන් කියන්නේ,කවුද කියන එක අමුතුවෙන් කියනන් ඕනි නෑනේ (දිල්)
රනිල් ගේ දින 100 අපි මහින්ද දින්නේ වැඩි ඡන්ද ලක්ෂ 23 කින් ලියල තියාගන්න (අ)
හිරා. ඔබගේ අදහසට මමත් එකඟයි. අන්තිමේට සිරිසේන මහතාට සිදුවන්නේ පවුලේ සියල්ලන්ගේ සියල්ලම නැති කරගෙන පරණ විදිහටම අඹුඩයක් ගහගෙන කුඹුරු කොටන්නයි. (අ)
ජයවේවා....ජයවේවා....සමන් දන්තනාරායන ..මිලානෝ (අ)
පුදුම කරුමකක් ම තමි. මේ ඔක්කොම්ම රටට හෙනයක් . (අ)
ජය නියතයි (අ)
කව්රු ගියත් කව්රු ආවත් ජනතාව රට බේරා ගත ජනාදිපතිතුමා සමග බව මතක තියා ගන්න (නදී)
ඇමතිකමේ පීඩනය දරාගන්න බැරිලු. ඉතින් කොහොමද ජනාධිපති කමේ පීඩනය දරා ගන්නේ? දවස් 100 න් විධායක ධුරය ඉවත් කරනවලු. 18 සංශෝදනය ඉවත් කරනවලු. ඉතින් විධායක ධුරය නැත්නම් සංශෝදනය ඉවත් කිරීමේ අවශ්‍ය තාවයක් නැනේ. අයියෝ සිරිසේන මොනවද මේ කියන්නේ?(නදී)
මම පුද්ගලිකව අපේ රටේ පවතින ආණ්ඩුවට විරුද්ද නමුත් මේ එන්න හදන්නේ තවත් බලයට කෑදර පරිසක් බව අපි අමතක නොකළ යුතුයි. මටනම් පෙන්නේ ජනතාව කබලෙන් ලිපට වෙටෙන දිනය ඇත ළඟයි කියලයි. (අ)
දෙවි පිහිටෙන් ඔබ තුමා ජය ගනීවි. අපි හැමදා පැතූ ලස්සන ශ්‍රී ලංකාව ගොඩ නගන්නට ඔබටත්,විපක්ෂයේ හැමටත් ශක්තිය ලැබේවායි පතමි.ඔබට, රටට ජය ! (අ)
මම දන්නා විදිහට විදායක බලතල ජනාධිපති විසින් අයුතු ලෙස පාවිච්චි කරලා නැහැ. පාවිචිචි කලා නම් රට බේරා ගැනීම සඳහා පමණි. සියයට සීයක් නිවැරදිව ගෙන ගිය එකම ආණ්ඩුවක් වත් ලංකා ඉතිහාසයේ තිබිලත් නැහැ, එන්නෙත් නැහැ. හැමදේම සලකා බලන විට තියෙන ආණ්ඩුවම හොඳයි කියලා මට නම් හිතෙන්නේ. (නදී)
බොදුබල සේනාව දැන් අන්ද මන්ද වෙලා ඉන්නේ.ඒ ගොල්ලෝ හීනෙකින්වත් හිතුවේ නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපෙක්ෂකයා වෙයි කියලා. දැන් ඉතින් කාටද කඩේ යන්නේ. (නදී)
ලංකාවේ දේශපාලන මෙන්ම අනෙකුත් සියලුම සමාජ සංස්ථාවල පිරිහීම පෙන්වන කදිම අවස්තාවක් මේ. කෙටියෙන් කියනවානම් කුඩුකෙඩුකම් පිරි ඉතිරි ගිහින් (අ)
මේදා පාර තමයි පව් කළ හැමෝම ගෙදර යන වාරය . ඔබතුමා නියතවම ජය ගන්නවා හැමගේම අශිර්වාදය ඔබතුමාට තිබෙනවා රට පුර බෝඩ් ලෑලි එල්ලන්න ඕනේ නැහැ ජනතා ඡන්දය සල්ලි වලට දෙන්නේ නැහැ (හේ)
වයිර කළා ඇති ,දැන් මෛත්‍රී කරමු ! (අ)
මෙච්චර කාලයක් මහින්ද මහත්තය කලේ පක්ෂ දෙකට තුනට කඩලා විපක්ෂයේ මන්ත්‍රීවරු බිලි බාගෙන විපක්ෂය අඩපන කරපු එකනේ. විපක්ෂය අඩපන වෙනවා කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙනවා කියන එකයි. රනිල් මහත්මය තමන් ගැන විතරක් නොවෙයි. රටට වෙන්න යන විපත්තිය ගැනත් හිතල ගත්තු තීරණය නිවැරදියි. මහා ලොකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩපු එක මදිද? කොහොමද රනිල්ගේ වැඩ.මේ රටේ ඉන්නේ එල හරක් මී හරක් කියල කෙනෙක් හිතනවා නම් එයා තමයි නියම මී ගොනා. මොකද රටේ ජනතාව බුද්ධිමත්. කවුරු හරි ඉදිරියට එනකම් හිටපු බව, රට පුරා පත්තු කරපු බට්ටන්ගේ ශබ්දයෙන්ම හිතා ගන්න පුළුවන්. (අ)
හොඳ ප්‍රවෘතියක් (අ)
අපේ රටට අවශ්‍ය " මේනු " .....වගේ පුද්ගලයන්...........එහෙම නැතුව රට අගාදයට අරගෙන යනවා පෙනී පෙනීත් ඒවා අනුමත කරමින් අදහස් දාන එහෙහියන් නොවෙයි...මොවුන් හඳුන්වන්නේ ජීවත් වෙන මළමිනී කියලයි.....(අ)
ෆොන්සේකා 2 (නදී)
මේක විහිළුවක් වගේ නේද?(හේ)
කාලයක් තිස්සේ පිළියෙළ කළ වුණ සැලැස්මක් ක්‍රියාවට නංවා ඇති බවයි පෙනෙන්නේ. රජයේ බුද්ධි අංශ නිදාගෙන වෙන්න ඇති ඉන්න ඇත්තේ. (අ)
බන්දුල , ගාමිණී , නුවන්, මම ඔබලාගේ අදහස අනුමත කරනවා. (ර)
ඔය කියන විදියට කරන්න පුළුවන්ද.(හේ)
ලක් මවට නය නැති වීර පුතෙක්. අපි සැම ඔබ සමගයි. (අ)
උගත්කමක් නැති කෙනෙකුට රට ගියොත් කොහොම හිටීවිද?මෛත්‍රීගේ පුතා මීට ටික කලකට ඉහදී තම බලප්‍රදේශය තුල ඇති හෝටලයක් තලදී ඉහල පොලිස් නිලධාරියෙකුගේ බිරිඳට කල අතවරය එකල පුවත් හරහා එලි දැක්වුනි. ඒවා කොහොමද යටගැහුවේ. ඉතින් ඉදිරියේදී පොලිසියට ඔය කියන තරම් සහන මෙයාගෙන් ලැබෙයිද? බල කෑදරකමට පනින රිලව්.අපට මුල අමතක නැහැ.(අ)
මෛත්‍රීට දෙවි පිහිටයි. (ර)
අපේ ජනාධිපතිතුමාට දුර දක්නා නුවණක් තියෙනවා. ඒකයි එතුමා අඬ අඬා ඉල්ලද්දීත් අගමැතිකම දුදනෙකුට නො දුන්නේ. ඔය කෙහෙල්මල දීලා දැම්මනං මෙහෙම පනින්නේ නැහැනේ. තවමත් ජනාධිපතිතුමාගේ ගුණ ගයමින් ඉන්නවා. (අ)
ආණ්ඩුවට අවසාන තුරුම්පුවක් තිබෙන බව අමතක නොකළ යුතුයි. ගෝඨාභය සහ හමුදාව…. විමල්, වාසු, අමුණුගම, ඩිව්, දිනේෂ්, ජී.එල් සහ තව කීපදෙනෙකු හැරුන විට දැන් මහින්ද වටා ඉතුරු වී සිටින්නේ නූගත් මැර ටික පමණි. එබැවින්, රටේ ඉතිහාසයේ දරුණුම, මැර බලය වැඩියෙන්ම යෙදවෙන මැතිවරණය මෙන්ම පස්චාත් මැතිවරණ සමය මෙය විය හැක. (අ)
මෛත්‍රී ඔබට ජය (අ)
තම තමන්ගේ පුද්ගලික අපේක්ෂාවන් තෘප්තිමත් නොවීම නිසා ඉරිසියාව නිසා කුහක කම නිසා මහින්ද මහත්තයට විරුද්දව කදවුරු බදිනා මෙයාල මේ රට ගැන හිතල යන ගමනක් කියල කියනවනම් ඉතින් මේ රටේ ඉන්නේ එල හරක් හෝ මි හරක්ම විතරක් වෙන්න ඕන. මේ අහිංසකය මෙදා පාර ලනුව කෑව ..මෛත්‍රීපාලට අබ සරණයි..දේශපාලනයේ ඉහලම අනාගතයක් තිබුණු මෛත්‍රීපාල මහත්තය ජනපතිවරනෙන් පසු දේශපාලනයේ නන්නත්තාර චරිතයක් පමණක් වේවි...(අ)
බැලු බැල්මට මේ සිද්දිය මහා කඩා වැටීමක් වගේ පෙන්නුනට තව දවස් කීපයකින් සාමාන්‍ය මහා ජනතාව මේ ගැන මධ්‍යස්තව හිතන්න ගනී .ලංකාවේ මිනිස්සු පුද්ගලයෙකුට ඡන්දෙ දෙනකොට කරනා ගොඩක් සලකා බලනවා .මගේ තක්සේරුව අනුව මේ සිද්දිය මේ අය ජනාදිපති තුමාට බන්දේසියක තියල දුන්න බන්දෙසියට දරන්නත් බැරි තෑග්ගක් .ලංකාවේ මිනිස්සුන්ගේ ජන මනස හැසිරෙන හැටි අදුනගන්න පුළුවන් කෙනෙකුට ජනවාරි මාසේ දිනයක ලැබෙන ප්‍රතිපලය මොකක්ද කියල දැන් ඉදලම දන්නවා ඇති . (අ)
අයි අයි යෝ රනිල් මහින්ද මහත්තයා යටතේ අගමැති වෙලා හිටියනම් කොයිතරම් හොඳද දෙන්නා එකට කෝපි බිපු අයනේ. (ස)
පොඩ්ඩක් ඉන්න මෛත්‍රී කලබල නොවී.... රටෙන් උදුරාගෙන තිබෙන සම්පත් පිටරටවල ආයෝජනය කර තිබෙන සම්පත් හා දේපොළ අපේ රටට නැවත ලබා ගන්න තුරු .....(ස)
එල්.ටි.ටි.ඊ.එක එදා රට අල්ලගතා නම් ඔය නටන පාන්කඩ දේශපාලකයින්ට තියා අපිත වත් ලංකාවක් නැ. ධර්මපාල තුමා කිව්වේ බැනුම අහන්න පුලුවන් නම් සිංහලයන්ට කරන්න කියල .අවරුදු 30 එල්.ටි.ටි.ඊ කනකොට කව්රුත් කනව කිව්වේ නැ..........මහින්ද ජනපතිට ජයනියත් යි...(අ)
ඔබ තුමාට ජයවේවා නමට ඔබින ලෙස ඔබතුමා රටේ හොද පාලකයකු වේවා. විධායක ක්‍රමයට රටේ බහුතරයක් කැමති නෑ.විපක්ෂයේ තීරණය කාලෝචිතයි . (අ)
සක මොනවද ඩොනල්ඩ් මහත්තයෝ..ඒක එහෙම්මම තමයි..ජනාධිපතිවරණෙන් පස්සේ මෛත්‍රිපාල මහත්තයට වෙන්නේ පොළොන්නරුවට වෙලා කුබුරක් කොටාගෙන ඉන්න තමයි..පැරදුනු ගමන් ඔය ඔක්කොම කට්ටිය වාෂ්ප වෙනවා. (අ)
ලංකාදීප කතෘ මණ්ඩලය මධ්‍යස්ථ නැද්ද ? (ස)
නියම සංවේදී පුද්ගලයා අද තමයි හදුනා ගත්තේ.(හේ)
වරප්‍රසාද කැප කරලා රට වෙනුවෙන් ඉදියට අපු මෛත්‍රී ඇතුළු සියලු දෙනාට සුබ පතනවා. ජයෙන් ජය. (ර)
මේ සැරේ නම් වෙනසක් වෙනවමයි.(හේ)
සියල්ල කණපිට පෙරලන "මිලිටරි" පාලනයක "පුළුටු දුර්ගන්ධයක්" නහයට දැනෙනවා වගේ. මොකද මන්දා. (අ)
මෛත්‍රිපාල මැතිතුමා ගොවි මහතෙකුගේ පුතෙක් දුප්පතාගේ ගින්න දැනෙන කෙනෙක්. (ර)
අනේ මෙහෙමත් දේශපාලකයෝ.....විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කලාම ඔක්කොම හරිද?.....මේ ගොල්ලන්ට පුළුවන් ද ජාත්‍යන්තරයත් එක්ක හැප්පෙන්න... මේ වගේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලවල් කරන්න?(හේ)
බලනවිට ආණ්ඩුව ඇතුලත සිංහල කොටි ඉදල තියෙනව ,දැන් ඒ කොටින්ට කටු ඔටුනු පලදවන්න යු . එන්. පිය ලේස්තිවලා (ස)
රාජකරුණා කියන දෙය රාජ ගුරු ගෙන් වත් අහල තේරුම් කරගන්න ඕනා. පිටරට ඉඳල දෙකක් දාගත්ත ගමන් කියවන දෙයක්ද මන්දා (නදී)
අන්තිමට අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම නැති වේගනද යන්නේ (අ)
මහෝෂධ පණ්ඩිතයන් වැනි කෙනෙකු පහල වී ලංකාවේ ඡන්ද දායකයට නියම දේශපාලන යථාර්තය පැහැදිලි කරලා දෙන තුරු තව චිරාත් කාලයක් ජනතාව රැවෙටෙනවා. ජනතාව බුද්ධිමත් කියන්නේ බොරුවක්. එකම නරක් වූ දෙයක් විවිද අවස්ථාවල විවිද සළු පිලි වලින් වසා බොහෝ වාර ගණනක් මිනිසා රැවටිය හැකියි. තව බොහෝ කාලයක් යන තුරු (නදී)
ඇත්තද?(හේ)
ඔය පොදු අපේක්ෂකයාට ඡන්දය දෙන අය හොඳට මතක තියාගන්න ඔය ගොල්ලෝ හැමෝම කරන්නේ ත්‍රස්තවාදයෙන් බේරගත්ත රට නැවතත් කොටින්ට බිලිදෙන එක. දේශපාලනය කරන්නත් රටක් තියෙන්න ඕනේ. (නදී)
මනෝජ්-රටේ දේශපාලනයයි, දේශපාලක්යොයි ගැන නොදැන ජාත්‍යන්තර බයිලා ගහන්න ඕනේ නැහැ. (නදී)
ඇත්තටම මොකද්ද වෙන්නෙ කියලා බලන්න. මේ අල් ජසීරා එකේ ගිය එකක්. අයි.ටී.එන් එකේ නෙවේ. කුමන්ත්‍රණ සහ පාවාදීම් අස්සේ කවුද ඉන්නේ කියල තේරුම් ගන්න. (නදී)
මේනු ඔබගේ අදහස අගය කරමි මෛත්‍රී අනාගත ජනපති ඔබයි (නදී)
මම කැමැති ජන නායකයෙක් ඔබ තුමාට බුදු සරණි.... (අ)
රට පාලනයට එකම සුදුස්සා මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමා නමුත් වටේ ඉන්න නරි ටික ජනාදිපති තුමාගේ අගය හීන කරනවා. ඔබතුමාගේ වටේ ඉන්න නරි නොව ඔබතුමා වටේ රැස්ව සිටින මහජනතාව ගැන හිතා වැඩ කලොත් ශ්‍රි ලංකාවේ හැමදාම ජනාදිපතිතුමා ඔබයි. (නදී)
රාජපක්ෂ ලන්තයක් ද අවශ්‍ය ඔයාලට හිතන්න (අ)
ගරැ මහින්ද ජනාධිපති තුමනි අප ඔබ සමගයි. ජය වේවා (අ)
"දින සීයකින් විධායක ජනපති ක්‍රමය අහෝසියි" දවල් හීන දකින මෝඩ රැලක් ! (නදී)
අපේ පවුලේ තිබෙන සියලුම ඡන්ද ඔබතුමාටයි. (හේ)
මෙහි අදහස් දක්වන සමහරු ලිදේම මැඩියෝ තමයි.මුල අමතක කරන අදුරේ අතපත ගානා අපතයෝයි. (අ)
ගාමිණී ලංකාවේ මිනිස්සු ඡන්දෙ දෙනකොට ගොඩක් හිතනවානම් කුඩු කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ. (අ)
ඔය කවුරු පිල් මාරු කළත් අපිට ඇති සෙතක් නැහැ.(හේ)
ජය වේවා.සරත් ෆොන්සේකා මහතාගේ නැති කල සියලු දේ ලබා දෙන්න (අ)
සරත් ෆොන්සේකා මහතාගේ නැති කළ සියලු දේ ලබා දෙන්න.(හේ)
මම නම් 8 වෙනිදා උදෙන්ම ගිහින් පොදු අපේක්ෂකයාට මගේ ඡන්දය දෙනවා. මම පවුල් වාදයට තදින්ම විරුද්ධයි (නදී)
සුනෙත් හේමන්ත කතෘ මණ්ඩලය මධ්‍යස්ත නිසා තමයි බන්දුල පෙරේරා වැනි ශිෂ්ඨ භාෂාවෙන් විරුද්ධ මත දරන උදවිය අමතන්න වත් දන්නේ නැති අයටත්, කවදාවත් අර සුප්‍රසිද්ධ පත්තර වල දේශපාලන අදහසක් ලියන්න නොලැබෙන උදවියටත් සෙසු මධ්‍යස්ත මත දාරින්ටත් එක ලෙසම මෙතන ඉඩ සලසන්නේ. (නදී)
දැන් කරන්න දෙයක් නැත සදා සොත්ති. (අ)
රෙද්ද බැනියම අදින පොළොන්නරු යුගයේ මහරජාණනි.(හේ)
හොඳ සටනක් තියේවි.එත් සුළු ප්‍රමාණයකින් හෝ මහින්ද දිනන බව මගේ අදහසයි.යුද ජය හා දේශපාලන පරිනත භාවය හා දේශප්‍රේමී ජන බලවේග ඔහුට සහාය දෙවි අනික් පැත්තේ තිරය පිටුපස චන්ද්‍රික හා රනිල් ඉන්න නිසා. (අ)
ඊයේ වෙනකන් සීගිරි ගල වගේ හයියට තිබූ මහින්ද ගේ ආණ්ඩුව පුපුරා හැලී අවසානය. බලය විනාශකාරීය. පමණ ඉක්ම වූ බලය නියත වශයෙන් ම විනාශකාරීය. මාස ගණනකට පෙර මැද,පෙරදිග වූයෙත් ඔය ටිකය. කෝටි ගණන් වංචා කරමින් සැප විදිමින් අද හිර ගෙදර ඉන්නා ජයලලිතා එදවස තමිල්නාඩු ජනතාව ඇමතුවේ "අම්මා"කියලා ය. අද අපේ ආඩම්බරකාර තාත්තා වගේමය. සීසර්ට පිහියෙන් අනිනකන්ම බෲටස් පිහියෙන් අනීවිය කියා සීසර් නොසිතුවේලු. ඉතින් සියලු දෙනාම ඇන්න පසු අන්තිමට බෲටස් පිහියෙන් ඇන්න විට "බෲටස් ඔබත් ?" කියා සීසර් ඇසුවේලු. සීසර් යුද්ධ දිනා බලකාමයෙන් මත්ව තමා රජවෙන්නට හීන මැව්වේය. සෙනෙට් සභාව නොතැකීය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්,රෝමය වෙනුවෙන් බෲටස් පිහියෙන් ඇන්නේය. හිනාවෙවී,සිනාමුසු මුහුණින් ඡන්ද පවත්වමින් සොදුරු ආඥාදායකත්වයක් කරා රට ගමන් කරමින් සිටී. වංචාව දූෂණය ඉහවහා ගිහින්,යුක්තියක් නෑ, නීතියේ ආධිපත්‍යක් නෑ. මේ ටික කිව්වේ රනිල් වික්‍රමසිංහ නොවේ,අනුර කුමාර දිසානායක ද නොවේ. අද දවල් වනතුරුත් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රභල මන්ත්‍රීවරයෙකු වූත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වූත් මෛත්‍රීපාල සිරිසේන මහතාය. අද රටේම පොදු අපේක්ෂාව වන පොදු අපේක්ෂකයා ය. ඉතිං තව දුරටත් යුද්ධයෙන්,පාරවල් වලින් කොන්ක්‍රීට් වලින් මේ බොරුව හා රටට වන විනාශය සගවන්නට බැරිය. ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්නට බැරිව උසාවිය පැයගණන් තැප්ප හැටිද , සිගරට් පැකට් එකේ රූප ටික දාගන්න බැරුව වින්ද දුකද මෛත්‍රී කීවේය. කදුලින් දෙනෙත් තෙමීය. ඒවා මහින්දගේ වගේ මිනිස්සු දුටුවිට ක්ෂණයෙන් එන කදුලු නොවේ. වසර ගණනක වේදනාව ය. අප නොදන්නා කරුණු බොහොමයක් හෙට අනිද්දාට එළියට බහින්නට ඉන්න රටට ආදරේ කරන මිනිස්සු ටික කියාවිය. පක්ෂ දේශපාලනය මත පදනම් නොවී රට ගැන සිතන හෘද සාක්ෂියේ දේශපාලනය හොරුන් එලවන්නට අද අප කලයුතු ය. දින සියයකින් විධායක ජනාධිපති ධූරය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර රට ප්‍රජාතන්ත්‍රවාදයට අවතීර්ණ කිරීම මෛත්‍රී ගේ අරමුණය. රස්සාවකට,මෝටර් සයිකලයකට,බත් පැකට් එකකට, අරක්කු කාලක ට ලංකාවේ ජනතාව තවදුරටත් නොරැවෙටෙන බව පෙන්වාදිය යුතුය. ග්‍රහතාරකා, අනාවැකි,වශි ගුලි වලට වඩා ජනතාවගේ කතිරය බලවත් බව පෙන්වාදිය යුතුය. අනාගත ලංකාවේ ජනතාවගේ අභිවෘද්ධියේ, ප්‍රජාතන්ත්‍රවාදයේ,සිතීමේ කතාකිරීමේ නිදහසේ හැරවුම් ලක්ෂය අද අපිය. මතු කියැවෙන ලංකා ඉතිහාසයේ නිහඩ වීරයෝ අපිය. ඉදින් මෛත්‍රී යුගයක් අරඹමු (නදී)
මොනවා වුණත් ආරක්ෂක ලේකම් හැටියට ගෝටව තියාගන්න කියල නව ජනාධිපතිට ඉල්ලීමක් කරනවා. සත්‍ය වශයෙන් වැඩ කාරයා ඔහුය. පක්ෂ පාට නොබලා සුදුස්සාට මේ තැන දෙන්න. (අ)
සැබෑ වෙනසක්! ඔන්න ඕක තමයි අපිත් බලාපොරොත්තු උනේ. (නදී)
ඔබ තුමා ගත් තීරණය ඉක්මන් වැඩ්යි.මීට වඩා හිතන්න තිබුණා.දින සීයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කලාම ඊට පස්සේ විපක්ෂයේ ඉදගෙන ඔබ තුමා විසින් පත් කරන අගමැති යටතේ බල රහිත ජනාධිපති කෙනෙක් වෙනවා නේද?ඔබ තුමා කවදාවත් දිනන්න බැරි විපක්ෂයට ඔක්සිජන් දීලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?ඔබ තුමා ඉතාමත් හොද ගුණ යහපත් කෙනෙක් .ඔබ තෝරා ගත්තේ නිවැරදි මාවතක් නොවන බව මගේ විශ්වාසයයි . (හේ)
මේ වගේ අය ගොඩක් තවමත් ආණ්ඩුවේ ඇතුලේ ඉන්න බව ජනපති තුමා හොදින් දනී. ඒ අයටත් අද හෙට ටිකට් එක ලැබෙනවා.ඒ අයට යනවානම් යන්න දැනටත් දොර ඇරලා තියෙන්නේ.ශ්‍රීලනිප ශුද්ධ වන්නේ එවිටයි.(හේ)
මේ දූෂිත පාලනය වෙනස් වෙනවා නම් මට එ් ඇති. බඩු මිල අඩුවෙන්න උවමනා නැහැ යහපාලනය ලැබෙනවා නම් ඒ ඇති. (නදී)
රනිල් ඇතුලු විපක්ෂය බළල්ලු ලවුවා කොස් ඇට බාවනවා.මොන කෙහෙල් මලටද රනිල්ට අගමැති කම දෙන්නේ ?.සිරිසේන මහත්තය විධායක බලතල අහෝසි කරනවානම් ජනාදිපති වෙන්නේ නමට පමණක්ද?.මොනවා උනත් නොදන්නා යකාට වඩා දන්නා යකා අපිට හොදයි. (අ)
ඔබට රටට ජය.! සියලු පක්ෂ ඒකරාශී වීම රටේ අනාගතයට සුබ පතමි. (ර)
මාරු...මාරු.... දැන් උන ගැනිල.(අ)
මිස් හෝ මිසිස් ජනනි. ! ඔය අගමැති තනතුර ඇතුළු තනතුරු දුන්නේ කාටද කොහොමද කියල දෙකේ පන්තියේ අයටත් පේනවා. ඔබතුමිට නොපෙනුනාට. පක්ෂෙට නැහිගෙන වැඩ කල පරණ ශ්‍රී ලංකා කාරයන්ට කටක් අරින්න බැරි විදියට යන්තම් ගෑවෙන්න මොනවා. (අ)
කට්ටිය බොහොම බය වෙලා වගේ කියවනවා. වැඩිය ඕන නැහැ ගත්තු නය වාරිකය ගෙවා ගන්න බැරිව එ්කට පොලිය ගෙවන රටක් ලංකාවේ කියන්නේ. අවුරුදු 17 ක පාලනයේ අරුමය තමා. තෙල් සංස්ථාව ,ගුවන් සමාගම්,විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ ඇයි? (නදී)
අපටත් රජෙක් පහලව ඇත්තේ.......මේ වගේ රජෙක් වෙන්න ගිය කෙනෙක් තමයි නිරපරාදේ විනාස වෙන්නේ.මේ රජාට එහෙම වෙන්න නොදෙන්න තමයි අපි මෛත්‍රී තෝරාගත්තේ.... (ස)
පිටුපස සිට පිහියෙන් අනින අය කවදා හෝ රටටත් පිහියෙන් අනිනවාමයි. විදේශ බලවේග වලට සහ දේශීය කුහකයන්ට අවශ්‍ය මහින්දව අයින් කරගන්න පමණි. රටට හෙන ගැහැව්වත් උන්ට කමක් නැත. රූකඩයක් පත් කරගත්තම ඕන විදියට නටවන්න පුළුවන්නේ. (නදී)
ජයවේවා! (නි)
සාධාරණ මැතිවරණයක් පැවැත්වේවා.ඔබට ජයවේවා.(හේ)
මෛත්‍ර්‍රීපාල න්‍යායක් (ස)
රාජකරුණා ඉස්සර අපි බය උනේ කොටියට. දැන් අපි අපේම අයට බයවෙලා එය ඊට වැඩිය භයානකයි නේද? මොකද අපේ එකාට අපට අනතුරු කිරීම බොහොම ලෙහෙසීයි. රටේ නීතිය නොමැතිවීම සියල්ලටම වැඩිය භයානකයි. ඔබට ඒ භය නැද්ද? (නදී)
ගරු ජනාදිපතිතුමනි, සියලු පක්ෂ එකතුවී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත්කර ඇති අවස්ථාවේ හැමෝම ඔහුට සහය දෙමු. සංධාණයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර ඔහුට නිතරගයෙන් ජයලබා දෙමු. (අ)
ජාතික ප්‍රතිපත්තියක් නැති, රටේ ආදිවාසීන්ට ප්‍රමුකස්ථානය නොදුන් සිංහල බෞද්දයාගේන් ලැබුණු ජනවරම ඉතා ඉක්මනින් අමතක කල මුරණ්ඩු මහින්දට මේවා හොද පාඩම්. රජුන් තනන්නත් රජුන් නැති කරන්නත් සංගයාවහන්සේට ඇති ශක්තියේ සැබෑ අරුත තමයි මෙය. අපූරු තීරණයක් (අ)
සිල්වා කියන හැටියට ශ්‍රී ල නි ප සුද්ද්ධ කරන්න හදන්නේ පක්ෂයට දරදිය ඇද්ද මිනිස්සුන්ට පල නොකිය පලා බෙදලා, අර කොහෙන්වත් පැනල ආපු එහෙයිය්යන් ටික පක්ෂයේ ලොකු තනතුරු දීල තියාගන්න හැටියට . (අ)
මෙතෙක් විධායකය අහෝසි කරන බවට පොරෙන්දුදී පත්වූ සැවොම කළ අපරාධ සහගත රැවටීමෙන් දුරුව මෙවර විශ්වාසයක් තැබිය හැකි ලක්ෂණයක් පෙනීයාම මහත් සතුටකි. ජයමවේවා! දිනුමද සහතිකයි. (අ)
උපන් දිනේ දා පිරිකර පුජාවට අරන්, දැලිපිහිය ඉනේ ගහ ගෙන දම්මපදෙන් මෛත්‍රිය මැතිරුවා.(ස)
හැමෝම මුලික බලයට එන්න කලින් ඕව තම කියන්නේ. ඒත් අවට පස්සේ කිසිම දෙයක් මතක නැ.අපිත් මොනවා කීවත් මේ කිසිම දෙයක් වැඩක්න.පුස්සක් විතරයි.මම කාටවත් ඡන්දෙ දෙන්නේ නැ.එට වැඩ හොදය අත කැප ගන්නවා. නැත්නම් අත පොලවේ ගහනවා. අපිට ඕන ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි මහතා වගේ කෙනෙක්.අන්න එදාට මම ඡන්දෙ දෙනවා.හොරුන්ට උදව් නොකරන්න මට කිසිම කෙනෙක් කියදෙල නැ.මට දුක අපේ දරුවන්ට ඉන්න රටක් නැතී වෙන එකට.මගේ රටට දළදා හිමි සරනයි (අ)
ජය වේවා නැවත නීතියේ අාධිපත්‍ය දිදුල රටක් හැදීමට අපි ඔබ සමග (ම)
මම හුනා කිව වගේ කියන්නම් .උඩින්ම සිරිසේන මහත්තය පරාදයි.මොනවා වුණත් රනිල් නම් හොදම නුල් සුත්තර කාරයෙක් .මේ පාරත් කොහොම හරි ඇග බේරගත්තා.අයියෝ සිරිසේන කියල තමා කියන්න වෙන්නේ .(අ)
මේක සමහරු තමන් කැමති දේශපාලකයා පිළිබඳ පුද්ගලික ප්‍රශ්නයක් කරගෙන. හරියට පන්තියේ මොනිටර් කම හැම අවුරුද්දේම තමන්ගේ තමන්ගේ ළමයටම ලැබෙන්න ඕන කියලා අඬන මව්පියන් වගේ සමහරුන්ගේ කතාව. පුද්ගලයා නෙවෙයි මේ තනතුර නිසා රටේ ඇති වී තිබෙන තත්වය තේරුම් ගන්න. (හේ)
හැබැටම තුරුම්පු ආසියා කොලේ කා ලඟද? (අ)
මොනවා නැතත් නැවත තැන් තැන් වල බෝම්බ පුපුරන යුගයක් උදාවෙනවා. (නදී)
මට හිතෙන විදියට හොඳ සටනක් තියේවි. ගොඩක් මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ දුෂණයයි, රටේ නීතියක් නැති එකයි නිසා. ජනධිපතිවරණය කිට්ටු වෙනකොට සමහරවිට මෛත්‍රීට අවස්ථාවක් එකක් තියෙන්න ඉඩ තියෙනවා. (අ)
රටට අවංකවම සේවයක් කලේ මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමා පමණයි. එදා කොළඹ කුණු කන්දක් අද කොච්චර ලස්සනද.. ඔය පම්පෝරි ගහන රනිල්ලා චන්ද්‍රිකාල මොනවද කරේ රටේ තිබ්බ සම්පත් ඔක්කොම වික්කා එකයි..ජනාදිපති වටේ ඉන්න හොරු ටික යන එක පක්ෂයට වගේම රටටත් හොඳයි..අනාගත ජනාදිපති හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමාට ජයවේවා. (නදී)
ෆෝන්සේකාටත් වුණ දේ මෙයාටත් වෙයිද?(හේ)
ඔබ තුමා ගත් තීරණය යහපත් නෑ..(හේ)
මෛත්‍රී දිනලා එන්නේ විධායක රනිල් නම් මොකක්ද එ්කේ තේරුම ? රනිල්ට දිනන්න බැරිනිසා මෛත්‍රී දැම්ම කියන එක නේද ? එතකොට කරන්නේ ඡන්දදායකයට කොකා පෙන්නීම නෙමෙයිද ? (නදී)
අනේ කොහොම හරි මගේ රට හදන්න නීතිය ක්රියාත්මක කරන්න වෙන මොකුත් එපා.(හේ)
ජනතාව බුද්ධිමත් කියන්නේ බොරුවක්. එකම නරක් වූ දෙයක් විවිධ අවස්ථාවල විවිද සළු පිලි වලින් වසා බොහෝ වාර ගණනක් මිනිසා රැවෙටිය හැකයි. තව බොහෝ බොහෝ කාලයක් යන තුරු. (ර)
බදාගත් දේශපාලන පක්ෂයක් නැති මම කවදත් ප්‍රර්ථනා කරන්නේ රටට යහපතක්. (ර)
අර එහා පැත්තේ ඉන්න නෝනා ඕක දෙපාරක්ම අහෝසිකලා නේද? දැන් මොකක් අහෝසි කරන්නද? (අ)
මිට පෙර පොදු අපේක්ෂකයා අද පැත්තකට තල්ලු වී සිටින්නේ වටේ සිටි ආඬි ටික කළ හරිය නිසාය. මේ මහතාටත් සිදුවන්නේ දේශපාලනයේ අනාත වීමටය. ජනාධිපතිතුමා විධායකය ඉවත් කරාවි. එතුමා පරද්දන්නට සිතන අපි පරාදය.(හේ)
මෙයා විධායක ජනාධිපතිකම අහෝසි කරලා රට බාර දෙන්නේ රනිල්ට අමතක කරන්න එපා මෙයා එන්න කලින් පොදු අපේක්ෂකයා විදියට රනිල් ටී.එන්.ඒ එකත් එක්ක සාකච්ඡා කරලා දෙන්න පොරොන්දු වුණු දේවල් මොකද තවම මෛත්‍රීවත් දන්නේ නෑ ඒ දෙන්න පොරොන්දු වුණු දේවල් මතකනේ රනිල් අවුරුදු දෙකකදී කල කි දේ ඔයාල හැමෝටම (අ)
මේ සිවිල් යුද්ධයක පෙරනිමිතිද ?(හේ)
ජය වේවා (අ)
මම ජය ප්‍රර්ථනා කරනවා. (ර)
අනේ ඔබ තුමාගේ ආරක්ෂාව ගැනත් ප්‍රමුකතාවයක් දීල ඉන්න. (ර)
ඒ කියන්නේ එජාපයට මැතිවරණයට දමන්න කෙනෙක් නැහැ.(අ)
දැන් හෙළ උරුමය හා ජ වී පෙ මේකට නෑ නේද? (හේ)
අපි කලක් තිස්සේ පිට රට ඉඳලා ඩොලර් එවන ගමන් දැක්කේ මේ රටවලුත් ඉස්සර කොටියට සලකපු හැටි. දැන් දෙවි පිහිටෙන් අපිට බය නැතුව ලංකාවේ කියන්න පුළුවන් විතරක් නෙමෙයි කොටින් අපට මෙහෙ කරදර කරන එකත් නැතුව හිටියේ. එ්ත් පහුගිය දින දෙකේ කොටියා නැවත දත් විලිස්සනවා ජයටම. වටේට යන ඊමේල් ගොඩම ඇති. කරුණාකරලා රටට වෙන්න පුළුවන් හොඳ නරක දෙකම හිතන්න. මහින්ද හොඳ නැත්නම් වෙනම දෙයක් එහෙත් අපි කබලෙන් ලිපටද යන්නේ? දින 100 ඉවර වුණාම පොළොන්නරුවට නැවත කාලිංග මාග ඒවිද? එතකොට ගල් විහාරය ඉතුරු කරාවිද? එහි වැසියන්ට මොනවා කරාවිද?මෛත්‍රී මහතාණෙනි නැවත හොඳට හිතන්න. පොළොන්නරු වැසියනි හොඳට හිතන්න (නදී)
මෙයා ගොඩක් ජාති දෙනවා කරනවා කියනවා. ඒ උනාට ඇට අටක් දෙනවා කියල කියන්නේ නැහැනේ ඒකනිසා මෙයානම් මහා බොරුකාරයෙක්. මම නම් ඡන්දේ දෙන්නේ නැහැ මෙයාට නම්. අපිට ඡන්දෙ දෙන්න යන්න හරි, මහපාරේ බියසැක නැති කරපු අපේ මහවිරු මහින්ද ජනාදිපති තුමන්ට මගේ ප්‍රණාමය සහ සුභ ප්‍රර්ථනා! (නදී)
සිල්වා කාගේ කාගේත් පුතාලගේ කිල්ලෝට වල හුණු ටික ටික තිබෙනවා. ඒ නිසා මෙතන එක කිල්ලෝටයක් විතරක් දිග ඇර ගන්න ලෑස්ති වෙන්න එපා. අපි අනිත් ඒවා දිග අරිනවා. (අ)
මේක මේ අවස්ථාවේදී ඉතාම උච්ච අවස්ථාවක් හැටියට පෙනුනට,හැමදේම ඉක්මනින් අමතක වෙන අපේ අය නැවත වරක් සිතා බලයි.තව මාස දෙකක් තියෙනවනේ.මිනිස්සු සිත බැලිය යුත්තේ,බලය ලබාගන්න බැරි අය කාගේ හරි කර මතින් යවලා ලැබූ නිදහස අපහු හරවනවද නැතිනම් නරක දන්නා යකාම හොඳද කියලා.(හේ)
ඔබ තුමාගේ දේශපාලන ජීවිතයට අවරුදු 25 ක් පිරුණ වෙලාවේ පොළොන්නරුවේ පැවති උපහාර උළෙලකදී කියල තිබුණ මතකයි පොළොන්නරුවේ තරුණයින්ට තැන දීල දේශපාලනයෙන් විශ්‍රාම ගන්න අදහසක් තියනවා කියල. ඒක එකක්. ඖෂධ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක ලවා අනුමත කරවා ගන්න මාස 6 කටත් වඩා කාලයක් ඉන්න ඔබතුමාට සිද්ධ උනා කියල ඔබතුමාම ප්‍රකාශ කරලා තිබුණ. ඔබ තුමා දැන් කියනවා දිනලා දවස් 100 කින් ව්‍යවස්ථාව වෙනස් කරනවා කියල. මේක ප්‍රායෝගික ව වෙයිද? (නදී)
චන්ද්‍රිකා නෝනට කියන්න තියෙන්නේ අපි මැරිලා ඉපදිලා නැහැ කියල තමයි. එයාගේ කාලේ රටට කරපු එක වැඩක් කියන්න. (නදී)
ජයවේවා. ගම්පහ අපෙන් සුබ පැතුම්.(හේ)
ඔබතුමා පොළොන්නරුවේ නිසාද දන්නේ නෑ මේ උගුලට ලේසියෙන් අහුවෙලා තියෙන්නේ. (නදී)
මේ හැමෝම ජනාධිපති වෙන්න කලින් කියන කතාව මේකම තමා. 94 දී චන්ද්‍රිකා, 2005 දී මහින්ද, දැන් සිරිසේන. ඉස්සරහටත් ජනතාවට අබ සරනම තමා. (අ)
මම ප්‍රර්ථනා කරපු දෙයක්. අනිවා දිනනවාමයි. අපෙන් සුභ පැතුම්. (නදී)
මේ මැතිවරණයේ දී එ.ජා.ප. ය ජයග්‍රහණය කිරීමටත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කිරීමටත් තිබෙන විශිෂ්ට අවස්තාවක් අහිමි වීම ගැන එ.ජා.ප. පාක්ෂිකයෙකු වශයෙන් මගේ හිතට ලොකු වේදනාවක් දැනෙනවා. (නදී)
දුටුගැමුණු රජතුමා වත් සාලිය කුමාරයා වෙනුවෙන් රජකම අල්ලා ගෙන හිට්යේ නැහැ. (අ)
සිවිල් යුද්ධයක (අ)
සිල්වාට මතක නැද්ද අර විනිසුරුවාට වෙච්ච දේ ? (අ)
සරත් ෆොන්සේකා මහතාට ඉදිරි රජයේ ආරක්ෂක ඇමතිකම ලැබේවා කියලා පතනවා.ඉතිරි ටික එතුමා බලාගනීවි. (නි)
පවතින දුෂිත ක්‍රමයට හැමදා කඩේ යන කෙනෙක් ජනතාවට හීන හා යථාර්තය අතර වෙනස ගැන කියා දෙනවා. (ස)
අනේ යන්න සිල්වා .එතකොට අනිත් අයගේ පුතාල සිල් අරන්ද ? අපේ කට අවුස්සා ගන්න එපා. . . අර ක්‍රීඩා පිට්ටනියේදී වුනේ කියල හොඳට මතක් කර ගන්න. (අ)
රටම බලාහිටිය වෙනස (නි)
මෛත්‍රීපාල මහත්තයා ඇත්තටම හොද මනුස්සයෙක් වගේ අපිට දැනුනා. එත්? මේ පිම්ම පැන්නේ , පැනල විවේචනය කලේ ඇයි කියලා ප්‍රශ්නයක් .... මෙතුමාට පොදු අපේක්ෂක තනතුර නොලැබුනානම් තවමත් ආණ්ඩුවේ නේද?(හේ)
ඊයේ වෙනකන් ආණ්ඩුවේ ඉඳන් කිරි පැණි කනකොට ඔය ටික මතක් උනේ නැද්ද? ඔබ තුමා ඉදිරියට කරන්නෙත්, දැන් ඉන්න කෙනා කරන දෙයම තමයි මහත්තයෝ. කටිනුයි අහවල් එකෙනුයි කතා කරනවා කියන්නේ ඕකට තමයි. ජනාධිපති ප්‍රේමදාස වගේ මනුස්සයෙක් ආයිත් එන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස අවොත් ජනතාවට සහනයක් ලැබෙයි. අනිත් හැම කෙනාම පැත්ත මාරුකරන බඩගෝස්තර වාදියෝ. (නදී)
බලමු ජනවාරී මාසයෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියලා (දිල්)
ජනනි ලොකුහේවා, ඕක කවද සිද්ධ වෙන දෙයක්ද ? (ර)
රටට ලැබුන ලොකුම සම්පතක් තමයි මහින්ද රාජපක්ෂ. ගෝඨාභය අපේ පිනට ලැබුන කෙනෙක්. ඔවුන්ගේ වටේ හිටපු හොරු දැන් අයින්වෙනවා. මහින්ද මහත්තයෝ මෙවර ඡන්දෙන් පස්සේ හොරුන්වයි ගොන්නුයි රටේ පාලනයට ගංඩ එපා. දුප්පත් ජනයාගේ ජීවන මට්ටම ගොඩ දාන්ඩ පුළුවන් මොලයක් තියන මිනිස්සු ලංකරගෙන මිනිස්සුන්ගේ පොදු ප්‍රශ්න වලටත් මොලෙන් උත්තර දෙන්ඩ (නදී)
මැතිතුමණි ඔබට ජය! (ර)
මානුෂීය මෙහෙයුම අංක දෙක. (නි)
නලින්.මම බයෙන් හිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් වෙනම තරග කරාවි කියලා. දැන් තමයි නියම තැනට අපි ඇවිත් ඉන්නේ. පොදු පෙරමුණේ ඡන්ද කඩනවා කියන්නේ අනිකුත් පක්ෂ වලට වැටෙන කුට්ටිය ඒ අකාරයෙන්ම වැටෙනවා. නිකම්ම රටම ගොඩ. (නදී)
මම මෙතුමාගේ කතාවේ සම්පුර්ණ වීඩියෝ එක බැලුවා. මාධ්‍යවේදීන් මාධ්‍ය සාකච්චාවකදී අත්පොලසන් දෙමින් කතාවට ප්‍රතිචාර දැක්වීම මම දැක්කේ පළමු වතාවටයි. එයින් හැඟෙන්නේ ඔවුන්ට තම රාජකාරියටත් වඩා මේ වෙන්න යන වෙනස වැදගත් බවයි. ඒ වගේම ඔවුන්ගේ බහුතරයකගේ පැතුම පොදු අපේක්ෂකයා බවයි.(හේ)
සිල්වා ශ්‍රිලනිපේ සුද්ද කරන්න නම් කරපු දේවල් දිහා බැලුවම කියන්න තියෙන්නේ ලොකු අයවම ඔක්කොමට කලින් එලියට දාන්න ඕනේ කියලයි (නදී)
ඔබට ජය නියතයි (නදී)
අනේ ජනනි අපි දැන් ඔය විධායකය පිලිබඳ බාලගිරි දෝෂේට අහු වුණා හොඳටම ඇති. (අ)
අපොයි දෙවියනේ (නදී)
අපේ ආචාරය ඔබට! (නි)
ඔබට අනිවාරයෙන් ජය ලැබෙනවා. (ර)
හිතට දුකයි තමයි මොනවා කරන්නද ?කරුමේ පල දෙනවා කියන්නේ ඕකට තමයි.(හේ)
මනෝජ් වගේ කීප දෙනෙක් ඉන්නවා රටේ පවතින යථාර්තය නොපෙනෙන. ඔය කොටි සමග ඩිල් ගහන්නේ කවුද කියල අයි.ටි.එන් බලල තේරුම් ගන්න බැහැ. මේ කරලා තියෙන්නේ ඔබේ දරු පරපුර වෙනුවෙන් කැප වීමක්. (නදී)
ඔබට ජය. අපි ඔබට ආදරෙයි. (ර)
අගමැතිකම සිරිසේනට දීල අපහු ගන්න. ඊට පසු දී .මු යනවා යු අැන් පියට අපේක්ෂකයෝ හිටියත් එන්න බය නිසා දී.මු පොදු අපේක්සක. ලංකාවේ දේශපාලනයට රෝද පුටුවේ ගියත් කමක් නැහැ හුස්ම වැටෙනවා නම්. අනික යු. අැන්පියට කෙනෙකුත් නැහැනේ (නදී)
ජයවේවා ඔබතුමාට!!! (නි)
අපගේ උණුසුම් සුබ පැතුම්!! ජය වේවා! (නි)
හිත කිළිපොලා යනවා. සුපිරිසිදු පාලනයක් ඇති වේවා! (නි)
ඔබ ජනපති වුනොත් ඒ දේ කරන්න පුළුවන්.(හේ)
මෛත්‍රී සමාජයක් වේවා !(දිල්)
පන අදින මිනිස්සු එකතු වෙලාද රට හදන්න යන්නේ ? (නදී)
ජය වේවා !(දිල්)
විධායක ක්‍රමය නැති කිරීමට 2/3 බලයක් අවශ්‍යයි. එය නොලැබුනොත් මොකද කරන්නේ? විධායක ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යනවද? (ස)
දැන් ඔහොම කිව්වට බලයට ආවට පස්සේ ඔය කියන දේවල් අමතක වෙලා යනවා. (ර)
සීයක් දෙන්න බැහැ. (නි)
අයියෝ! (නි)
මීටපස්සේ මමත් දවස් සීයෙන් ප්‍රශ්න විසඳන පන්තියක් දානවා. (නි)
මහින්ද මහතාට පින් සිද්දවන්න අපි ඉන්න රටවල කොටියා නැට්ට කකුල් අස්සේ ගහගෙන සිටියේ. සිරෝ තමුසේ නිසා කොටියා විරිත්තන්න පටන් අරන්. අපට එ්කෙන් වැටහෙනවා තමුසේ ආණ්ඩුවේ ඉඳගෙන -සිංහල කොටියා - හොඳ ගේමක් දීලා , දැන් පුල්ලි පෙන්වනවා කියා. සිරෝ මහත්තයෝ ඔහේට ජාති ජාති පඩිසන් දෙනවා (නදී)
රටේ ඉන්න උගත්, බුද්ධිමත් යුක්ති ගරුක ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතා වටේ පෙළ ගැහෙනවා සිකුරුයි. එතුමා අවංක දේශපාලකයෙකු බව ජනතාව දන්නවා. එතුමාට ජයවේවා!!(හේ)
රනිල් තරම් දක්ෂ අවංක ඉවසිලිවන්ත සුක්ෂම දර්ශනවාදී නායකයෙක් වර්තමාන දේශපාලන ලෝකයේ නොමැත (නදී)
සන්දානයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමෙන් වෙන්නේ නිදහස් පක්ෂ පාක්ෂිකයන් දෙකට බෙදෙන එක. (නදී)
"අද වෙනකොට රටේ ආර්ථික බලය,ධනය පාලනය ,කළමනාකරණය යන සියළු දේ එක් පවුලක බලයට යටවෙලා". මේක ඇති මොලේ තියෙන අයට හිතන්න. (නදී)
මම ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෙක් . මම කැමති ඔබ තුමාට ඡන්දය දෙන්න . එත් දින 100 පස්සේ බලයට එන්නේ රනිල් . මේකට මොකද කරන්න ඕන ? මම එක්සත් ජාතික පක්ෂය බලයට එනවට කැමතිත් නැහැ .(ස)
සන්ධානයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමෙන් වෙන්නේ නිදහස් පක්ෂ පාක්ෂිකයන් දෙකට බෙදෙන එක. (නි)
මට ඔබ විශ්වාසයි (නි)
බලය කියන්නේ වළං කඩේට වැදිච්ච ගොනා වගේ පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. (හේ)
කලින් ෆොන්සේකාව ජේ වී පී කරයෝ ලනු කවලා විනාශ කෙරුවා. අද මෛත්‍රීව සියලු දෙනාම එකතුවෙලා කාල දානවා. (නදී)
මේ යන ක්‍රමයට අපිට රටක් ඉතිරි වෙන්නේ නැහැ (නි)
අනගත ජනාදිපති තුමාට ජය වේවා....(අ).
හිතපු නැති කෙනෙක්නේ මෙතනට ආවේ? අනේ හොඳයි. අපේ නව ජනපතිතුමාට ජය වේවා! (නි)
මේ සිදුවීම නිසා රටටත් සියලු ජාතින්ටත් හොඳක් නම් සිදු උනා. රජය තුළ සිටි සහ සිටින රටට වින කටින දුදනන් හඳුනාගන්නට ලැබීමත් ඔවුන් බුරුතු පිටින් ජනවාරි 9 වැනිදා උදේ වෙනකොට හැංගෙන්ට තැන් හොයා හොයා දුවන හැටිත් පෙනෙනවා පෙනෙනවා වගේ. පව් අප්පා. (නදී)
මෙතන පළකරලා තිබෙන සමහර අදහස් වලින් මම පුදුම වෙනවා (නි)
ඔබ යන ගමනට අපේ සුබ පැතුම්! (නි)
සුභ අනාගතයක්!!!!! (නි)
ඔබට අප සියලු දෙනාගේ (නදී)
මෛත්‍රීපාල මහත්තයා දිනුවොත් හොඳයි. නැත්නම් වෙන්නේ අල්ලපු වැටයි පය ගහපු වැටයි දෙකම නැති වෙන එක (නදී)
බලය ලැබෙනකම් හැමෝම කියන්නේ මේ කතාව තමයි. මෛත්‍රීපාල මහතාගේ සහෝදර සමාගම තමයි ලංකාවේ සහල් මිල පාලනය කරන්නේ. මහවැලි ගඟේ වැලි ජාවාරම කරන්නේ. වැව් රක්ෂිතවල හෝටල් හදන්නේ. (නදී)
ජය නියතයි. මගේ රට පිරිසිදු කර ගොඩනංවන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා! (නි)
අයියෝ සිරිසේන කියල තමයි කියන්න වෙන්නේ.(හේ)
දුමින්ද ඇමති තුමාත් ඉන්නවා නේද ?තව පොඩ්ඩෙන් වෙන්නේ මාමණ්ඩිට වගේ පෙන්ෂන් ගියාටත් පස්සේ පුටුවක වාඩි වෙලා විහිළුවක් වෙන්න. (අ)
අනේ පව් අනේ මේ මනුස්සයා. රටට වෙන විපතක් ගෙන කියනවා. එ්ත් ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ එය ඉල්ලපුවා නොලැබුන නිසාලු. අනේ පව් කියල තමයි කියන්න තියෙන්නේ (නදී)
නියමයිනේ! (නි)
අනිවාර්යෙන්ම දිනනවා (නදී)
කව්රු කොහොම ප්‍රතිචාර දැම්මත් ජයවේවා නව පාලනයකට. (නදී)
වංචාකාරී ,දුෂිත රජය පෙරළීමට ශක්තිය ලැබේවා! (නි)
චන්ද්‍රිකා ඔය කතාව 94 දීත් මහින්ද 2005 දීත් කිව්වා, අපි අහුවෙයි ඕවට අනික රනිල්ට මොකටද දෙන්නේ කොටා ගතහොත් වපුරන්නේ නැතුව ..(ස)
ජය වේවා! (නි)
ජය වේවා..! මහින්ද මහත්තය තව අවු , 2 ක් තියෙද්දිත් ඉල්ලන් කයි වගේ නේද? කොහොම වුණත් මෛත්‍රීපාල තුමනි පරිස්සමින්... ඔබට ජය වේවා. රටට ජය වේවා..! (අ)
බන්දුල පෙරේරා. ඔහේ නම් මුහුණ සම්පුර්ණයෙන්ම ආවරණය කරපු හෙල්මට් එකක් දැන්මම හොයාගෙන තියා ගන්න. (නදී)
ජයවේවා! ඔබට අපගේ සහයෝගය (නි)
මට තාම තේරෙන්නේ නැහැ. එකපාරක් තුන්පාරක් පුළුවන් කියපු අයම නේද මේ? (නි)
ට්කක් ,,,,,,අමාරු ,,,පාටක් ....එත් ගේම මාරු (ස)
මට පෙන්නේ සිල්ලවා ළිදේ ඉන්න ගෙම්බෙක් වගේ.ඕවට තම කියන්නේ මරුකියවනවා කියල මෛත්‍රීපාල මහත්තයෝ අද ඉදන් අපිත් ඔබ සමගයි ඔබේ තුමාට ජය නියතයි.බුදු සරණයි ඔබ තුමා ඇතුළු පිරිසට (අ)
සියළු දෙවි රැකවරණයි! (නි)
ජනතා පැතුම (නදී)
ජය ජය ජය ජය ජය ශ්‍රී ලංකා! (නි)
මේ රටේ නීතියක් නෑලු.ප්‍රජාතන්ත්‍රවාදයක් නෑලු..මානව හිමිකම් නෑලු..මාධ්‍ය නිදහසක් නෑලු..දුෂණය වංචාව රජ වෙලාලු.. ඉතින් යකඩෝ එහෙම රජයක නේද මේ පුත්තරයත් මෙච්චර කාලයක් හිටියේ..අද වෙනකම් ඒවා දැක්කේ නැද්ද..ඒවාට විරුද්ධ වෙන්න බැරි වුනාද..ඒවා විවේචනය කරන්න බැරි උනාද? බුරු පොලේ හිටියත් එකයි..බුරු ගැහුවත් එකයි...ඔය බයිලා කියන්න ඔය චුන් වෙලා ඉන්න ගොන් හරක්ටම..මේ රටේ මිනිස්සු ඔය කවුරු ගැනත් දන්නවා..
බලන්න මේ වේදිකාව දෙස. අර්ජුන රණතුංග මහතා හැර වෙනත් කෙනෙක් මගේ ඇහැට නම් වදින්නේ නැහැ. වැදගත් දේශපාලනයක නිරත වී තම ගෞරවය රැකගෙන සිටින අර්ජුන රණතුංග මහතා අනෙක් සියල්ලන් දෙස මේ බලා සිටින්නේ තමාට මේ නඩය සමග කොපමණ දුර යා හැකිදැයි සිතමින් විය යුතුය. සිරිසේන මන්ත්‍රී තුමාට සහාය දෙන්න වගේ පෙනී සිටින අනෙක් සියල්ලෝම කොටි බලය වැඩි දියුණු වෙනවාට විරුද්ධ වුවන් නොවෙයි. (නදී)
නියමයි. ඔහොම යමු. ජයවේවා !!! (නි)
සිංහයා නමින් අදහස් පළකර සිංහයාට අවමන් කරන්න එපා.(අ)
මෙයා ඡන්දෙ අරන් අනුන්ට දීල විධායක ජනාධිපති ක්‍රමය වෙනස්කරන්නේ මොන ආකාරයටද (ස)
අපේ පුංචි එවුන්ට හොඳ රටක් ලැබෙනවා නම්, අපිට මොනදේ නැතත් කමක් නැහැ.ඉදිරියටම යන්න අපේ ආශීර්වාදය!. (නි)
කට්ටිය ගැන පවු කියල හිතෙනවා..ඇතෙක් එක්ක හැපෙන්න ඕන ඇතෙක් මිසක් නාටු මී හරකෙක් නෙමෙයි..සිරිසේන මහත්තය ඡන්දෙන් පස්සේ දේශපාලනිකව නන්නත්තාර වෙනවා..ඒක මහින්ද මහතා අති බහුතරයකින් දිනනවා කියන එක වගේම අපිට විශ්වාසයි..මෙයාට තිබුනේ අගමැති කමේ ප්‍රශ්නය .අගමැති උන... ඒවගේම ඔය ගිය අනෙක් අයට තිබුනෙත් තමන් තෘප්තිමත් නොකිරීමේ හෝ නොවීමේ ප්‍රශ්න .මැඩම්ට තියෙන්නේ ඉරිසියාව.පුතාට තැනක් හදා දීමේ පරමාර්ථය..මේ හැමදෙනාම රට වෙනුවෙන් ආපු ගමනක් නෙමෙයි මේ.අනේ අපි නොදන්න ලයිව්..(අ)
මෙතුමාගේ ගමනට සුභ පැතුම්.. හැබැයි මෛත්‍රීපල මහත්තයයෝ හොදට මතක තියාගන්න ඔබතුමා දින්නොත් දිනන්නේ සිංහල බොදු ජනතාවගේ ඡන්දයෙන්..... ඒ වගේම ඔබතුමාට ලොකු වගකීමක් තියෙනවා රට ජාතිය ආගමට මුලික තැන දීල කටයුතු කරන්න. (දිල්)