නවගත්තේමදි දණගස්සවා හිංසා කළ ගුරුවරියට වන්දි ගෙවිය යුතු බවත්, පළාත් සභා වල අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රීධුර අහෝසි කළ යුතු බවත්, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති උද්ඝෝෂණයකදි පැවසීය.වැසි මැද්දේ මේ උද්ඝෝෂණය පැවැත්විණි.
නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ විනය කටයුතු භාර සුසිලා ප්‍රියංගනි හේරත් ගුරුවරිය වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් දණගස්වන ලදැයි කියන සිද්ධියට විරුද්ධව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්, වැඩක් බලාගන්නවා හලෝ ගිහිල්ලා. නොදන්නා හැම දේටම කට දානවා. ඔහෙටත් 1 ශ්‍රේණියට යන්න වෙනවා අවුරුදු පහක්වත් (නි)
පළාත් සභා රටට බරක් වගේම අනවශ්‍ය බව පැහැදිලියි සේරම අහෝසි කරන්න ..මේක මහා කරදරයක් අපිට පත්තර බලන එකත් මේ විකාර දකින කොට ..මිනිස්සු පෙළපාලි යන්න ඕනේ මේ විසදුමත් ඉල්ලලා .. මේ හේතු හොඳටම ඇති එකට .(අ)
සමන් මාමේ, අපිත් එහෙනම් මීට පස්සේ කොටට ගවුම් ඇඳගෙන ඉස්කෝලෙට යන්නද? අපේ ඉස්කෝල වල කියන දේවල් අපිට වරදක් කරන්න තමයි කියනවා ඇත්තේ! (නි)
පෙරේරා, මේ හැමෝම කෑගහන්නේ ඔයාට ආදරේට. අනේ මනුස්සයෝ හැමතැනටම දේශපාලනේ ගාවාගන්න එපා (නි)
ගුරුවරු ළමයින්ගේ විනය හදල හොඳ පරපුරක් හැදුවොත්, දේශපාලනේ කරන්න ඒ වගේ අය කෝ? (නි)
මෙවන් මන්ත්‍රීවරුන්ට දිය යුතු ඉතමත් හොඳ දඩුවමකි. එහෙත් මෙම දඩය ගෙවිය යුත්තේ අදාල මන්ත්‍රීවරයාගේ මුදලින් සහ ඔහුව ඡන්දය සඳහා ඉදිරිපත්කළ පක්ෂයේ අරමුදලිනි. (නි)
මගේ අදහස නම් ලක්ෂ 50කවත් වන්දියක් ගෙවිය යුතු බවයි. (නි)
ඔය කියන විදිහට අර ගුරුවරිය කළ දෙය හරි කියලද කවුරුත් පිළිගන්නේ? එතකොට අර ගවුමේ වාටි ගලවලා ගෙදර යවපු දුව ? මොකද මෙතන ප්‍රශ්නෙකට තියෙන්නේ අපේ ඉස්කෝලවල් තාම පරණ තාලෙට තියෙන්නේ. දෙන්නෙම ලමයින්ට ගුටි . මම කියන්නේ නැහැ මන්ත්‍රී හරි කියලා. ඔතන ඔයිට වැඩි දෙයක් තියනවා අපිට හිතන්න. (නි)
මගේ අදහස අනුව වන්දිය වශයෙන් මිලියනයක් සහ අදාල පාසලේ ළමයින් සදහා නිල ඇදුම් වලට වසර 10කට සෑහෙන ප්‍රතිපාදන මන්ත්‍රීවරයා විසින් ගෙවිය යුතුයි (නි)
මම නම් කියන්නේ මන්ත්‍රීව ජීවිත කාලයටම හිරේට දාන්න කියලයි (නි)
මන්ත්‍රී කරපු වැඩේ අන්තිම වැරදියි. නමුත් විනය බාර ගුරුවරුත් ළමුන්ගේ මානසික තත්වය ගැන හිතලා කටයුතු කරන්න ඕනෑ. සමහර ගුරුවරු කරන වැඩ නිසා දෙමව්පියන් හැටියට අපිටත් තරහ එන වෙලාවල් තියෙනවා. ගුරුවරුත් යහපත් විය යුතුයි. ගෞරව ලබන්න අනික් උදවියට ගෞරව කරන්න ඕනෑ. අනික මේ කෑගහන වෘත්තීය සමිති කෝ? (නි)
මේක බොරු වැඩක්. කළ යුත්තේ උද්ඝෝෂනය කිරීම නොවෙයි. අපහාස නඩුවක් දාලා වන්දි ලබාගන්න එක. සංගමයට පුලුවන් ඒක කරන්න. එහෙම නැතුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වන්දි ගෙවනවා කියන්නේ අපේ සල්ලි ගෙවනවා කියන එක (නි)
මම නම් කියන්නේ මෙහෙම මිනිස්සුන්ව ජනතා නියෝජිතයින් කළ ඡන්ද දායකයින් තමන් තමන්ටම ටොක්ක ගානේ ඇන ගත්තොත් හොදයි කියලා (නි)
මම නම් කියන්නේ මේ මන්ත්‍රී කරපු වැඩේ රගේ තේරෙන්න නම් සියළු රජයේ පාසල් වල ගුරුවරු විනය කටයුතු සියල්ලෙන්ම ඈත් වී ඉගැන්වීමේ කටයුතු පමණක් කළ යුතුයි (නි)
උද්ඝෝෂණයේ පදණම සාධාරනයි. ඒත් නොයෙක් පටු පරමාර්ථ සදහා මතෘතාව විකුණගෙන කන්න එපා. අතකොලු බවටත් පත්වෙන්න එපා.(නදී)
බලයෙන් මත්වුණ අනෙක් පලා බබ්බුන්ටත් නිසි දඩුවම් ලබාදිය යුතුයි. ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි (නි)
දෙමවුපියන්ට සහ දරුවන්ට ගුරුවරුන් ගැන ඇතිවිය යුතු ගෞරවය ඇති නොවී ක්‍රමයෙන් නැතිවී යන ගුරු ගෞරවය මුදලින් මිනිය හැකිද? (නි)
ගුරුවරු ඉන්නේ ඉගැන්වීමට පමණක් නොවේ. තම සිසුන්ව විනය ගරුක යහපක් පුරවැසියන් කිරීමේ වගකීමත් ඔවුන්ට තියෙනවා.(නදී)
මන්ත්‍රී කරපු දේ සම්පුර්නයෙන්ම වැරදියි. නමුත් ගුරුවරිය කරපු දේ හරි කියන්න පුලුවන් කමක් නැහැ. ගුරුවරු මීට වඩා කල්පනා කරලා වැඩ කළයුතුයි. බලාගෙන ගියාම දෙන්නම බලය අයුතු ලෙස පාවිච්චි කරලා තියෙනවා . කවූද අර ළමයාගේ අනගතේ ගැන වග කියන්නෙ. තාත්තයි ගුරුතුමීයි දෙන්නම වැරදීයි. (නි)
මිලියන 100කවත් වන්දියක් ඇයට ගෙවිය යුතුයි (නි)
මන්ත්‍රී කරපු දේ කීයටවත් අනුමතකරන්නේ නැහැ. නමුත් ගුරුවරුත් මීට වඩා ළමුන් ගැන හිතන්න ඕන. මේකේ දෙපැත්තක් තියනවා. මගේ පුතා දෙක වසරේ. දවසක් ගුරුතුමී පන්තියේ ළමයෙක්ගේ පොතක් පිටු ගැලවිලා යන්නම වීසිකරාලු. ඒ ළමයාගේ තාත්තට ඉවසීම තිබුන නිසා හොදයි. මට තේරෙන්නේ නැහැ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් උද්ඝෝෂණ කිරීමෙන් බලාපොරොත්තු වන දේ. සමහර විට බොරදියේ මාළු බෑමක් වෙන්න ඇති. (අ)
රවිනාත්, ඇයි මේ තරම් බොළඳ කතා, අතීතයේ ගුරුවරුන් ගෙන් දඬුවම් වින්දට ඔබ දන්නවද ලලිත් දැන් ඉන්නේ කොතනද කියල. මටත් මගේ පාසල් කාලය මතක් වෙනවා දඩුවම් වින්දේ නැත්නම් දඟවැඩ කලේ නැත්නම් කෝ අතීත මටක සටහන්. (අ)
සත 5ක් දෙන්න වටින්නේ නෑ. අපිනේ දන්නේ සිද්ධිය.(නදී)
"සමන්" පාසල් යනකාලේ අපි කවුරුත් දඩුවම් විඳලා තියෙනවා. කොටට ඇඳගෙන ආපු දියණියත් පාසල් නීතියට ගරුකළ යුතුයි. පියතුමාට තිබුනේ බොහොම නුවණක්කාර විදියට මේ ප්‍රස්නේ විසදන්න. ගුරුතුමිය සමග සුහදව කතා කරන්න. තමන්ගේ බලය පෙන්නලා වදහිංසා දෙන්න නෙමේ. කොන්ද පන තියෙන පිරිමියෙක්ද මේ.(නදී)
මට මතකයි අපේ ඉස්කෝලේ විනය පරීක්ෂක ගුරුතුමා එක දවසක් කොන්ඩේ තෙල්ගලා නැහැ කියල මා ඇතුළු පන්තියේ ළමයි කිහිපදෙනෙකුගේ ඔලුවේ හොස්ටල් එකේ කරවල බැදපු තෙල් ගෑවා. ඒ විතරක් නෙවෙයි පහුවදාට සත පනහක් තෙල්වලට ගෙවන්නත් වුණා. මේක සිද්දවුනේ 1977 මාතර පළාතේ ප්‍රධාන විදුහලක. මේ සිදුවීම් පාසල් ජිවිතයේ මතක සටහන්. මම නම් හිතන්නේ මේ වගේ සිදුවීම් වලට දෙමව්පියෝ අතරමැදි වෙන්න නරකයි.(නදී)
ගුරුවරු කියලා නැහැ, දැන් ළමයි අහන්නෙත් නැහැ. දෙමවුපියො දරුවන්ගේ කොට ගවුම් ගැන බලන්නෙත් නැහැ. වැරද්දක් වුනොත් පිරිමි ළමයි පලිද? (නි)
ආ ස්ටාලින් මහත්තයෝ, ඔතන බොරුවට කෑ කොස්සන් ගහන්නේ නැතුව ගිහින් ළමයින්ට උගන්න.(ස)
ජයතිස්ස, ඔයා වැරදියි. මන්ත්‍රී කෙනෙක් වුනාම එවැනි බලයක් නැත්නම් මොකටද?(නදී)
මේ මන්ත්‍රීවරයා ඒ ඉස්කෝලෙම 1 ශ්‍රේණියෙ මාසයක්වත් තියන්න ඕනෑ. (නි)
ඇයි මේ හැමදේටම මුදලින් වටිනාකම තක්සේරු කරන්න හදන්නේ? (නි)
මේ අය ඇත්තටම කෑ ගහන්නේ ගුරුතුමීට ආදරේට නෙමෙයි. විදුහල්පතිවරු, ගුරුවරු ළමයි දූෂනය කරනකොට මේ අයගේ කටවල් වැහිලා. ආණුඩුවට විරුද්ධ මාතෘකාවක් ලැබුන ගමන් කටවල් ඉබේටම ඇරෙනවා.(නදී)
ඔයානම් මාරයි ලලිත්. ඔයාගෙ පාසල් සමයෙදි ගුටි කාපු නිසා අනාගත පරම්පරාවම ගුටි කන්න ඕනෑ කියලද ඔයා හිතන්නෙ. අපි පරම්පරාවෙන් පරම්පරාවට ගතානුගතිකත්වය කර ගහගෙන ආවා. නවක වදය වගේ අසම්මත ක්‍රියාකාරකම් උසස් විදුහල්වලින් අදටත් පිටු දකින්න නොහෑක්කේ කරගහගෙන යන ගතානුගතිකත්වය නිසා නොවේද? ඔයාට ශක්තියක් නැහැ ඔයාට ගහපු කෙනාගෙ පහත් මානසිකත්වය හෙලි කරන්න. ඒ වගේම ඔහුට එරෙහි වෙන්න. ඔයා හිතනවා ඔයාට පස්සෙන් එන අයත් ගුටි කන්න ඕනෑ කියලා. මට දුකයි සහෝදරයා ඔයාගෙ නිවටකම ගැන. රටක් දියුණු වෙනකොට කරපු මෝඩකම් එකින් එක ඉවත් කර ගන්න ඕනෑ. ආර්ථිකය විතරක් දියුනු වෙලා වැඩක් නැහැ. මිනිසුන්ගේ මානසික සහ සිතුවිලි වල දියුනුවක් නැත්නම්. (නි)