වැලිවේරියේ ගැමියන්ගේ උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරි ඇතුළු මාධ්‍යවේදීහු තිදෙනෙක් පුරා පැය හතරක් පමණ පණ බියේ ගැහෙමින් වැලිවේරියේ නිවසක කළුවරේ ගොළුවන් සේ සිටි සිද්ධිය එහි සිටි මාධ්‍යවේදියෙක් විස්තර කරයි.
‘හමුදා සෙබළුන් හතර දෙනෙක් එතැන තිබුණු ඉනිමගෙන් උඩට නැගලා අපි දෙන්නා වට කරගත්තා. ඔවුන් ඇහුවා මෙතන මොකද කරන්නේ කියා. අපි කිව්වා ‘මීඩියා‘ කියලා. කැමරා කෝ කියලා ඔවුන් ඇහුවා. හමුදාවේ දෙදෙනකු බැටන් පොලු දෙකක් මාධ්‍යවේදියකුගේ උරහිස් දෙකට තබා තද කරගෙන හිටියා. ඉන් පස්සේ එතැන හිටපු අනිත් හමුදා සාමාජිකයන් දෙදෙනා තවත් මාධ්‍යවේදියකු අත තිබූ බ්‍රීෆ්කේසය අරින්න කිව්වා. ඒක ඇර කැමරාව ගත්තා‘
භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් රතුපස්වලට එන බවට ආරංචියක් ලැබී ඔවුහු එතැනට ගියහ. වැලිවේරියෙන් එහා පැත්තට යන්න බැරි වෙන විදියට පාර වසා තිබිණි.
ඒ වෙනකොට උද්ඝෝෂණයට හාර දහසක් පන්දහසක් එකතු වී සිටිහය.
‘අපි පාරේ ඉඳන් ඡායාරූප ගනිමින් සිටියදී ආරංචි වුණා බැලුම්මරදි මාධ්‍යවේදීන්ට ගහලා කියා. අපිට ඕනෑ වුණේ කැමරා ආරක්ෂා කරගන්නයි. උද්ඝෝෂණය කරන පාර හොඳට පේන තැනක් බලලා අපි කඩේක වහළයක් උඩට නැංගා. එතැන මාධ්‍යවේදීන් අට දෙනකු විතර හිටියා.
සන්නද්ධ හමුදාව වැලිවේරිය පැත්තට එනවා දැක්කම අපි එක්ක හිටපු මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් වෙනත් තැනකට ගියා. යුද හමුදාව අවට වතු වලින් පොලු කඩාගෙන එන හැටි දැක්කා. එක අතකින් මුගුරුත්, අනිත් අතින් තුවක්කුත් අරගෙන යුද හමුදා පිරිස් ඉදිරියට ආවා.
අපි ඉන්න හරියට එද්දී හමුදා නිලධාරියෙක් ඇඟිල්ල දිගු කර කැමරා අයින් කර ඉවත්වන ලෙස අණ කළා. අපි එතැනින් බිමට බහින්න හිතාගෙන පස්සට ගියා. අප සිටින තැනට යන ලෙස ඒ නිලධාරියාම භටයන් කිහිප දෙනෙකුට සංඥා කළා.
ඔවුන් අප සිටි තැනට ඇවිත් මාධ්‍යවේදියකුගේ උරහිස් දෙකට පොලු දෙකක් තබා තදකරගෙන සිටියා. පස්සේ මට බිමට බහින්න කිව්වා. ඔවුන් අපටට බැණවැදුණා. මොනවට උඩට නැංගාද කියා. අප ඉනිමගෙන් පහළට බැස්සා. ඔවුන් ඉවරයක් නැතිව බැණ වැදුනා. ඉන් පසු අපි මැදි කරගෙන යුද හ්‍මුදාවේ හතර දෙනා හමුදාවේ පිරිස් වැඩිපුර ඉන්න පැත්තට අප රැගෙන ගියා.
‘මාධ්‍ය තමයි මේවා අවුස්සන්නේ. මුං ඇවිත් තියෙන්නේ අරමිනිස්සුන්ගේ ෆොටෝ ගන්න නෙමයි. අපි පොලු අරන් ඉන්න ඒවා ගන්න .‘ යැයි කියමින් ඔවුන් බැණ වැදුනා.
එතැන කඩේක හිටපු තරුණයන් පිරිසක් අප එතැන හිටපු කඩයකට අරගෙන ගියා. ඉන් පස්සේ යුද හමුදාව ගහන්න ගත්තා. උද්ඝෝෂකයනුත් යුද හමුදාව පැත්තට ගල් මුල් ගසන්න පටන් ගත්තා. අප සමග ගම්වැසියන් 20ක් පමණ හිටියා. එක්වරම හමුදාවේ පිරිසක් කුණුහරප කියාගෙන අපිට ගහන්න දුවගෙන ආවා. ඒ හරියේ ගේට්ටුවක් ඇරලා තිබුණු වත්තකට අපි දිව්වා. දුවන ගමන් ගේට්ටුවත් වැහුවා. ඒ වෙනකොට දෙගොල්ල ගහගන්නවා. වෙඩි සද්දෙත් ඇහුණා. අපි එක්තරා ස්ථානයකට දුවලා දොරවල් වැහුවා. මාධ්‍යවේදීන් කිහිප දෙනකු සමග පහලවක් විතර ඒ තැනට දිව්වා. අපි නිවසේ විදුලිපහන් නිවා දැම්මා. ඉන් පසු යුදහමුදාව ගේට්ටුව ඇරගෙන ඇතුළට ඇවිත් දොරටත් ගහුවා.
වෙඩි සද්දේ තදින් ඇහුණා. පැරා ගහනවා දැක්කා. මිනිසුන් කෑහනවා ඇහුනා. අපි ඉන්න තැන වටේම හමුදාව සිටියා. ඔවුන් අපව සොයන බව අපට තේරුණා. හයියෙන් කතා කරන්නත් බෑ එළියට ඇහෙනවා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක ලේකම්තුමනි,මෙහි වගකීම කාගේදැයි වහාම පරීක්ෂණයක් පවත්වන්න. මෙය හොඳ දෙයක් නොවෙයි. හමුදාව සාමාන්‍ය මිනිසුන් අතරට යැවීම කරන්න එපා. ඔවුන්ගේ කවදත් තිබෙන්නේ යුද මානසිකත්වයක්. මේවා රටට විරුද්ධ අයට හරිම හොඳ ප්‍රවෘත්ති. (නි)
මාධ්‍ය නිදහස කොතනද? (දී)
මට ඉසිප්‍රියා ගේ කතාව මතක් උනා තව ඉස්සරහට බාලචන්ද්‍රන්ගේ කතාවත් මතක් වෙයි (ස)
මහත්තයෝ, අපි ඔබ සමගයි. තව මොනවා හරි ඕනෑද? (නි)
හමුදාව කරපු දේ වැරදියි. නමුත් ඉහලින් එන අණ පිළිපැදීම ඔවුන්ගේ රාජකාරිය. රට රැක ගත් විරුවන්ට මේ වගේ සිදුවීමක් නිසා ගරහනවා නම් ඔවුන් මිනිසුන් නොවේ. පාලකයින්ගේ නොසැළකිල්ල මේ තරම් දුර ගිය මේ ප්‍රශ්ණයට වගකිව යුතුයි. රට රැක ගත් විරුවන් නොසිටින්නට අදත් අපි බෝම්බ වලට දිවිදෙන අනාථ ජාතියක්. මේ වගේ දේකින් ඒ ශ්‍රේෂ්ඨ කියාව අවමන් කරන්න එපා(නි)
නුවර පාර දෙපැත්තේ වරු ගණනක් උද්ගෝෂණයක හිරකරුවන් වී වාහන තුළ අතරමංව දුක් පීඩා විදි ජනතාව ගලවාගන්න හමුදාව කල මානුෂික මෙහෙයුම ලංකාවාසී සාමකාමී සියලු ජන සමාජයන් අගය කරනවා.සාමකාමී උද්ගොෂණයන්ට ඇහුම්කම් දී සාධාරන ප්‍රශ්න වලට කඩිනමින් විසදුම් දිය යුතු වගේම පාරවල් හරස් කරගෙන අනුන් පීඩාවට පත් කරවන උද්ගෝෂණ වලට ඉදිරියටත් කඩිනමින්ම මෙවැනි ප්‍රතිචාරයක් අපි බලාපොරොත්තු වෙනවා (නි)
විශ්ව විද්‍යාල ආදී තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න මිනිස්සු කෑ ගහන හැම තැනකටම අද ක්‍රියාත්මක වන්නේ මර්දනය පමණයි. (නි)
මාධ්‍ය වේවා වෙනත් කවුරුන් හෝ වේවා තමන්ගේ කාර්යය තමන් හරියට කරන එකයි වියයුත්තේ (නි)
මම මෙකනදි සම්පූර්ණ වරද හමුදාව මත පටවන්නෙ නෑ. ඔවුන් කාගෙන් හරි ඉහළින් ආපු අණක් පිළිපැදල තියෙන්නෙ. හමුදාවක් කියන්නෙ අණකට අනුව ක්‍රියාකරණ පිරිසක්. එකයි ගොඩක් දියුණු රටවල් සාමාන්‍ය මෙවැනි දේවල්වලින් හමුදාව ඉවත් කරල තියන්නෙ. නමුත් පොලිසියක් කියන්නෙ එහෙම නෙමේ ඔවුනට හිතල මතල ක්‍රියාකිරීමට අවසර තියෙනව. මේවට සම්පූර්ණ වැරද්ද ඉහළ දේශපාලන අධිකාරිය පමණයි. මේ වගේ දේවල් ඉදිරියට උනොත් මම හිතන්නෙ අර ඩයස්පෝරාවට නිකම්ම රට ලියල දුන්න කියල තමයි.(ස)
තේරෙනවා නේද මර්ධනයේ තරම? (නි)
මෙතන ප්‍රතිචාර දාල තියෙන අය හමුදාවේ වැරැද්ද විතරයි දකින්නේ. අද එක් අයෙක් මැරිලා ලොකු අසාධාරනයක් වෙන වැඩක් නැවැත්තුවේ. ප්‍රධාන පාරක් හරස් කළාට වතුර හොද වෙන්නේ නැහැනේ. අපේ හමුදා සොයුරන් ලක්ෂ ගානක් ජිවිත බිලිදුන්නෙත් දුප්පත් අපි වෙනුවෙන් තමයි. බෝධි පුජා තැබුවෙත් දුප්පත් අපිම තමා (නි)
හිට්ලර්ලාගෙන් අපගේ ආදරණීය මාධ්‍යවේදීන් රැකගමු. (ස)
දැන්වත් ඡන්දය දෙන්න පෙර කල්පනා කරලා බලන්න.ඡන්දය කිට්ටු වෙනකොට හිනා වෙලා ළගට එයි. (නි)
ලංකාදීප මාද්‍යවේදීන්ට ස්තුතිය! සියලු මාද්‍යවාදීන් සාදාරණය සත්‍ය වෙනුවෙන් පැන භාවිත කරන්න ඕන. රටේ ජනතාව වෙනුවෙන් යහපත උදෙසා ..... (ස)
ආශ්චර්යය පටන් ගත්ත විතරයි වගේ. (ස)
දකුනේ හමුදවේ හැසිරීම මෙහෙම නම්......? අනේ මන්දා! (නි)
මෙ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන්ව නිතිය හමුවට ගෙන එන්න. ඒක ඔබතුමන්ලා කරන්නෙ නැත්නම් ජාත්යන්තරයටවත් කරන්න ලාංකිකයන් ඉඩ දිය යුතුයි (නි)
අවංක , මිඩියා එකට තර්ජනය කරන්න කියලා අණ ලැබුණේ කොහෙන්ද කියා සහ මිනිසුන්ට මෙලෙස සළකන්නට අණ ලැබුණු තැන ගැනත් අපට සාක්ශි ඉදිරිපත් කරන්න. (නි)
මේක ඔයාල ලිව්වා එකට ලංකාදීපෙට මගේ සතුට. මේවා ලියල ඇත්ත ලියල එක හොද දෙයක්. (ස)
දැන්නම් ප්‍රභාකරන් ගැන අපිට වෙනස් විදියකට හිතෙනවා. (නි)
අර කොටින්ටත් ආදරෙන් සලකන බව කියපු හමුදාවද නැතිනුම් ලඟදි මෑතකදී හමුදාවට බැඳුනු අයද .මේගොල ජිවත් වෙන්න වතුර ඉල්ලපු අයට වෙඩි තිබ්බේ ,මේ ගොල්ල වතුර පාවිච්චි නොකරන අය නිසා සහ දුප්පත් දෙමාපියන්ගේ නොවන නිසා වෙන්න ඇති. (ස)
ධම්මික ඔබට මතක් වෙන්නේ ඉසිප්‍රියා සහ බාලචන්ද්‍රන්... හරිම කනගාටුය...ඔබට කෙබලිතිගොල්ලාවේ අහිංසක ළමයි අම්මල, අම්පාර පැට්ටේ අහිංසක මිනිස්සු, කොළඹ බෝම්බ වලින් මරුන අහිංසක මිනිස්සු මතක් වෙන්නේ නැද්ද ? (ස)
සමහර පත්තර වල මෙහෙම සිද්ධියක් උනයි කියාලා දන්නැති ගානට දේශපාලකයන්ගේ ගුණ වර්ණනා කරලා තිබුණා. ලංකාදීපේ එහෙම නෙවේ මානව හිමිකම් වෙනුවෙන් නැගී සිටිනවා අපි ඔබල සමයි. (ස)
හමුදාවට කරන්න දෙයක් නැහැ (නි)
දකුණෙදි මෙහෙම නං උතුරෙ අහිංසක දෙමළ මිනිස්සුන්ට කොහොම සළකන්න ඇතිද? (ස)
මේක ඇවිල්ලා මානුෂික මෙහෙවරක් (ස)
අපේ හමුදාව යුද්ධයේදී මානව හිමිකම් කඩකලා කියල මුළු ලෝකයෙන්ම චෝදනා එද්දී ඒවා තහවුරු කරගන්නද මේ වගේ තිරිසන් වැඩ කරන්නේ? මේ කරන අමන වැඩ වලට වන්දි ගෙවන්නේ වෙන්නේ මුළු රටටමයි (ස)
ලංකාදීපේ සහෝදර මාධ්‍ය සහෝදරයන්ට ...අප වෙනුවෙන් මාධ්‍යය අවරණය කරන්න ගියාට බෝහම පින්... අපි සැමදාම ලංකාදීප සමගියි ...අනතුරක් නොවීම ගැන දෙවියන්ට ඉස්තුතියි .... (ස)
මේ ඇත්තටම මේ රටේ ආරක්ෂක හමුදාවද කියන ප්‍රශ්නය අහන්න වෙනවා.ලෝකයට පසක් කරන්නද හදන්නේ මොකක්ද? අපේ රටේම අපේම සිංහල මිනිසුන්ට සළකන ආකාරය මෙහෙම නම් අපිට අනෙක් දේවල් ගැන කියන්න අවශ්‍ය නැහැ නේද? මේ හමුදා ක්‍රියාමාර්ගය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඔබ ඉන්නේ රට රකින්න, මිනිසුන් රකින්න මිස මිනිසුන් මරන්න නොවේ. අපි බෝධි පූජා තියලා රණවිරුවෝ දිනේවා කියලා සෙත් පැතුවේ මෙහෙම දේවල් දකින්නද ? (නි)
මේ ප්‍රශ්නයෙනුත් බොරදියේ මාළු බාපු කට්ටියක් හිටියා. එයාලා තමයි වග කියන්න ඕනෑ.හමුදාවට බැනලා වැඩක් නැහැ.අර හමුදා නිලධාරියා පුළුවන් තරම් කිව්වා ''අපිත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න එපා'' කියලා. මේක පිටිපස්සේ ඉන්න වෙනම කල්ලියක් ඉන්නවා වගෙයි (නි)
හමුදාව කල දේ හරි කියන්න බැහැ. වරද ඒ අයට අණ දුන්නු අයගෙයි. පාලකයන්නට ට හැකියාවක් තිබුණා මේ ප්‍රස්නේ මීට වැඩිය සරලව බේරන්න. අහිංසක ජනතාව ඉල්ලුවේ බීමට ජලය පමණි. (අ)
සනත් ඔයා හරි.(නදී)
අනේ මගේ රට
දැන් දැන් එන්න එන්න රට අගාදයටම පත් වෙලා.තව ඉදිරියට මොනවා වේවිද කියල උඩ ඉන්න දෙවියෝ විතරක් දන්නවා ඇති.රට බේරාගත් හමුදා සෙබලලනි...ඔබලාට මතක නැද්ද ඔබල නෙනුවෙන් මේ අහිංසක මිනිස්සු මොන තරම් පුද පුජා තිබ්බද.ඒවා අමතක කර,තුවක්කුවලින් ඇය මේ බොන්න වතුර ටිකක් නැතිව කෑගසන මිනිසුන් මරන්නේ.ඔබලා වෙනුවෙන් මේ මීඩියා මහත්වරු කොතරම් උදව් කලාද. කෙලෙහි ගුණ නොදත් නරුමයන් වන්න එපා. අණ දුන්නට.තුවාල ලැබූ සියළු දෙනාට ඉක්මන් නිරෝගී සුවය පතමි.
රත්තරන් පුතුනි,නුඹලා මෙහෙම කරලා මදි පුතුනි (ස)
තව මදි අපට ඡන්දය දුන්නාට (අ)
මේ කර්මාන්ත ශාලාව බේරගන්න මෙච්චර දැගලුවේ. මෙය හිට්ලර්ලගේ පවූලේ බූදලයක් බැවිනි. (ස)
හොද ලිපියක් (නි)
දිව භෝජනයට කිරිබත් කන්න ගිහිල්ලත් ඔහොම වෙච්ච එකනේ පුදුමේ? (අ)
මේකට කියන්නේ ලබ්බට තියපු අත තමා පුහුලට තියන්නේ. උතුරට දුන්නු උණ්ඩ දැන් දකුණට දෙනවා. ජනතාවට අස්චාර්ය. 2009 කාපු කිරිබත් මතක් වෙයි තව ටිකකලක් යනකොට. තවම ලාංකිකයෝ මේ බව තේරුම් ගත්තා මදි. මදි.තව ගියාවේ ඔහම. (ස)
ඉස්මෛල් හුසේන් , ඔය හොරාගේ අම්මගෙන් පේන අහනවා.(අ)
ප්‍රශ්නයක් ? ප්‍රශ්නයක් ? ප්‍රශ්නයක් ? මේ ඇත්තටම හමුදා භටයන්ද ?තමන්ට දිවි දෙවැනිකොට ආදරය කල සමාජයකට ඔවුන් මෙලෙස කෙරෙයි ද ? ඉහලින් නියෝග ලැබුණත් මෙතරම් කෲර විය හැකිද ? මාලග පිළිතුරක් නැහැ. හැකිනම් කවුරු හරි පිලතුරු දෙන්න (අ)
හමුදා මහත්තයෝ .... ඔබ දන්නේ නැ ආණ්ඩුවේ අය ගැන ඒයාල බේරෙන්න ඔයාගේ තරු පටි ටික තව ටික දවසකින් ගැලවුනාම තේරේවි ..... (ස)
යුද බිමේදී ප්‍රතික්‍රියා කළ යුතු ආකාරයත් සිවිල් සමාජය ඉදිරියේ කටයුතු කළයුතු ආකාරයත් දෙකක් බව සොල්දාදුවකුට තේරුම් ගන්නට තරම් මොළයක් තිබී නැති බව පෙනෙනවා. (නි)
මේක කොහෙන් කෙළවර වේවිද? (නි)
ඔය වෙඩි තිබ්බේ හමුදාවට සෙත් පතල බෝධි පුජා කරපු අහිංසක මිනුසුන්ට කියල හමුදාව දැන ගන්න.සිංහල අහිංසක මිනිසුන්ට ඔහොම නම් (අ)
දැන්නේ තේරෙන්නේ බය වෙන්නේ ඇයි කියලා (අ)
අද කාලේ ජාතික වීරයන්ගේ තරම නම් කියලා වැඩක් නැහැ (නි)
පුවත් දැනගැනීමේ අයිතිය නැති කිරීම අසාධාරණයි, වැරදියි. පුවත් වාර්තාකරණය වැළැක්වීම මගින් දුෂිතයන්ට, වැරදිකරුවන්ට ගැලවීමේ මාර්ග පෑදේ. මෙම සිද්ධියට අනිවාර්යයෙන්ම පරීක්‍ෂණ පවත්වා දඩුවම් දිය යුතුයි. පක්‍ෂයට හෝ විපක්‍ෂයට ආවැඩීමකින් තොරව මාධ්‍යවේදීන් එකාවන්ව හැසිරෙන හැටි බලා සිටිමු. (නි)
මේ රටේ ඉන්නවා නම්, නැත්තන් මේ වගේ රටක ඉන්නවා නම් මේකද අපේ උරුමය? (නි)
මෙම සිදුවීමේ දෙපැත්තක් ඇත, ජලය දුෂණය වී ඇත්තේ මෙම කර්මාන්ත ශාලාවෙන්මද කියා, තවමත් විද්‍යාත්මකව තහවුරුවී නොමැත, හමුදාව සිදුකරන්නේ ඉහල නිලධාරීන්ගෙන් ලැබෙන නියෝග ඉටුකිරීම පමණකි, එය ඉටුනොකිරීම යුධ අධිකරණයට උවත් යාමට හැකි වරදකි, නුවර කොළඹ හා වැලිවේරිය බැලුම්මහර අතර පාර දෙපැත්තකින් වසා මාර්ගය අවහිර කිරීමෙන් මිනිසුන් , රෝහල්කරා යන අසරණ රෝගීන් , ගැබිණි මාතාවන් ඇතුළු කොපමණ පිරිසක් පීඩාවට පත්වන්නට ඇත්දැයි සිතට ගත යුතුය, වැදගත්ම කරුණනම් මාර්ගය වසන්නට පෙර ආරක්ෂක ලේකම් වරයා හා ගැමියන් අතර පැවති සාකච්චාවේදී, මෙම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමටත්,ස්ථිර විසදුමක් ලැබෙනතුරු බවුසර්මගින් ජලය ලබාදීමටත් පියවරගෙන තිබීමය, සාමාන්‍ය මිනිසුන් වන ඔබ මා අතින්ද ජලයට හා පරිසරයට අප ද්‍රව්‍ය එකතුකිරීම සිදුකරනුලබයි, එනම් වගාවන්ට දමන පොහොර, කෘෂිරසායන භාවිතය, ප්ලාස්ටික් හා පොලිතින් ඉන්සමහරක්ය,පැති බිත්ති හා පතුල සිමෙන්තියෙන් නොබදිනලද වැසිකිලිවලවල් නිසාද ජල සංචිත වලට මළද්‍රව්‍ය එකතුවීම සිදුවේ. පීඩාවට පත් පිරිසකගේ ඉල්ලීම් දිනාගැනීමට, මෙයට කිසිසේත්සම්බන්ද නැති තවත් දහස්ගනනක පිරිසක් පීඩාවට පත්කිරීම කොතරම් සාධාරණ දැයි දෙවරක් සිතාබැලියයුතුය.(අ)
සංජීව මල්ලි ඔය හරි .මොකද ඕකම තමා මම ලියන්න හිතුවෙත් !(අ)
මේ උද්ඝෝෂණය සීමාව ඉක්මවා ගිය එකක්. මේ අදහස් දමන එක් කෙනෙකුටවත් තේරෙන්න නැද්ද දවස් ගණන් පාරවල් වහගෙන හිටියම මිනිස්සු කරදයට පත්වනවා කියලා? (නි)
මෙබදු දුක්ඛදායක දේ නිතර අසන්නට වේ. ලෝකයේ පිරිහුණු රටක් බවට පත්ව ඇති මගේ මව්බිම හොරුන්ගෙන් , මිනීමරුවන්ගෙන් , දුෂකයන්ගෙන් බේරා ගන්නට වහ වහාම කටයුතු කළ යුතුයි. (නි)
මේ ප්‍රකාශ වලින්ම පේනවා විනාශකාරී මාධ්‍ය මර්ධනයේ තරම. මේ සියලුම මාධ්‍යවේදීන්ට අපගේ ප්‍රණාමය හිමිවිය යුතු අතර ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යුගයක අරම්භයක්දෝ කියා සිතේ. (නි)
මේකට චැනල් 4 අවශ්‍ය නැහැ
දීපා අධිකාරී සහ අනෙකුත් මාධ්‍යවේදීන් සැමට මගේ සුබ පැතුම්! ජීවිතය දෙවැනිකොට කරනා උදාර මෙහෙයට ස්තූතියි. මෙතැන මොකක් නමුත් සිදු වී තිබෙන බව පැහැදිලියි. අපේ විරෝධාර සෙබළුන් පිළිපදින්නේ ලොකු අයගේ අණ! ඉතින් අපි අපිට හිතෙන විදියට අදහස් දානවා. නමුත් ඇත්ත මොකක්ද කියා අපි දන්නේ නැහැ. අපි හේතුව හොයමුද? රටම විනාශ වෙනතුරු නොසිට විසදුමක් දෙන්න (නි)
අනෙක් හැම මාධ්‍යයක්ම නිවට පතිවත රකින වෙලාවෙ එක් මාධ්‍යයක් තනි සටනක..... ලංකාදීපයට ස්තුතියි! (නි)
රුකන්තට සාධාරණය ඉෂ්ට වුනේ අවුරුදු 13 ට පස්සේ. මෙයාලටත් ඒවගේ වේවි. (ස)
දකුණේ ඔහොම නම්... (නි)
මහින්දට ජය වේවා.
තවත් දෙන්න චන්දෙ
ආචාර ධර්ම වලින් හදන්න යන්නේත් මාධ්‍යය. හමුදාව හදන්න යන්නේත් මාධ්‍යය. දේශපාලකයොත් හදන්න යන්නේ මාධ්‍යය.මාධ්‍යය නිදහස නැහැනේ මෙහෙම යනකොට. (නි)
මෙතන අදහස් දල තියන හැමෝම හමුදාවට දොස් කියල තියනවා මිස හමුදාවට මේ දෙය කරන්න ආඥාව නිකුත් කල කෙනා ගැන සඳහනක් නෑ.
ඊ ළඟ පාරත් අත දිග ඇරලා දෙන්න චන්දෙ මැරයකුට
ඔබල වෙනස් අදහස් ඉඩ දේනේ නැද්ද මම ස්වාදීන පුද්ගලයෙක්
ඔබල වෙනස් අදහස් ඉඩ දේනේ නැද්ද මම ස්වාදීන පුද්ගලයෙක්
මේ මොහාන්ලා, බන්දුලලා වගේ අය තමුන්ගේ වැඩේ ගැන විතරක් හිතන අනුන් ගැන නොහිතන ආත්මාර්ථකාමී අය.මෙයාලට මේ වගේ වතුර ප්‍රශ්නයක් වුණා නම් රටත් විකුනාවී. අද තමුන්ගේ මහලු අම්මලා තාත්තලා මහලු මඩම්වල දාන්නේ, පාරවල්වල දාලා යන්නේ, කාර් වලින් රෑට ගිහින් මහා පාරේ කුණු දාන්නේ මේ වගේ අය. කියන්න තිබෙන හැම දෙයක්ම කියන්න බැහැ.තවත් කිව්වයි කියලා හිතාගන්න.සමහරවිට අර කර්මාන්ත ශාලාවෙන් මෙයාලට ලොකු වාසියකුත් ඇති. (නි)
ගහන්න ,මරන්න, මේ රටේ නරක මිනිස්සු එකෙක්වත් ඉතුරු කරන්න එපා
ආශ්චර්යය ළමයිනේ ආශ්චර්යය... (නි)
අහිංසක මාධ්‍යවේදියෝ, පව් අනේ! (නි)
හමුදාව ගත් පියවර හරියැයි කියන්න බැරි වුණත් විනයක් නැති මිනිසුන් සමග රටක් දියුණු කරන්න බැහැ. ජපානෙත් දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ මේ වගේ තත්වයක් මතු වුණා. ඒක මර්දනය කළෙත් මේ විදියට තමයි. එදා එහෙම නොකළා නම් ජපානය අදත් නොදියුණු ජාතියක්. (නි)
මේ ගොල්ලන්ට සැරට පාරවල් තුනහතරක් වදින්නම ඕනෙ පොඩ්ඩක් ඇත්ත ඇති විදියට වාර්තා කරන්න හිතෙන්න.ඒ අතින් බලනකොට අපේ රණවිරුවන්ට බුදුබව ලැබෙන්න ඕනේ
මේ සේරම බොරු. උපවාස කල හාමුදුරුවෝ කියනවා හමුදාවෙන් ගැහුවේ නෑ කියල. අද පත්තරේක තියෙන්නේ .හාමුදුරුවෝ බොරු කියයිද? (දී)
මාද්‍ය වේදීන් අය ෆොටෝ එකක් වත් අරන් නැහැනේ
යුද්ධයක් නැති රටක, සිවිල් පරිපාලනය ගැන දැනුමක් නැති එහෙත් යුධ මානසිකත්වයක් ඇති බලවත් අය සිටින තුරා මෙවන් සිදුවීම් සිදුවීම වැලක්විය නොහැක. (ස)
සමස්ත හමුදාවටම දොස් කියන එක අසාධාරණයි.මුල හොඳ නම් අග හොද වෙයි.මේවට බැනලා වැඩක් නැහැ.කුඩා කල සිට අධ්‍යාපනයයි සංවර්ධනයයි හරියට උගන්වන්න ඕනෑ. (නි)
පත්තර කාරයෝ දැන්වත් කඩේ ගියා ඇති කියල හිතල හරියට ප්‍රවෘත්ති දාන්න ඉගෙන ගන්න ඕන. දේශපාලුවෝ තරමටම පත්තර කාරයින්ව අප්‍රිය කරනවා මිනිස්සු. හැමෝම කියන්නේ පත්තර කාරයින්ට ගහපු එකනම් හොඳයි කියාල. මෙයාලට එදා වැදුනේ නැතිනම් මේ තරමටවත් ප්‍රවෘත්තියක් වැටෙන්නේ නැහැ. දැන්වත් ඔය කුණු හෝදන එවුන්ගේ වැඩේ වැදගත් ජනතා සේවයක් හැටියට කරන්න. මේක ඔයාල පල කරන්නේ නැතිබව මම දන්නවා. අපරාදේ ඔයාලගේ එක්කෙනෙකුට හරි වෙඩිල්ලකුත් වදින්න තිබ්බේ. (ස)
ප්‍රහන්න වගේ දෙපැත්තම බල්ලන්න ඕන. මේවා දේසපාලන ඕනෑකම්. ඔයවගේ දේවලට අහුවෙන්නේ මොකුත් හොයල බලන්නේ නෙති අය තමායි (දී)
නුවර පාර මැදට වතුර ආවේ කට්ටිය ළිං හැරුවේ කොහොමද කියල ඔයා අවංකව මේ ගැන දුක් වෙනවනම් ඔයාට දැන ගන්න පුළුවන්..
වැද්දන්ගේ දඩයම් නීතියක් තියෙනවා සතෙක් වතුරක් ලඟ , වතුර බොන්න හදනවනම් , වතුර බොනවානම් ඒ සතාට දුනු හී විදින්න එපා කියල , රතු පස්වල මිනිස්සු මහා පාරට බැස්සේ බොන්න වතුර ටික ඉල්ලලල , අපේ හමුදාවයි ,පොලීසියයි වැද්දන්ගෙනුත් පල්ලෙහට ගිහින් පිපාසෙට වතුරු උගුරක් ඉල්ලපු මිනිසුන්න්ට සලකපු ආකාරයට ගැන දැන් මොන පරික්ෂණද ? උද්ඝෝෂණය කරන මිනිසුන් මර්ධනය කරන්නේ හොඳින් කතා කරලා ඒත් බැරිනම් කඳුළු ගෑස් ගහලා. , මෙකකටවත් බැරිනම් වතුර විදලා මේ එකකටවත් බැරිනම් තමයි බැටන් එක පාවිචි කරන්නේ අන්තිමට තුවකුව , නමුත් අපේ හමුදාව ඉස්සෙලම පොලු කඩාගෙන තමයි වෙඩේට බැහැල තියෙන්නේ හරිම ආඩම්බරයි නේද ? තව බෝධි පුජා තියමු , තව ලේ දන්දෙමු , දුක්මහන්ස්යෙන් හරිහම්බ කරන දේ ආධාර වශයෙන් ගම්පිටින් එකතු වෙලා එකතු කරලා දෙමු (ස)
හසිත, ඇත්තටම ඔයාගේ අදහසට මුළුමනින්ම එකගයි මම. (නි)
සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න කියන එක හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගෙ වැඩක්.
මේකේ සමහරක් කියනවා "අපේ විරෝදාර හමුදාව " කියා
ලේසියෙන් විසදන්න තිබුනා කම්හල වෙන තරනකට අරගෙන ගියා නම්. අර අහිංසකයාගේ ජීවිතයත් බේරෙනවා. (නි)
දැන්වත් මිනිසුනේ අවබෝධ කර ගන්න බලන්න ඇත්ත තත්ත්වය මොකක්ද කියලා... (නි)
අපි මේ අසරණ ජනතාවට සහනයක් ලැබෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලමු (දී)
ඔය කර්මාන්ත ශාලාවේ නියම උරුමක්කාරයෝ හොයලා බැලුවොත් නියම සම්බන්ධය හොයා ගන්න පුළුවන් (නි)
කාටදකියන්නේ මේ දුක
මිනිස්සු කියන්නේ පොලීසියට වැඩිය හමුදාව හොදයි කියලනේ. සිවිල් නීතියට හමුදාව යොදා ගත්තොත් වෙන දේ දැන් පෙනෙනවනේ. පොලීසිය ගියා නම් අද රෝහල්ගත වෙන්නේ එහෙනම් පොලිස් නිලධාරීන්. (නි)
''වැද්දෙක් වුවත් වතුර බොන සතෙකුට දුන්නෙන් විදින්නේ නැහැ.'' මිනිසුනේ, මේ ඔබ වෙඩි තියන්නේ ඔබේම අම්මාට,තාත්තාට, සහෝදර සහෝදරියන්ට. මෝඩ වෙන්න එපා. (නි)
ආයුධ නැතුව අහිංසක විදියට උද්ඝෝෂණය කරපු අයට මෙහෙම නම් සැළසුවේ, එතකොට ආයුධ රැගෙන සටන් කරපු අයට...? (නි)