වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපති පුරප්පාඩුවට පසුගිය දහ වැනිදා පත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක දිල්රුක් සිකුරාදා (18) ගලේවෙල පොලිසියට මාරු කැර යැවිණි.
ඔහු වැල්ලවායේ වැඩ බාර ගත්තේ ගිය 13 වැනි දාය.
විසිරැවුණු ඌව පළාත් සභාවේ බලවත් දේශපාලනඥයකුගේ උවමනා පිට ඔහු මාරු කරන්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
දිල්රුක් මහතා වැල්ලවායට ගියේ කිරිඳිවැලිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම වැඩක් ගිය වසරේදීත් සිදුවුණා. (නි)
මෙන්න ආශ්චර්යය! දැන් පේනවනේ .... (නි)
පොලිසි වලට පත්වීම් කරන ක්‍රමයම වෙනස්විය යුතුයි. නීතිය, සමාජ විද්‍යා දැනුම, අන්තර් පුද්ගල සබඳතා, මානව හිමිකම්, පිරිස් කළමනාකරණය යනාදී දැනුම අඩංගු විශ්ව විද්‍යාල ඩිප්ලෝමාවක් සමත්වීම අනිවාර්ය සුදුසුකමක් කළයුතුයි. ඊට අමතරව විනය විරෝධී ක්‍රියාවල නිරතවී ඇත්නම් කිසිදිනක මෙම තනතුර ලබානොදීමට බලධාරීන් කටයුතුකළ යුතුයි. ඒවගේම නිරන්තර පුහුණුවක් සහ ඇගයීම් ක්‍රමයක්ද පොලිසියට අවශ්‍යයි. නමුත් කවුද මේවා කරන්න ඉදිරිපත් වෙන්නේ? (නි)
ඇයි අර ළඟදි පොලිස් කොමිසමක් පත්කළා නේද පත්වීම් , මාරුවීම් කරන්න? (නි)
දේශපාලනයට කඩේයන පොලිස්කාරයන්ට යසම යසයි (නදී)
මේක තමා ලංකාව තවමත් නොදියුණු රජයක් විදියට නය බරෙන් මිරිකිලා ඇද ඇද යන්නේ. දුෂණය භිෂණය මිනි මැරීම පාලකයන්ගේ අභිමතාර්ථයන් පරිදි ජනතාවගේ මුදල් වියදම් කිරීම් තමන්ගේ රාජකාරියට අදාල නොවන දේවල් වලට ඇත පෙවීම් නිසා මේ රට අරාජික තත්වයකට පත්වෙලා. අත පෙවීම් නොකර රට ගොඩ නැගීමේ මුලික අරමුණකින් වැඩ කරනවා නම් මේ රට දියුණු වෙලා ගොඩක් කල්. පිටරට වැඩ කරන අපි ලංකාව ගැන පේන, දකින චිත්‍රය ලංකාවේ ඉන්න අයට පෙනෙන්නේ නැහැ. රට ගැන ගොඩක් දුක හිතෙනවා. (නදී)
රට අත්හැර, උගතුන් රටින් පිටවීමට එක හේතුවක් වන්නේ, රටේ ඇති මෙවැනි අසාධාරණ දේවලුයි (නි)
ඔහු හොද පොසිල් නිලධාරියෙක්. කිරිදිවැල අවුරුදු 4 ක් හොදට පාලනය කලා, හොද සේවයක් කලා. මේක දේශපාලන මාරුවක් (නදී)
දේශපාලන පළිගැනීම් කවදාද නතරවෙන්නේ? හොඳ කෙනෙකුට හරියට රාජකාරිය කරන්න දෙන්නකෝ (නි)