රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ ගජ මිතුරන් සම්බන්ධයෙන් කළ පැමිණිලි විමර්ශනය කිරීමේ ප්‍රමාදයක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (20) මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
‘දූෂණ වංචා සෙවීම සම්බන්ධව ආණ්ඩුව හරියට පමා කරනවා . ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණය අවසන් වුණා. ඒ එක්කම පසුගිය පාලනය යටතේ රාජපක්ෂ පවුල සහ ඔහු වටා සිටි ගජ මිතුරු කණ්ඩායම රාජ්‍ය දේපොළ රාජ්‍ය සම්පත් අයථා ලෙස භාවිත කළ බවට විශාල චෝදනාවක් ආවා.‘
‘ජනතා විමුක්ති පෙරමුණ විදියට එම දූෂණ ගැන විවේචන එල්ල කළා. ජනාධිපතිවරණය අවසන් වුණු විගසම ජනවාරි 13 වැනි දා අපි රාජපක්ෂ පාලනයේ දූෂණ වංචා ගැන ලිඛිත සාක්කි සමඟ පැමිණිලි කළා. මහින්ද රාජපක්ෂ, ගේඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සජින් වාස් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව අපි පැමිණිලි කළා. ‘
‘විමර්ශන පවත්වන පිරිස අපේ පැත්තෙන් කරුණු විමසුවත් ඔවුන්ගේ පැත්තෙන් විමර්ශන අරඹා තිබුණේ නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිරිස් පැමිණිලි කළා. දින සියයයෙන් දින පනහකටත් ළං වෙන්න ආවා. නමුත් අදාළ පරීක්ෂණ තවම පවත්වා නෑ.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ අනිත් නිලධාරීන්ට නැති වරප්‍රසාද භුක්ති වින්දා. ඡන්දය අවසන් වුණු ගමන් ජනවාරි නව වැනි දා පාන්දර වෙනකොට ඔහු නාවික හමුදාවෙන් අස් කර ගැනීමෙ ලිපි බාර දෙනවා. ඔහුට මාස තුනක නිවාඩුවක් අනුමත කරනවා. ඔහුට අනිත් අයට නැති වරප්‍රසාද ලැබුණේ කොහොමද කියා පරීක්ෂණ කරන ලෙස ඉල්ලමින් ආරක්ෂක ලේකම්ට ජවිපෙ ලිඛිතව පැමිණිලි කළා. ඉක්මනින් අපි කමිටුවක් පත්කර විභාග කරන බව කිව්වා.
ඒ ගැන පරීක්ෂණ කරන්න කමිටුව පත් කරලා තියෙන්දි ‘යෝ බබා‘ රට යනවා. කවුද ඔහුට රටෙන් බැහැර දෙන්න ඉඩ දෙන්නේ. එක දවසක්වත් ඔහු කමිටුවට කැඳවා තිබුණේ නෑ.
බැසිල් රාජපක්ෂ ඡන්දෙ ඉවරවුණු ගමන් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්වලට රට පැන්නා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් රාජපක්ෂ සාමාජිකයන් ආරක්ෂා කරන විදියක් පේනවා. ජනවාරි 9 උදේම අරලිය ගහ මැදුරට ගියෙත් එ්කයි.(නදී)
කල යුතු වැඩ පස්සට දාල කාලය ගෙවන වැඩ රනිල් කරනවා. (නදී)
රනිල්, පාර්ලිමේන්තුව විසුරවන බවට තර්ජනය කරල විස්වාසබංග යෝජනාව නැවැත්තුවා. (නදී)
දෙපැත්තෙම වැරදි දෙපැත්තෙනම වහනවා. මේ අවබෝධයෙන් තමා දැන් වැඩ කරගෙන යන්නේ. (නදී)
මෙයට වගකිව යුත්ත අගමැතියි. ලබන චන්දෙන් ඔහු ගෙදර යවමු. (නදී)
සත්‍යපාල, මිලේනියම් , බටලන්ද වලට කොමිසම් පත්කලා දන්නේ නැත්ද ? මොකද වුනේ ? 71දි ඝාතන වුනේ නැත්ද ? (නදී)
පුදුමාකාර තරහක්නේ රාජපක්ෂවරු ගැන තියෙන්නේ. කාට කාටත් නියම දඬුවම ලබන මැතිවරණයේදී මිනිසුන්ගෙන් ලැබේවි. (නි)
ඉස්තාලේ ඇරලා බව හොදටම දැන දැන අස්සයා පැන්නට පස්සේ බොරුවට බෙරිහන් දෙනවා. (නදී)
මේ අයට වෙන වැඩ නැති නිසා කමක් නෑ කාලේ කන්න මොනවා හරි කරන්න ඕනනේ. කොයි ආණ්ඩුව ආවත් වැරදි හොයනවා ඇරෙන්න රටට මොනවද කරලා තියේන්නේ. (අ)
අනේ දෙවියනේ! (නි)
89 කාලයේ සාගරික ගෝමස්,විජය කුමාරතුංග.ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය කල විතරක් නොව ඡන්දෙ දුන්න නිසා ඇත කපපු, බීඩියක් බියුවට කට කපපු ගහලයෝ සහ බටලන්ද,මිලේනියම් පාවාදීම ගැන පවා හෙවිය යුතුමයි. (අ)
රාජපක්ෂවරු අනෙක් අයට හරිම මයිත්‍රියෙන් කරුණාවෙන් ද සැලකුවේ. රනිල් මහතාට ගහන්න පුළුවන් හතර අතේ මඩ ගැහුවා. ඔක්කොටම වැඩිය ඒ මනුස්සයාගේ ප්‍රභූ පවුල් පසුබිම තමන්ට නැති නිසා පුදුම හීන මානයක් තිබුනේ. මෛත්‍රී මැතිතුමා ගැන බාල වයස් කාරයෙක් රූපවාහිනියට එවල පුද්ගලික චරිත ඝාතනයක් කරන්න හැදුවා. කට හොඳ නැති ඇමතියෝ ලව්වා චන්ද්‍රිකා නෝනාට ප්‍රසිද්ධියේ අපහාස කළා, අඩු ගානේ තමන්ගේ ගෙදරත් බවලතුන් ඉන්නවා නේද කියල කල්පනා කලේ නැහැ. පුතාලට කැමති විදියට හැසිරෙන්න ඉඩ දුන්නා. අර රගර් ක්‍රීඩා විනිසුරුවාට සිදු වුන වැඩේ කමක් නැහැ කියල පිවිතුරු වගේ බත් බැලයන් හිතනවා ඇති. මේවා තමන්ගේ මුතුන් මිත්තන්ටත් ලජ්ජා හිතෙන නොහොබිනා වැඩ. දැන් අනෙක් මිනිස්සුන්ගේ පැත්තට ඇඟිල්ල දික් කරනවා. " මෙන්න අපිට හිරිහැර කරනවා " කියලා. (නදී)
දූෂණ වංචා කරන්නේ දේශපාලකයෝ විතරක් නොවේ. දැනුම් දෙන සැම දූෂණ වංචාවක්ම අල්ලන්න වෙනම රජයේ ආයතනයක් තියෙන ඕනි. ජනතා විමුක්ති පෙරමුණ මේ දීල තියෙන්නේ වැරදි තොරතුරු නම් විමර්ශන කිරීමට යන වියදම මේ පෙරමුණනෙන් අය කර ගන්න. මේවට යන්නේ රටේ අහිංසකයන්ගේ මුදල්. (නදී)
මේ ඡන්දෙන් පස්සේ ජෙවිපිය ඉවරෙටම ඉවරයි (නදී)
සත්‍යපාල, ඔබේ අදහසට මමත් එකඟයි අනුන්ට බබා කියන මේ බබ්බුත් 88 89 මේරටේ අහංසක ජනතාවට රාජ්‍ය දේපල වලට කරපු විනාසෙ ගැනත් හොයන්න ඕනෙ ඒවගේම අහුල ගත්තු ඡන්ද ටිකකින් පාර්ලිමේන්තුවට ඇවිත් වාචාල කතා කියන මේ මැතිවරන ක්‍රමයත් වහාම වෙනස් කල යුතුයි. (අ)
කපිල ප්‍රනාන්දු , සත්‍යපාල, කියන කතා සේරම ඇත්ත. මමත් කියන්නේ ඒකම තමයි. බොරුවට බයිලා කියන එක තමයි දේශපාලුවෝ කරන්නේ. කරපු වැඩක් ගැන නම් අහන්න ලැබෙන්නේ නැහැ. (අ)
ඉන්දියාවෙන් ඇවිත් පරිප්පු දාන කොට, ඉන්දියන් හමුදාවක් බලෙන් එවන කොට, උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන කොට බය නැතුව ඉස්සරහට ආවෙ ඔබ ලා විතරයි.(නදී)
සත්‍යපාල ඔයාගේ කතාව හරියටම හරි. සමහරු දැන් කතා කරන්නේ මැරිලා ඉපදුණ අය වගේනේ..(දිල්)
සත්‍යපාලගේ කතාවේ ඇත්තක් තියෙනවා (දිල්)
බොහෝ දෙනෙක් ලියල තියනවා වගේ ඉස්සර වෙලාම අනිවාර්යෙන් ජේ.වී.පී අපරාධ ගැන හොයන්න පටන් අරගෙන ඊළඟට පේලියට අනිත් අයගේ වැරදි ඇත්නම් ඒවා ගැනත් සෙවීම තමා හොඳම. මම හිතන්නේ එ්ක කල යුතුම දෙයක් කියලා. මේ අය දැන් කතාකරන්නේ සුදනෝ වගේ. (නදී)
ඇයි, මුලින් ඡන්දේ දාන පස් දෙනාට වෙඩි තියනවා කියලත් කිව්වේ!(දිල්)
සත්‍යපාල මමත් ඔබ සමඟයි (දිල්)
එය ඇත්ත දියුණු රටවල මෙන් හැකි ඉක්මනින් විභාග කොට දඩුවම් දිය යුතුය. සාමාන්‍ය වැසියාට දඩුවම් කරන විදියට තමා අනිත් අයටත්.(නදී)
බයවෙලා බයවෙලා නුගේගොඩ රැළියෙන් පස්සේ හොඳටෝම බයවෙලා .(දිල්)
අපි බලාගෙන ඉන්නේ මේ වංචාවන් හොයල නිසි දඬුවම් දෙනවාද නැද්ද කියලා....රන්ජන්ට කාගෙන් හෝ බලපෑමක් ඇවිල්ල තිබෙනවා කියා හිතෙනවා.එ්ක තමයි ඔහු එකපාරටම දුෂණ සෙවීම අත හැරලා තිබෙන්නේ.බලමු මොකද වෙන්නේ කියල (බ)
ළහිරු මහත්තයා දවල් හීන දකිනවා.මේ ඡන්දෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ආසන 20-30 අතර ප්‍රමාණයක් ගන්නවා.(දිල්)
නටපු නැටුමකුත් නැත...බෙරේ පලුවකුත් නැත...හෙට අනිද්දට රටේ පලුවකුත් නැත.නායකත්වයකුත් නැත...එ්ත් අතට...මේත් අතට..(බ)
මේ අදහස් ලියලා තියෙන අය අර පවුලට කඩේ ගිය අය. මේ අයගේ සිත සතුටුකරන්න බුදුහාමුදුරුවෝ ආවත් බැහැ මොකද කඩේ ගිහිල්ල ආවම ඉතුරුවෙන කුට්ටිය මේ අයට නිසා. මේ වගේ අයට බඩුවල මිල අඩු උනාට තේරුමක් නැහැ මහින්ද නැවත ජනාදිපති වුනානම් තමයි කැමති (නදී)
මේගොල්ලෝ රටේ මානව සම්පත් (එඩිතර තරුණ තරුණියන් කලාකරුවන් වෘත්තිකයන් ) රටට අහිමි කරලා පොදු දේපල වනසලා දැන් සිල්රේදී ඇඳගෙන යුඑන්පියේ තරුණයෝ නැති තරුණ සංවිධානය බවට පත් වෙලා (නදී)