මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු් ගිලීමෙන් මරණයටය පත්ව ඇතැයි පොලිසිය කියයි. . මස්කෙළිය කුයින්ස්ලන් වතුයායේ පදිංච් රාජේන්ද්‍රන් යෝගේෂ්වරන් (19) සහ විජේරත්නම් ක‍්‍රිෂ්ණසේන කුමාර් (17) යන දෙදෙනායි. සෙල්ලම් කිරීමට යන බව නිවෙස්වලට පවසා ජලාශයේ ඩැනියන් වත්ත ප‍්‍රදේශයෙන් දිය නෑමට ගොස් ඇති බවත් එක් තරුණයෙක් ජලාශයේ ගිලෙනවාත් සමගම ඔහු බේරාගැනීමට අනෙක් තරුණයා උත්සාහ කිරීමේදී දෙදෙනාම ජලාශයේ ගිලී ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසකයින් දෙදෙනා! නුඹලාට නිවන් සුව! (නි)