යුරෝපා රටවලට ජූලි මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා ගත වූ කාලයේදී මත්ස්‍ය ටොන් 152ක් ආනයන කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය අමාත්‍යාංශය සඳහන් කරයි.
යුරෝපා සංගමය මත්ස්‍ය අපනයන සඳහා මෙරටට පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු ජූනි මස 22 වැනිදා සිට 29 වැනිදා දක්වා ගත වූ සතියේදී මත්ස්‍ය ටොන් 78ක් යුරෝපා සංගමයට අපනයනය කිරීමට හැකි වූ මත්ස්‍ය අපනයනකරුවෝ මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
මෙරට මත්ස්‍ය සම්පතට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් හා මිලක් පවතින නිසා මසුන් පමණක් නොව මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන සදහා යොමුවීමෙන්ද රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගත හැකි බව ද ධීවර ඇමැති අමරවීර මහතා පෙන්වා දී ඇත.
ලබන වසරේ ජූලි මස වනවිට මත්ස්‍ය අපනයනවලින් රුපියල් මිලියන 20,000ක ආදායමක් ලැබීමේ අරමුණින් කටයුතු කරන බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.
COMMENTS
යුරෝපය දැන් මස් වෙනුවට මාළු පරිභෝජනය කිරීමේ ප්‍රවණතාවයක් තිබෙන නිසා ලංකාවට සුබ නිමිත්තක්. එමෙන්ම කුරුඳු, කහ, පොල්තෙල් වලටත් හොඳ ඉල්ලුමක් තිබෙන නිසා අපනයනය දියුණු කරන්න. (නි)
සුද්දෝ අපේ මුහුදේ මාළු කනවා. කළු සුද්දෝ අපේ මාළු කනවා (නි)
රට වටේම ඇති මුහුදින් අපිට මීටවඩා ප්‍රයෝජන ගන්න පුළුවන්වෙන්න ඕනෑ (නි)
මාළු අපනයනය කරනගමන් අපිට කන්නත් ටිකක් මිල පහලට දාල ලංකාවේ හැම පලාතකටම මාළු කන්න පුරුදු කලොත් හොඳයි. නැත්නම් ඉතින් අපි යවන මාළු එහෙදි ටින් වලට දාල දෙගුණයක් ගෙවල කන්න වෙන්නේ සැමන් අපිටම තමයි. (ර)
අපොයි මාළු. මාසෙකට දවසක්වත් කාල ඉවරයි. (ර)
අපේ මුළු මාළු සම්පතම ඉතා සුළු මුදලක් හින්ද ඉතාම ලඟදි වඳ වෙයි . තව කාලයක් යද්දී අහන්න ලැබෙයි ලංකාවට යුරෝපෙන් මාළු අපනයනය කරනවා කියලා. ඕව කියල හදන්න අමාරුයි . තුන් වන ලෝකේ රටක් නේ . මතක තියාගත යුතුම දෙය තමයි ඔය විශාල මාළුන්ට නම් ලෝකේ ඕන තැනකට පිනගෙන යන්න පුළුවන් .නමුත් වෙරල අවට ගැවසෙන පොඩි මාළුන්ට එහෙම රටකින් රටකට යන්න බැහැ. ඔහොම තොගපිටින් පොඩි මාලුන්වත් ඇල්ලුවොත් ඉතාම ළඟදීම අපේ මාළු සම්පතත් ඉවරයි . මොකද ලංකාවේ රජයන් සහ කිසිම පුද්ගලික අංශයක් මහාපරිමාණයෙන් මාළු පැටවුන් බෝ කර මුදට මුදාහැරීමක් කරන්නේ නැහැ . (ර)
ආනයනය කිරීම පුළුවන් තරම් දුරට සීමා කරනවා නම් හොඳයි (නි)
හොඳ ප්‍රවෘත්තියක් කාලෙකට පස්සේ අහන්න ලැබුනා (නි)
අනේ අහිංසක මාළුවෝ. මාළු විකුණලා සල්ලි ගත්තා වගේ නොවේ පව් ගෙවන්න වුණාම. (නි)
බෞද්ධ රටකට නොගැළපෙන ව්‍යාපාරයක් ලෙසයි මම මෙය දකින්නේ (නි)
දැන් මේ අාදායමෙන් සාලාවේ කැඩුණු නිවාස ටික හදලා වන්දියකුත් දෙන්න පුලුවන්නේ (නි)
සතුටුදායක ආරංචියක් (නි)
ප්‍රාණගාත ටොන් 78ක්? බුද්ධිමතුන් තීරණය කරන්න (නි)
එක ඇත්ත. නරක පුවත් අහල අහල ඇති වෙලා තිබ්බේ. කාලෙකට පස්සේ සුබ පුවතක් ඇහුවා. (ර)
බොහොම සතුටුයි. (ර)
සුද්දන්ට මාළු, අපිට කන්න වෙන්නේ...? (ර)
ලංකාවට මාළු පිටරටින් එන්නේ නැතිද ? (ර)
මාළු ටොන් 152 රට යන අතරේ අපිට බොරු ටොන් කීයක් නම් දේශපාලකයෝ කනට දානවද? (ර)
ඉවක් බවක් නැතිව වැඩ කිරීමෙන් අනාගතයේදී අඩන්න වේවි. (ර)
හොඳ පුවතක්. (ර)
ලංකාවෙන් මාළු පිටරටට හාල්මැස්සෝ වගේ පොඩි මාළු පිටරටින් ලංකාවට මේවා මොන විහිලුද.? (ර)