මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා 53% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව කැලණිය විශ්ව විද්‍යාලය මඟින් කළ සමීක්ෂණයක් අනාවරණය කරයි.
කොළඹ විශ්ව විද්‍යාලය මඟින් සිදුකළ තවත් සමීක්ෂණයකින් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජයගන්නා බවත් ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය 53% ක් බවත් අනාවරණය වී ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජිනදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමීක්ෂණය සිදු කර ඇති අතර කොළඹ විශ්ව විද්‍යාලයේ සමීක්ෂණය සඳහා ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඩී.එස්.ජයවීර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක් සහභාගී වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ කොළොඹ හරි. (ර)
මහින්ද දිනනවා, දිනනවාමයි. (ර)
ජයවෙිවා! සුභ අනාගතයක්! (ර)
සමීක්ෂණයක් අපක්ෂපාත විය යුතුයි. (ර)
ඔය හැමෝගෙම දේශපාලනය මත කිව්වම හරි 9 වෙනිදට බලාගමු ඇයි කලබල.? (ර)
ඔය හැමෝගෙම දේශපාලන මත කිව්වම හරි 9 වැනිදට බලාගමු .(හේ)
බුද්ධිමත් අයගේ තීරණයට ගරුකරන්න (නි)
විශ්වවිද්‍යාල මේ වගේ පරස්පර අදහස් දක්වල සවුත්තු වෙන්න හොඳ නැහැ.එවිට ඒ ආයතන කෙරෙහි ගරුත්වය නැති වෙනවා.(හේ)
අපේ බලාපොරොත්තුව ඔය ප්‍රතිපල කණපිට හරවන්නයි. (හේ)
මොනවා නැතත් මෛත්‍රී දිනනවාමයි (නි)
අපි බලමු බුද්ධිමතුන් කවුද කියලා.(හේ)
කැලණිය මොනවා කිවුවත් මෙදා වෙනසක් වෙනවා. (නි)
සමීක්ෂණය කියන්නේ බොරුවක් කියලා මේකෙන්ම තේරෙන්නේ නැද්ද ? සමීක්ෂණයක් අවශ්‍ය නැහැ, දිනන්නේ මෛත්‍රීපාල තමයි.(හේ)
නමුත් මෙහි සිද්ධ වෙන්නේ අනිත් පැත්තයි.(හේ)
මෙවර ජනපති වෙන්සක් වෙනවා.(හේ)
ලිහල බලන්න තියෙන මල්ල ඔබල බලා පලක් නැත. කන්ණාඩියේ පාටින් තමා පෙනෙන්නේ. (ර)
කැලණිය හැමවිටම හරි ඒවා කියනවා. මේ පාරත් කැලණිය හරියයි වගේ (නි)
කොහොම වුණත් කැළණියේ සමීක්ෂණය නිවැරදියි හැමදාම. (ර)
මෛත්රීට, ජය වේවා.! (ර)
කොහොමද දෙමළ මුස්ලිම් ඡන්ද සමව බෙදන්නේ ? 85% මෛත්‍රීට අනිවාර්යෙන්ම ලැබෙනවා (බ)
මුලින්ම අපි සුබ පතා ස්තුති වන්ත වෙනවා සුභ අලුත් අවුරුද්දක් වේවා කියා ලංකාදීප ආයතනයට අපට උණුසුම් පුවත් ලබා දීම පිලිබදව. මුස්ලිම් ඡන්ද කොහොමත් මහින්ද රාජපක්ෂ මහත්තයාට සම සමව යන්නේ නෑ ඒ නිසා අනිවාර්යෙන්ම සිරිසේන මහත්තයා දිනනවා අලුත් රටක් යහ පාලනයක් අපි බලාපොරොත්තු වෙනවා .(හේ)
තව ටික දවසයි , තව ටික දවසයි , සිංහල ජාතියේ මේ පොරය 50 % ක් වෙන දින ලග ඒ ඒ වෙනකොටනම් කල් වැඩිය දුර දිග නොබලා ජනපති ඡන්දේ කතිරය ගැහුවොත් කොට උඩය මේ රට හැර වෙන රටක් අපට නැත ඒ ගැන නුඹලා දන්නේද?(හේ)
මෛත්‍රී පාලනයක් ස්ථිරයි.(හේ)
හරි විදියට අහඹු නියෝජිත සාම්පල ලබාගෙන, නිවැරදි සංඛ්‍යා විද්‍යාත්මක විශ්ලේෂණ ක්‍රම භාවිතා කළා නම් ඉතාමත් විද්‍යානුකූල නිවැරදි ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ප්‍රශ්නය තියෙන්නේ සමීක්ෂණ වල නොවෙයි. සමහරු ඒවා තමන් දරන දේශපාලන මතවාදයට අදාළ කරගෙන කිරීමයි. (නි)
මහින්ද මහත්තයා උඩින්ම දිනනවා (නි)
කැම්පස් වල උගන්වන්නෙත් ඔය දේවල්ද දන්නේ නෑ.(හේ)
ඔය සමීක්ෂණ බොරු.(හේ)
මොනවා වුණත් අපිට ඕනෑ මෛත්‍රී පාලනයක් (නි)
පොඩ්ඩක් බලන්න ඔය 53% ස්මීකරණේ දෙන්න පටලවා ගෙනද කියලා.(හේ)
සමීක්ෂණ නම් බොරු තමයි..!(හේ)
සමීක්ෂණය සදහා ගන්න නියැදිය අනුව ප්‍රතිපලය සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. කරට කර සටනක් ඇතිබවනම් පේනවා. ඔබම 10 දෙනෙකුගේ අහඹු නියැදියක් අරගෙන අසා බලන්න. ඔබ ගත නියැදිය නගරයේනම් 80%ක් මෛත්‍රීට, ගමේනම් 70% මහින්දට, අර්ධ නාගරික නම් 55%ක් මෛත්‍රීට. ඒ කිව්වේ මගේ සමීක්ෂණයේ ප්‍රතිපල. (හේ)
සමීක්ෂණ දෙකෙන් දෙවිදියකට ප්‍රතිචාර , ඒ කියන්නේ මේවා සැබෑ සමීක්ෂණ නොවන වගයි , සැබෑ සමීක්ෂණය ජනවාරි 9 වනදා වන විට දැන ගත හැකිය.(හේ)
ලිහන්න ඉන්න මල්ල ඔබලා බලන්නේ මොකටද? අවුරුදු10 හිටිය වගේ දවස් 7 ඉමු.ලංකාදීප ඇතුළු සියලු දෙනාට සුබ වසරක්!!(හේ)
මෙම සමීක්ෂණ සඳහා සුළු ජාතික ඡන්ද සමසේ බෙදී යන බවට උපකල්පනය කර ඇතුවා වෙන්නට ඇත. 2010 ජනාධිපතිවරණයේදී යාපනය, වන්නි, මඩකළපුව, දිගාමඩුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල ප්‍රතිඵල බැලීමේදී පෙනීයන පැහැදිලි කරුණක් නම් පොදු අපේක්ෂකයාට මෙවර 65% ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන බවයි. (නි)
ශිරෝමි ඔබ හරි.(හේ)
ඒක බලමු 9 වැනිදාට.(හේ)
ප්‍රතිඵල මේ තරම් පරස්පර විය නොහැකිය. (ර)
ඕක ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට සහ ඉසෙඩ් ස්කෝර් ක්‍රමයට හදල ජනපතිකම දෙනවලු.(හේ)
තමන්ගේ පක්ෂය පරදිනවා කියන්න කැම්පස් දෙකේම අය කැමති නැහැ වගේ.(හේ)
මොනවා කරත් මෛත්‍රී මහත්තයාව පරද්දන්න බැහැ. එතුමාගේ ජයග්‍රහණය ඉර හඳ වගේ විශ්වාසයි. (ර)
මට සන්තෝෂයේ ආසාවේ බැරුවා. (ර)
කට්ටියගේ ඔය සමීක්ෂණ ඔක්කොම තමන් දරන දේශපාලන මතය අනුව නිර්මාණය වන ප්‍රතිපල..සෑබ ප්‍රතිපලය 9 වැනිදට බලන්න පුළුවන්..වැඩි දවසක් නැහැ.(හේ)
මේ දෙකේම සත්‍යතාවය ගැන නම් ප්‍රශ්නයක් ඇත.(හේ)
අපේ ජනපති මහින්ද රාජපක්ෂ තමයි (දිල්)
2010 කැළණි ය කල සමික්සනයේදී මහින්ද 58% සරත් ෆොන්සේකා 42%කිව්වා.දිනුවේ මහින්ද 57%සරත් ෆොන්සේකා 43% කැළණි කැම්පස් කරපු ඒවා බොහෝවිට නිවැරදියි. බලමු මේ පාරත්. (හේ)
අද ජනවාරි 01 ද අප්‍රේල් 01 ද ?(හේ)
මේ සමීක්ෂණවලින් පෙනෙන්නේ මේ දෙන්නගෙන් කෙනෙක් දිනන බවයි.දිනන්න නම් දෙන්නගෙන් කෙනෙක් සියයට පනහට වඩාගන්න එපායැ.හොඳයි බලමු.(දිල්)
සමීක්ෂණයට අනුව සල්මන් කාන් ගේ ප්‍රතිශතය කොහොමද? (ර)
සිරිසේන මහත්තයා දිනනවා අනිවාර්යයෙන්.(හේ)
9 උදේට බලමු. (නදී)
මහින්ද මහත්තයා අනිවාර්යයෙන්ම දිනනවා මිස්ටර් ප්‍රබාකරන් පරදිනවා (නදී)
සමීක්ෂණය කෙසේ වෙතත් රටට යහපතක් වේවා.! ලංකාදීපයටත් පාඨක ඔබ සැමටත් සුභ නව වසරක් වේවා.! (ර)
මම කියන්නේ මගේ අත් දැකීම අපි ඉස්සර පාරේ බැහැල ගියේ කොච්චර බයෙන්ද? අපිට යාපනයට ට යන්න තියා අපේ ගමේවත් නිදහසේ බයක් සැකක් නැතුව ඉන්න බැරි උනා. අපිට නිදහසේ මේ විදියට ඉන්න විදිය සලස්සල දුන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු මේ රජය. මහින්ද රාජපක්ෂ අනිවාර්යෙන් දිනනවා . [ඒක මගේ සමීක්ෂණයනය] (නදී)
ධර්මිෂ්ඨ සමාජය, යහපාලනය, දූෂණයෙන් භීෂණයෙන් තොර රටක්, වගේම මෛත්‍රී චින්තනය වටා සිටින අයත් නියත වශයෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ දෙය කරනවාමයි. ඒ නිසා මගේ රටට අවාසනාවන්ත කාලයක් උදා නොවේවා කියා මා පතනවා (නදී)
පිවිතුරු හෙටක් අපිට ...?? (නි)
කවුරු දින්නත් අපි පැරදි.(හේ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා 2010 ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා 74% ලබන බව කීවා . දැන් කියනවා 53% ගන්නවලු . ඒ කියන්නේ 21% අඩු වෙලාද ?(දිල්)
මෙි යුගයට අවශ්‍ය අළුත් නායකයෙක්. කිසිම පාලකයෙක් වසර 6 කට වඩා බලයේ ඉන්න හොද නෑ. ඒක පොදු ජනයාට අහිතකරයි. කොළඹ සරසවියේ සමීක්ෂණය හරි. ඒ ලංකාවෙි බුද්ධිමත්ම පිරිසගේ තීරණය. (හේ) ස
රට හැමතැනින්ම ලැබෙන තොරතුරු අනුව මෛත්‍රී මහත්මයා 60% කටත් වැඩිය ඡන්ද ගන්නවා කියලා තමයි දැන ගන්නට තිබෙන්නේ.. (දිල්)
ඔය ගණන් හිලව් හදල තියෙන්නේ බස් වලින් ඇදපු මිනිසුන්ගේ ගණන එකතු කරලා වෙන්න ඇති.(නදී)
ඔය ජිල්මාට් වෙන විදියටද?(නදී)
අසංක ඔබ වැරදියි. 2010 කැළණි ය කල සමික්සනයේදී මහින්ද 74% සරත් ෆොන්සේකා 24%කිව්වා. නමුත් මහින්ද ගත්තේ 58% . දැන් ඔවුන් කියනවා ...මහින්ද 53% ගන්නවලු . ඒ කියන්නේ මහින්දගේ ඇත්ත ගාන 37% ද ?. කතිකාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා තමයි මේ සමීක්ෂණය කලේ (නදී)