කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ තුන්වැනි දිනය වූ බ‍්‍රහස්පතින්දා (20 වැනිදා) තරග නිමාවන විට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් පිහිටුවන නව තරග වාර්තා ගණන 26 ක් දක්වා ඉහළ නැග තිබිණ. තුන්වැනි දිනයේ පමණක් පිහිටුවන ලද නව වාර්තා සංඛ්‍යාව 8 කි.
තරගාවලියේ පළමු දිනයේ පිහිටුවන ලද නව වාර්තා 9 ක්ද, දෙවැනි දිනයේ නව වාර්තා 9 ක් ද පිහිටුවන ලදි. මේ වන විට වාර්තාවී ඇති පැරණි වාර්තා අභිබවා ගිය අවස්ථා ගණන 6 කි.
පිරිමි අංශයෙන් වැඩි දස්කම් දක්වා සිටින කොළඹ රාජකීය විදුහලේ චිරන්ත ද සිල්වා මේ වන විට නව තරග වාර්තා 3 ක් පිහිටුවීමට සමත්ව තිබේ. ඇලිතියා ජාත්‍යන්තර පාසලේ මිචිකෝ රහීම් නව තරග වාර්තා 2 ක් පිහිටුවමින්ද තවත් පැරණි වාර්තා අභිබවා යමින්ද බාලිකා අංශයේ වැඩි දස්කම් දක්වීමට සමත්ව සිටී.
පාසල් කී‍්‍රඩකයන් 1612 ක් සහ කී‍්‍රඩිකාවන් 978 ක් සහභාගි වන මෙම තරගාවලිය සිකුරාදා (21 වැනිදා) අවසන් වේ.
තුන්වැනි දිනයේ පිහිටුවන ලද නව තරග වාර්තා
15 න් පහළ (බාලිකා) මීටර් 200 (සමනළ ආර)
හිරුනි ද සිල්වා (උසස් බාලිකා විදුහල) - වි. 2 : 42 . 37
17 න් පහළ (බාලක) මීටර් 200 (සමනළ ආර)
චිරන්ත ද සිල්වා (ආනන්ද විදුහල) - වි. 2 : 19 . 12
15 න් පහළ (බාලක) මීටර් 50 (පසුපස ආර)
ඉමේෂ් චතුරංග (ඞී. එස්. සේනානායක විදුහල) - තත්. 28 . 74
17 න් පහළ (බාලක) මීටර් 50 (පසුපස ආර)
චන්දුල ප‍්‍රනාන්දු (කොළඹ රාජකීය විදුහල) - තත්. 29 . 39
19 න් පහළ (බාලක) මීටර් 50 (ළය ආර)
කනිත මුණසිංහ (කොළඹ රාජකීය විදුහල) - තත්. 31 . 25
* නබීල් ඩෝල් (ශාන්ත ජෝශප් විදුහල) - තත්. 31 . 76
17 න් පහළ (බාලිකා) මීටර් 200 (නිදහස් ආර)
මිචිකෝ රහීම් (ඇලිතියා ජාත්‍යන්තර පාසල) - වි 02 : 23 . 20
17 න් පහළ (බාලක) මීටර් 200 (නිදහස් ආර)
මැතිව් අබේසිංහ (ඇලිතියා ජාත්‍යන්තර පාසල) - වි 02 : 00 . 26
19 න් පහළ (බාලක) මීටර් 200 (නිදහස් ආර)
ශෙහාන් ද සිල්වා (මහනුවර ති‍්‍රත්ව විදුහල) - වි. 02 : 02 . 81
* පැරණි වාර්තා අභිබවායාමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd