පාකිස්තානයෙන් කන්ටේනර මගින් දොඩම් ගෙන්වා පාකිස්තාන ව්‍යාපාරිකයකුට ඇමෙරිකා ඩොලර් 41354ක් (රුපියල් 5417374 ) වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ වාර්තාවක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට ඉදිරිපත් කළේය.
ප්‍රසන්න කුමාර නම් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාට කන්ටේනර හතරකින් දොඩම් පෙට්ටි 1364ක් එවූ බවත්, ඔහු රුපියල් පනස් තුන් ලක්ෂයකට එවූ චෙක්පත අගරු වී යැයි ලාහෝරයේ අහමඩ් ෂාෂාඩ් රහස් පොලිසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්තානය ඉඳ හිට ලංකාවට හොඳ දේවලුත් එවනවා. හැබැයි අපේ රටේ හොරු ඉන්නවා කියන එක නම් අමුලික බොරුවක්. (නදී)
එක කාලයක් අර්තාපල් අස්සේ කුඩු ගෙනාව. දැන් එක එක ක්‍රම මගින් කුඩු ගෙන්වනවා. කොහොම උනත් මේ ලාංකිකය කරලා තියෙන්නේ ගුණමකු වැඩක්. ගනු දෙනු කරද්දී විස්වාසය මත හැම දෙයක්ම සිදුවෙන්නේ. මේවා පලුදු කළාම හැමෝටම බලපානවා ව්‍යාපාර කරද්දී. (නදී)
පාකිස්ථානය එක්ක කරන ගනු දෙනු නම් කොහොමටත් ඇඟට ගුණ නැහැ. මේකෙන් පාඩුව එහෙට වුනාට මේ එහෙට මෙහෙට ආනයන අපනයන කරනවා කියලා මොනවා සිද්ධ වෙනවද දන්නේ නැහැ. මම කියන්නේ මේ ගැනම නෙවෙයි පොදුවේ දැන් වෙන සිද්ධි නිසා. (අ)
කෝට්ටේ පැණි දොඩම් රසයි ! නාවල අන්නාසි රසයි ! ඒ එදා කියමනක්.. පැණි දොඩම් වගාව ලංකාවේ හතර දිග භාගයේ සරුවට වගා කල හැකිව තිබියදී ,රටේ මුදල් අනවශ්‍ය පරිදි පිටරට වලට ඇදී යාම වලක්වා ගැනීම අදාල ඇමති වරුන්ගේ සම්පුර්ණ වගකීමක් ! (අ)
මේවා දොඩම්ම කියලා ෂුවර්ද? පකිස්තානයත් එක්ක කල ගනුදෙනුවක් නිසයි එහෙම ඇහුවේ. (අ)
පාකිස්තානයෙන් ගෙන්වූවා නම් පොඩ්ඩක් සොයාබලන්න වෙයි (නි)
පකිස්තානයෙන් අබ ගෙනාවත් සැකයි (නදී)