අප්‍රේල් 16 වැනි දා පස්වරු 6 සිට 17 වැනි දා පස්වරු 6 දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමන් කළ වාහන 58,477 කින් රුපියල් 18,397,300කට වැඩි මුදලක් උපයා ගත් බවත් එය අධිවේගි මාර්ගයෙන් ලැබුණු වැඩිම ආදායම බවත් අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා කියයි.
පසුගිය 8 වැනි දා සිට 17 වැනි දා දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමන් කළ 476,671 වාහන වලින් රුපියල් දහහතර කෝටි තිස්හය දහසකට වැඩි මුදලක් උපයා ගැනිණි.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිති කඩ කරමින් තැන තැන වාහන නවත්වා ජායාරූප හා වීඩියෝ ගත කිරිම් වැනි දෑ හා සදාචාර විරෝධි ක්‍රියාවන්හි යෙදෙන වාහන පදවන්නන් අත්අඩංගුවට ගැනිමට මෙම මාර්ගයේ සිසිටිවි ආරක්ෂක කැමරා උපයෝගි කර ගන්නා බව ඕපනායක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුනායක අධිවේගයෙන් අවුරුද්දෙ 365 දවසෙම දිනක අදායම කෝටියකට කිට්ටු කරනවා , හැමදාම කිලෝමීටරයක් විතර දිගට පැලියගොඩ වාහන පෝලිම , පිටවීම් දොරටු පහක් තිබිලත් , සද්දේ නැහැ ඒගොල්ල වැඩ විතරයි වගේ .(අ)
කොහොමද මහින්දගේ වැඩ .ඔයාල තව බෝක්කුවක් වත් හැදුවේ නැහැ නේද (බ)
අවුරුදු 20 යනකම් ඔය ලැබෙන අදායම ලැබෙන්නේ චීනයට ඊට පසුව තමයි අධිවේග පාරෙන් රටට ලැබෙන අාදායම පාරේ නඩත්තු සදහා වෙන්කරගන්න වෙන්නේ චීන්නු කරපු වැඩ මතු වෙනකොට (බ)
රුපියල් දහහතර කෝටි තිස්හය දහසකට වැඩි මුදලක් කියන්නේ ලොකු මුදලක් , දැන් මේ මුදල් වලින් කීයක් චීනයට ගෙවිය යුතුද ? දන්නා කෙනෙක් මේ ගැන කියල දෙනවද? (අ)
ඔය මහින්දට බල මාළුයි මීකිරියි ගෙනෙන්න හදපු පාර නේද? එහෙම නේද කිවුවේ ඕක හදනකොට? අද? (නි)
මෙය චිනයට පැවරූ ව්‍යාපෘතියක් නෙවෙයි රටවල් විවිධ ක්‍රමයට ණය ගන්නවා නිමවීමෙන් පසු වසර ගනනක් ඒරටට ආදායම යාම එක කුමයක්. ණය අරගෙන පොලිය ගෙවීම තව ක්‍රමයක් අධිවේග මග ණය අරගන කළ එකක් ඒ නිසා සියලු ආදායම් ඒරටට යන්නෙ නෑ. අපි ගෙවන්නෙ පොලිය පමනයි . මෙතන ඇතැමි් අය වැරදි අදහස් ලියල. (බ)
තබුක් හරි. 20 වසරක් යනතෙක් සියලු අාදායම් චීනයට. ඉන්පසු අපට. මෙයයි ගිවිසුම (නි)
මහින්ද මහත්තයාට දැන්නම් හිතෙනවා ඇති මම කරගත්ත මෝඩකමක් කියලා (නි)
දැන් මහින්දට බැන්න අයගේ කටවල් වැහිලා ඇති (නි)
දැක්කද මහින්දගේ වැඩ? අවුරුදු 20 යනතුරු ඔය ලැබෙන අාදායම ලැබෙන්නේ චීනයට. (නි)
මහින්දට බැන්නා තව මදි! (නි)
මේ සල්ලි වලට වෙන දේවල් දන්නේ නැහැනේ අපි. අඩුතරමින් මේ සල්ලි මොන ගිණුමකට බැරවෙනවද කියාවත් අපි දන්නේ නැත. (නි)
සිරිමලි, මෙම ව්‍යාපෘතියෙන් සල්ලි ලැබුනත් නොලැබුනත් චීනයට ගෙවිය යුතු ණය ගෙවිය යුතුයි. අනික මෙපමණ මුදලක් ලැබුනේ මේ අවුරුදු දවස් නිසා. හැමදාම අවුරුදු නම් අන්න හොඳයි (නි)
මහින්ද හොර කපුවා නේද . දැන් වත් මිනිස්සුන්ට තේරෙන්න්ද්ද කියල තමයි අහන්න වෙන්නේ (කෞ)
යුද්දේ ඉවර කරපු එක ඇරුනහම මහින්ද මහත්තය රටට කරපු එකම හොද දෙය මේක . අනිත් අතට 21 වෙනි සියවසේ මුල් දශකයේ ලංකාවේ ජනාධිපති වෙලා ඉඳල රටට අධිවේගී මාර්ගයක් හැදුවේ නැත්නම් මොකක්ද ඇති පලේ . (ම)
මේකේ චීනයට ගෙවියයුතු ගණන අහන මිනිස්සු මොන පාසලටද ගියේ කියලා අහන්න වටිනවා. දෙවි හාමුදුරුවනේ, මේ වගේ දෙයකින් ලැබෙන ඍජු අදායම අපිට පෙනුනට, වක්‍ර ලෙස කොතරම් රටට ඉතිරියක් ලැබෙන බව දන්නවද? පැය 5 ක් ගිය ගමන පැය 1 1/2 කින්, ඉන්ධන ඉතිරිය, මිනිස් කාලය ඉතිරිය, අගනුවර සමග අධිවේගය නිසා සම්බන්ධ වන නගර වල ඇතිවන ව්‍යාපාරික දියුණුව... (නි)
මේ අය චීනයට ගෙවන ගාන හොයනවා. අපිට වුණ සෙත කොතරම්ද? අනෙක ඔය කැමරා වලින් කීදෙනෙක් අල්ලලා තියෙනවද? පහුගිය දවසක ඔලුව එළියට දාගෙන ගිය කට්ටියක් ටීවී එකේ හොඳට පෙන්නුවා වාහන අංකයත් එක්ක. එයාලට මොකද කළේ? (නි)
ඒත් අපේ එක්තරා බලවතෙකුගේ පුත් කුමාරයෙකුට නම් මේ ගණන ඒ කාලේ දවසටත් මදි (නි)
මේ ආදායම ඔක්කොම චීනටනේ (අ)
දවසකට චීනයට කීයක් ගෙවන්න වෙනවද කියලා දන්නවා නම් අපිට හිතාගත හැකියි මේක හොඳ ආයෝජනයක්ද කියලා. (නි)
මං යෝජනා කරනවා ලංකාවට දවස් 365 ම අවුරුදු නිවාඩු දෙන්න කියලා. එතකොට අපිට කොයිතරම් මුදලක් මේ අධිවේගයෙන් උපයා ගන්න පුලුවන්ද. අනේ මාව පාර්ලිමේන්තු යවන්න. මම රට හදලා පෙන්නන්නම්. (නි)
ඔය ඔක්කොම සල්ලි අපේ රටට. ණය වෙනම ගෙවන්න ඕනෑ. හරියට අපි බැංකුවකින් ණය අරගෙන ගෙයක් හැදුවා වගේ (නි)
දිලිප්, ඔබ වගේ හිතන මිනිසුන් මේ රටේ නැහැ. එයයි මේ රටට අවාසනාව. ඔක්කොම ඉන්නේ අනුන්ට දත නියවන්න බලාගෙන. මිනිස්සු ලාභයක් නැතුව නිකන් ආයොජනය කරනවා කියලා මෙහේ අය හිතාගෙන ඉන්නේ. දවසේ වැඩි පැය ගණනක් බංකු හරි පුටු හරි රත්කරන ශ්‍රී ලාංකිකයන්ව අනිත් රටවල මිනිස්සු විත් දියුණුවට පත්කරලා දෙන්න ඕනෑ කියල තමයි මෙහේ අය හිතන්නේ. (නි)
මේ සියලුම මුදල් ලංකා රජයටද එසේත් නැත්නම් මෙහි යම් කොටසක් චීන යෝජක යන්ටද ...මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් ...කරුණාකර දන්වන්න ...(අ)