
(සරත් නිශ්ශංක වෙලගෙදර සහ ගායාන් සූරියආරච්චි)
පොළොන්නරුව, මිගස්වැව, පල්ලියගොඩැල්ල, අහම්පුර ගම්මානයේ නිවසක සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවි තුනක් ඇතුළු අවි ආයුධ සහ උපකරණ සමඟ කාන්තාවක අත්අඩංගුවට ගත් බව මිගස්වැව පොලිසිය කියයි.
මිගස්වැව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ජයරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
පොලිස් නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ නිවසේ හිමිකරු එහි සිට නොමැති අතර, ඔහුගේ බිරිඳ පමණක් නිවසේ සිට ඇති බැවින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
නිවස පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි තුනක්, උණ්ඩ අටක්, හිස් පතරොම් කොපු නවයක්, ගිනි අවි පිරිසිදු කිරීමේ උපකරණයක්, පතරොම් රඳවන බඳ පටියක්, ඊයම් බෝල 18ක් සහ ඊයම් තහඩු පහක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම ගිනි අවි සතුන් දඩයම් කිරීම සඳහා භාවිත කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd