ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දින 100 වැඩපිළිවෙළ විස්තරාත්මකව මැන බලන ‘මෛත්‍රී මීටරය‘ අන්තර්ජාලයට මුදා හැර ඇත.
මෙය වසර දෙකක් පුරා පාර්ලිමේන්තු නිරීක්ෂණයෙහි නියැලෙන Manthri.lk වෙබ් අඩවිය විසින් සිදුකරනු ලබයි.
http://www.manthri.lk/?locale=si
මේ වන විට දින 100 වැඩපිළිවෙළ 18%ක ප්‍රගතියක් පෙන්නුම් කරයි.
මීට අමතරව දින 100 වැඩපිළිවෙළෙහි ප්‍රගතිය ගැන මහජන මතය විමසීම සඳහා විශේෂ සමීක්ෂණයක් සිදු කිරීමට රජය සැරසේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සමීක්ෂණය පිළිබ ඳ තොරතුරු www.pmm.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි.
මේ සම්බන්ධ අදහස් හා යෝජනා චෝදනා සියල්ල ව්‍යාපෘති කළමනාකරු, ව්‍යාපෘති කළමනාකරණ හා නිරීක්ෂණ දෙපාර්තමේන්තුව, ලංකා බැංකු ගොඩනැගිල්ල, ජනාධිපති මාවත, කොළඹ 01 ලිපිනයට එවන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදායකය නැති කරන්නේ කවද්ද මේ මහත්වරු ටික. ජනාදිපති තුමට එ්කේ රහ වැඩි වෙළාද මන්ද අනේ. දැන් බයිලා ගහන්න නම් එපා (නදී)
රොහාන් එව්වා තාමත් තියනවා වෙළඳ දැන්වීම් වල බලාගන්න පුළුවන් (නදී)
මොකද හොරු ඇල්ලුවේ නැ කියන්නේ තිස්ස අත්තනායක, ශෂි වීරවංශ ඇතුලට දැම්මේ එ්කනේ ගිය ආණ්ඩුවේ ලොකුම වැරැදද?මේ දෙන්න අල්ලන්නනේ මෙයාල මෙච්චර බොරු කිව්වේ (නදී)
නටපු පදයකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. (නි)
අපිටනම් දැනෙන නොදැනෙන තරම්. (ර)
මොකුත්ම නෑ... (ර)
මොකුත් නැහැ. කෝ කියපු දේවල් ඡන්දෙට එස්සල්ලා. දින 100 හොරු පස්සේ දුවනවා විතරයි. (ර)
ඉන්ධන මිල අඩුකිරීම, ඇමෙති මණ්ඩල අඩු කිරීම, ඔවුන්ගේ අනවශ්‍ය පරිවාර රථවලින් මගතොටේදී වන කරදරයෙන් අප බෙරා ගැනීමට ස්තුතියි නමුත් හොරු ටික නිදැල්ලේ සිටීම අපිට ප්‍රශ්නයක්. (ර)
උතුරේ ආණ්ඩුකාරතුමා හිටපු හමුදා නිලධාරියෙකු නිසා ඉවත් කිරීම. එල් ටී ටී ඊ සිරකරුවන් නිදහස් කිරීම. මාර්න්කුලම් පොලිස් කොට්ටාසය ඉවත් කිරීම. හමුදා කදවුරු අඩු කිරීම. නැගෙනහිර දිසාපති හිටපු හමුදා නිලධාරියෙකු නිසා ඉවත් කිරීම. මේවා හරිද මන්දා (නදී)
නිකන් කට තිබුන පලියට බොරුවට තප්පුලන්න එපා ඉන්ධන මිල අඩුකිරීම, ඇමති මණ්ඩල අඩු කිරීම, ඔවුන්ගේ අනවශ්‍ය පරිවාර රථවලින් මගතොටේදී වන කරදරයෙන් අප බේරා ගැනීමටයි මේවා කලේ. නිහතමානි මිනිහගේ ඔලුවට අත හෝදන්න නම් ඕනේ තරම් ඉන්නවා. (නදී)
වෛකෝ එව්වා දින 100 ට අයත් දේවල් නෙවේ. එව්වා බෝනස් (නදී)
දින 100 ට සංදර්ශන නම් ගොඩක් කළා. ඒත් නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (නදී)
ලෝක වෙළඳ පොලේ තෙල් මිළ පහත වැටී ඇත (නදී)
ශාන් වෙලාවට එජාපයේ එකේ 50 ට වැඩිය හිටියේ නැහැ. නැතිනම් බලාගන්න තිබුන ඇමති මණ්ඩලේ (නදී)
මහා පරිමානෙන් හොරු අල්ලන එක හරියට කඩෙන් ලොසින්ජර ගන්නවා වගේ වැඩක් නෙමෙයි ඒවටත් ක්‍රම වේදයක් ඇතිනේ. පොඩ්ඩක් ඉවසන්නකෝ අප්පා ඔයාල අවුරුදු 9ක් දත කට විකන් හිටියා වගේ. අපි ටිකක් කල් දීලා බලමු මේ වැඩේ වෙනවද කියලා. තවම දවස් කීයද ගෙවුනේ. තවම පරණ පුටුමනේ රත් වේවි තියෙන්නේ මේවා කරගෙන යන්න. ඉතින් ඒ ගැනත් හිතල මේවල වෙනසක් වෙනකම් පොඩ්ඩක් අපි විමසිල්ලෙන් ඉදිමු (නදී)
1. කෝ බකිංහැම් මාලිගාවේ සුදු අස්වයා ? 2 . කෝ බෙබිලගේ ලැම්බෝගිනි ? 3. කෝ බේබිලගේ හෙලිකොප්ටර් ? මේවා ඇත්නම් ප්‍රසිද්දියේ මජනතාවට පෙන්නන්න නැත්නම් වැඩක් නෑ (නදී)
වැඩක් නෑ කතා කරලා බලන් යද්දි ඔක්කොම එකයි.(හේ)