( දොඩන්දූව - සංඛ විජේසූරිය ) - හික්කඩුව ජයන්ති ආදර්ශ විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අයි.ඩී.පවන් නිලම්බර ශිෂ්‍යයා මෙවර දකුණු පළාත් පාසල් කරාටේ ශූරයා වශයෙන් තේරී පත්විය.
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වයස අවුරුදු 12 න් පහළ සිසුන් සදහා පැවැති කරාටේ තරගාවලියේදී පාසල් විසිහතරක සිසු-සිසුවියන් පරාජය කරමින් පවන් නිලම්බර පළමු ස්ථානය හිමිකරගෙන රන් පදක්කම දිනාගත්තේය.
මීට ප්‍රථම සහභාගී වූ තරග 20 කින් පමණ විවිධ ඉසව් වලින් කරාටේ ක්‍රීඩාවෙන් ජයග්‍රහණය ලබා ඇති පවන් 2012 වසරේ තිස්සමහාරාමයේ පැවැති දකුණු ආසියානු කරාටේ තරගාවලියේදී තෙවැනි ස්ථානය හිමිකරගනිමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පාසලට කීර්තියක් අත්කර දෙමින් දක්ෂතා දැක්වූ ජයන්ති ආර්ශ විද්‍යාලයේ පුතණුවන්ට උණුසුම් සුබ පැතුම්(දිල්)
පුංචි පුතේ ඔබ ගැන හරිම ආඩම්බරයි..!! මගේ ගම පළාතේ වීම තවත් සතුටට කරුණකි ..! ඔබට සුබ ගමන් ..!! ඉදිරියට යන්න ., ඔබට තවත් ජය පිට ජය ලැබේවා '' යනු අලුත්වල චන්දි ඇන්ටිගේ පැතුමයි..!! චුටි පුතේ ඔයාට සම්මා සම්බුදු සරණයි ..!! දිර්ගායුෂ ''ලැබේවා'' (දී)
පවන් පුතාට වාසනාවන්ත ඉදිරි ගමනකට සුබ පැතුම් (දිල්)