නෝර්වුඩ් වෙන්චර් වතුයායේ තේ කර්මාන්ත ශාලාවක් අසළ ලඳු කැලෑවක අටවා තිබූ උගුලකට කොටියකු අද (28) අලුයම හසුව ඇතැයි වනජීවී නිලධරයෝ කියති.
අඩි 5ක් පමණ දිග අඩි 3ක් පමණ උසැති කොටියාගේ පිටුපස කොටස උගුලට හසුව ඇතැයිද පසුගිය කාලයේ දඩයම් සොයා පැමිණි කොටි බොහෝ දෙනෙක් මෙසේ උගුල්වලට හසුව මිය ගිය බවද වනජීවී නිලධරයෝ පවසති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තු ගෙන කතා කරන අපේ ඇත්තෝ මේකට විරුද්ද වෙන්නේ නැද්ද , කර්මාන්ත ශාලා මොකටද හදන්නේ ලඳු කෙලවල් අස්සේ, (අ)
ගොන් කත කියන් එපා ටෙර්න්ස් .. විල්පත්තුව කියන්නේ මොකක්ද, නොර්වූඩ් කියනේ මොකක් ද කියා දැන් ගන්න මුලින්ම. (අ)
ටෙරන්ස් නොදන්නා දේවල් ඉගෙනගන්න තේ කර්මාන්ත ශාලාව හදන්නේ තේ වත්තේම මිසක් නගරේ නොවී (අ)
ලඳු කැලෑ කියන්නේ මොනවද නොදන්නා අයත් ඉන්නවා එහෙනම්. (ර)
ටෙරන්ස් , මොන ලෝකෙන් ආව කෙනෙක්ද මන්දා. (ර)
ටෙරන්ස්, ඒක නම් ඇත්ත. (ර)
ශ්‍රී ලංකාවේ කොටි නැත. ඉන්නේ දිවියෝය. කොටියා යනු ටයිගර් ය. දිවියා යනු ලෙපර්ඩ් ය. කොටියෝ විශාලය. ඔවුන් රාත්තල් 500 උවත් බර විය හැකිය. දිවියෝ කුඩාය. ඔවුන් ඉන් අඩකටත් වඩා අඩු බර වෙයි. (හේ)
කරුණාකර මේ නීතිවිරෝධී උගුල් සඳහා යම් පියවරක් ගන්න. කරුණාකර මේ සතාගේ තුවාල වලට බෙහෙත් දමා වනයට මුදාහරින්න (නි)
අහිංසක සත්තු කුස ගින්දර නිවාගන්න මොනවා හරි හොයාගෙන එන්නේ , මොනවා කරන්නද මිනිසුත් කුසගින්දර නිවාගන්න උදේ ඉඳන් මහන්සි වෙනවා තේ වතුවල , එයාලගේ කුකුළා එළුවා කන්න එනකොට උගුල් අටවනවා , අහිංසක සත්තු මරණ එකනම් පව් , (හේ්)
චින්තන මමත් ඔබ සමගයි. (හේ)
කාට කියන්නද මේ අවනඩුව (බ)
වන අරණේ චමත්කාරය ...සහ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය දිනෙන් දින වල පල්ලට ....අගේට සිනහවෙන පොලිස් නිලධාරී තුමා ගැනත් දුකයි (බ)
අනේ නිදහස් කරලා ආයේ කැලේටම එලෝලා දාන්න, අපේ සත්තුවත්තට නම් යවන්න එපා...(බ)