
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
උපතින්ම අත් දෙක සහ පාද දෙක අහිමිවූ දරුවකු මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 160 ක් ලබාගෙන සමත්වී ඇතැයි වාරියපොල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයෙන් වාර්තා වේ.
මෙසේ විභාගය සමත්ව ඇත්තේ එම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ එම්.එම්. සිතිල තෙව්ජාන් දම්යුරු නැමැති සිසුවෙකි.
දරුවා අත් පා නොමැතිව අබාධිතව ඉපදුනු හේතුවෙන් දරුවාගේ පියා දරුවාගේ මව සමග අමනාපයක් ඇතිකරගෙන දරුවා කුඩා කාලයේදීම මව සහ දරුවා හැරගිය බවත් අනතුරුව දැඩි අපහසුතාවයන් මධ්‍යයේ දරුවා මෙවැනි තත්වයකට ගෙනඒමට කැපවූ බව දරුවාගේ මව කීවාය.
මෙම දරුවා පළමු වසරේ සිටම සුමංගල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ අතර මුල් වසරවලදී මෙසේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා වෙන්වූ ඒකකයේ ඉගෙනුම බවත් පසුව වෙනත් සාමාන්‍ය දරුවන් හා එක්ව සාමාන්‍ය පංතිවල ඉගෙනුම ලැබූ බවත් විද්‍යාලයේ විදුහල්පති ගාමිණී කරුණානායක මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා - පුතුන් රජුන් කරන්ටා... ඒ උතුම් අම්මාට මගෙන් මල් කලඹක්... ඔබටත් ඒ දක්ෂ බුද්ධිමත් පුතාටත් නීරෝගී සුවයත් දිගාසිරිත් ලැබේවා!
පුතාගේ විරිය අධිෂ්ඨානය අගය කරනවා. තව ඉගෙන ගෙන මේ රට ගොඩදාන්න පුතේ...
ඒ මවට මාගේ ප්‍රණාමය...!
යොහානිට නම් එක සිංදුවක් කියලා කොළඹින් ඉඩමක්... කෝටි ගණන් සල්ලි දුන්නා අපේ බදු සල්ලිවලින්. මේ පුතාට මේ පුතාට මොනවගේ පහසුකම්ද දන්නේ නෑ දීලා තියෙන්නේ...!
මෙම මවට දරුවා බලාගැනීම වෙනුවෙන් රජයෙන් වැටුපක් දෙන්න ඕනේ...!