එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ රැස්වීමක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ දින 100 වැඩපිළිවෙළේ ඔක්සිජන් අප්‍රේල් මහ 23 වැනිදායින් අවසන්වන බැවින් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණයේදී නැවත ජාතික ආණ්ඩුවක් පත් කරගැනීමට නැවත ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් අලියා ලකුණින් තරඟ වදින බවත් ඒ සඳහා ආසන සංවිධායකයන් හා ශාඛා සමිති දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද කීවේය.
එම අවස්ථාවට අමාත්‍ය මණ්ඩලයේ සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන, රෝසි සේනානායක ඇතුළු පිරිසක් එක්වී සිටියහ.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසි බලාගෙන කිට්ටුවෙලා ඉන්න අයගෙන් පරිස්සමින් ඉන්න. මාදුලුවාවේ සෝභිත හිමි ගැන නෙවෙයි මම කිව්වේ (නදී)
විජයලාට මොළය තිබුනා නම් අපේ රටේ මිනිසුන් මේ විදියට සිතීම තීරණ ගැනීමෙන් වැළකී සිටිනවා. (නි)
දයා, ඔයා ඊයේ පෙරේදාද ඉපදුනේ? (නි)
බලමුකෝ පාර්ලිමේන්තුවේ කොපමණ ප්‍රමාණයක් ලබාගනීද කියලා (නි)
බැසයන සද ලෙසින් වලකාලන්නට බැහැ හරියට කඩුපුල් මල වගේ ඔයාලා අරුනැල්ලට පෙර මිලන වීමට ආසන්නයි (නදී)
දයා ඉන්නේ ලංකාවේ නෙමෙයිද? (නදී)
ඔක්සිජන් විතරක්ද ප්‍රාණයත්යවනවා ජනතාව විසින් (නදී)
මෙතන අදහස් දාන සමහරු කරන්නේ අනුන්ගේ අදහස් වලට බනින එක. කිසි තේරුමක් නැති වැඩක් ඒක. තමුන්ගේ අදහස ඉදිරිපත් කරන්න. අනුන්ගේ අදහස් වලට අකමැති නම් නිහඬ වෙන්න. (අ)
අපිට මෙච්චර බදු මිල අඩුකරපු රජයක් කවදාවත් පරදින්නෑ (බ)
තාවකාලික ඇමැතිකම් ගත්තු සමහර යු එන් පී මන්ත්‍රීවරු දැන් ලොක්කෝ වෙලා. ඒගොල්ලන්ව මුණ ගැහෙන්න නොම්මර ගන්නත්වෙලා. (බ)
අන්න එහෙම ජනතා කැමැත්තකින් ඇවිත් පෙන්නන්න..එතකොට අපිත් ඔබ තුමාව පිළිගන්නම්..(අ)
කොහොමත් ඉවර වෙනවා.(හේ)
දැන් කරගන්න දෙයක් කරගෙන ගෙදර යන්න බලාගෙන ඉන්න. පලිගැනීම්වලට වන්දි ගෙවන්නත් බලන් ඉන්න (නදී)
බොහොම හොඳ කතාවක් (නි)
මටනම් බඩුමිල කොපමණ වැඩි උනත් කමක් නැහැ . අපේ දුප් පත් කොල්ලෝ දිවා රෑ, අව්වේ,වැස්සේ , මදුරුවෝ තලමින් බඩගින්නේ වතුර තිබහේ ජීවිතේ පරදුවට තියල බෙඅරගත් අපේ රට දෙකඩ නොකර ඔබල ඕන කෙනෙක්ගෙන් පළිගනිල්ලා .....? (බ)
ඔක්සිජන් ඉවරවෙන බව කවුරුත් දන්නවා. කොහොමත් ජනතාව ඔබතුමා ඇතුළු යහපාලන නඩේට මීතේන් ලබා දේවි ඔක්සිජන් වෙනුවට. (නදී)
ඔක්සිජන් වායුව විතරක් නොවෙයි දැන් හයිඩ්‍රජන් වායුවත් නැතිකර වතුර ටිකත් නැති කරලයි මොවුන් තොලොංචි වෙන්නේ. හාල් මිල , පොල් මිල අහස උසට. කුම්බලා කටු කෑවනම් බළලෝ වමරාපන් ඉතින් (නදී)
දින 100 ට පෙර තීරණයක් ගන්න (නි)
ඡන්දයක් කිට්ටුවෙන කොට විමල් වීරවංස ලොක්කා රටේ අඩු අධ්‍යාපනයක් තියෙන මිනිස්සු ඉලක්ක කරගෙන "ඔන්න රනිල් රට කොටියට දෙන්න යනවා" කියලා මවන භීතිකාවට අහුවෙන්න එපා රූපවතී. හිටපු සහ දැනට ඉන්න සියලුම නායකයෝ අපේ රටේ මිනිස්සු. ඒ රට දෙකට කඩලා මොනවා ගන්නද? කොහේ යන්නද? ටිකක් හිතන්න. (දිල්)
අගමැතිතුමනි, මෙම මැතිවරණය කිසිසේත්ම කල් නොදමන්න (නි)
සිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුවක් ලැබේවා.! (ර)
ඔව් ඉතින්, දැන්නම් බයසැක නැතුව ඡන්දය ඉල්ලලා දිනන්න පුලුවන් (නි)
විජය ඔයාට මොලේ නැද්ද හැබැට (අ)