IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දින තුනකට පසු වෙරුගල් ප්‍රා.ලේ විවෘතයි

( අමදෝරු අමරජීව හා සුගත් බද්දේගෙදර)

වෙරුගල් ප්‍රාදේශීය ලේකම් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල පැය කිහිපයක් සිර කරගෙන සිටීමේ සිද්ධිය මුල් කරගනිමින් එයට විරෝධය දක්වා වැඩ වර්ජනයක් හේතුවෙන් වසා දැමුණු වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහජන සේවා වෙනුවෙන් දින තුනකට පසු යළි අද (17) විවෘත විය.

ප්‍රාදේශීය ලේකම් මොහොමඩ් අනිපා අනස් මහතා ඇතුළු කාර්යය මණ්ඩල යළි සේවයට වාර්තා කර සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යෑමට අවශ්‍ය  විධි විධාන සැලසූ දිසාපති ඩබ්.ජී. මහේෂ්  හේමන්ත කුමාර මහතා ද කාර්යාලයට පැමිණ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කර ඇති නිසා මහජනයා වෙනුවෙන් සිය රාජකාරී ඉටුකරන ලෙස උපදෙස් ලබා දුන්නේ ය.

මේ වන විට කාර්යාලයේ   ආරක්ෂාවට පොලිසිය යොදවා ඇති අතර  ජල ගැලීම් හේතුවෙන් අතරමග නැවති තිබුණු ආපදා සහන සේවා කටයුතු යළි ආරම්භ කෙරිණි. 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරයා සිදු කරගෙන යන වැඩපිළිවෙලට සිය සම්පූර්ණය සහාය පළ කරන බව උද්ඝෝෂණය යෙදී සිටි පිරිස් පැවසූහ.



අදහස් (0)

දින තුනකට පසු වෙරුගල් ප්‍රා.ලේ විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site