හම්බෙගමුව රතඹලාගම ප‍්‍රදේශයේ හේනක පැලක මැස්සක් මත නිදා සිටි පුද්ගලයෙකුගේ හිසට වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්‍ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු පෙබරවාරි 11 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස වැල්ලවාය මහේස්ත‍්‍රාත් ඩබ්.එල්. ගෝමස් අබේසිංහ මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඞ් කරනු ලැබුවේ හම්බෙගමුව, රතඹලාගම පදිංචි හර්ෂ මදුෂංක නොහොත් උදාර (24) සහ ඩිලාන් ඉදුනිල් දේශප‍්‍රිය (20) තරුණයින්ය.
හම්බෙගමුව රතඹලාගම ප‍්‍රදේශයේ නිවසක පැවති සාදයකට සහභාගිවීමෙන් පසු තම හේනට ගොස් පැලේ මැස්සේ නිදා සිටි එම ගමේම පදිංචි එම්.ඒ.ගුණසිරි (48) දෙදරු පියා නින්දේ දී ම ඝාතනය කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ වගේ මිනීමැරුම් කවදා නම් අඩු වෙයිද? අහන්න ලැබුනේ සෝචනීය සිදුවීමක්. ගුණසිරි මහතාට නිවන් සැප ලැබේවා!!! (බ)