ඩෙංගු මදුරුවන් බෝවන්නට ඉඩදුන්නැයි සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමෙන් හෝ ඔවුනට දඬුවම් කිරීමෙන් ඩෙංගු උවදුර පිටුදැකිය නොහැකි යැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතා ප‍්‍රකාශ කළේය. මුල්ලේරියා පොලිසිය එවැනි සැකකරුවන් පස්දෙනකු ඉදිරිපත් කළවිට මහේස්ත‍්‍රාත් කීවේ මදුරුවන් සිටින පෙදෙස දුමායනයට ලක්කළ යුතු බවයි. චෝදනාවට වරද පිළිගත් පස්දෙනාට රුපියල් පන්සීය බැගින් දඩ ගැසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උක්කුවා හරි.ඒ වුණාට ගොඩක් මිනිස්සු දඩ වලට බයේ තමයි අවට පරිසරය පිරිසිදු කරන්න පෙළඹුනේ. ඒකත් ම් වෙලාවෙ හැටියට ලොකු දෙයක්
කට්ටියට වැදගත් ඩෙංගු නොවෙයි දඩය.පොලීසියේ වාගේම PHI ලාගේත් ප්‍රගතිය මනින්නේ දඩ මුදලින්.
ඉස්සර හිටපු රජවරු වහින්නෙ නෑ කියලා අත පිහිදාගෙන නිකන් හිටියෙ නැහැ. වැව් හදලා ජලය එකතු කලා. මදුරු ප්‍රශ්නයත් සාමන්‍ය මිනිසුන්ට විසදන්න පුලුවන් දෙයක් නෙවෙයි. රජය මැදිහත් වෙලා කරන්න ඕන දෙයක්. ජාතික ප්‍රශ්නයකදී මිනිස්සුට වරද්ද පටවන්න විතරක් නම් ආන්ඩුව ඉන්නෙ , මිනිස්සුන්ගෙ සල්ලිවලින් යැපෙන ආන්ඩු මොකටද ?
මඩ ගහල ඩෙංගු නැති කරන්න බැරි කතාව ඇත්ත. නමුත් ඒ සල්ලිවලින්?
මෙවන් උගත් ගරු විනිසුරුතුමන්ලා නිසා අධිකරණය ගැන මිනිසුන්ගේ ඇති ගෞරවය තව දුරටත් එසේම තියෙයි
ඉස්සර සුද්දගේ ආණ්ඩුවයි දැන් ආණ්ඩුවයි දෙකම එකයි මිනිසුන්ට හෙන ගැහුවත් කමක් නැහැ රජෙට කොහෙන් හරි බදු අයකර ගන්න තියේනම්
අර දවස් වල ඩෙංගු මර්දන කීටයන් ගැන කියලු කතාවල හැටියට නම් දැන් දකුණු ආසියාවේ ඩෙංගු උවදුර සහමුලින්ම තුරන් වෙලා තියෙන්‍න ඕනි
ඩෙංගු වලට කියුබාවෙන් ගෙන්වපු කීටයන්ට මොකද වුණේ?
ආයෙත් කෝටි ගාණක් වියදම් කරලා කොහෙන් හරි ඩෙංගු මර්දන කීටයො ටිකක් ගෙනාවොත් නරකද?
මේවා සැළසුම් සහගත ආදායම් මාර්ග.කාගේ ගිණුමට යනවද කියලා දන්නේ දෙයියෝ තමයි
මහේස්ත්‍රාත්තුමනි, අනෙක් කට්ටියට මේවා නොතේරෙන එකනේ පුදුමේ.ඔබතුමාලා මේ විදියට මේවා නිතර නිතර පෙන්නලා දුන්නේ නැත්නම් අසරණ වෙන්නේ රටේ මහජනතාව
මහේස්ත්‍රාන් තුමා සම්පූර්ණ ඇත්ත කිව්වා ..
මහේස්ත්රාත් තුමාගේ කටේ මසුරන් දාන්න ඕන
තවත් පණ්ඩිත වැඩක්.ඩෙංගු අල්ලන එක පී.එච්.අයි. ලගේ රස්සාව මිසක් ඒක පොලිසියේ වැඩක් නෙමෙයි. ඉස්සෙල්ලා කුඩු කාරයෝ, අපරාධ කාරයෝ අල්ලලා ඉන්පස්සේ පොලිසිය ඔය වැඩේට බැස්සොත් නරකද?
ඔබතුමා කියපු කථාව සහතික ඇත්ත. අනිත් අයටත් ඔබතුමා වගේ හිතන්න පුලුවන්නම්. පවු අහින්සක මිනිස්සු
මාස දෙකකට කලින් ඩෙංගු බෝවන ස්ථාන හොයන්න ගිහින් කින්නියා ප්‍රදේශයේ හොඳට ගුටි කාපු පී.එච්.අයි. කෙනකුත් ඉන්නවාලු
ඩෙංගු සහ රථවාහන දඩ කියන්නේ අද ආණ්ඩුවේ ප්‍රධාන අදායම් මාර්ග දෙකක්. මම දන්න විදිහටනම් අර රටේ ආර්ථිකය පාලනය කරන තැනින් හැම මාසෙම උපදෙස් දෙනවා කොච්චර දඩ හොයන්න ඕනිද කියල ඒ මාසය ඇතුලත.
ඩෙංගු සහ රථවාහන දඩ කියන්නේ අද ආණ්ඩුවේ ප්‍රධාන අදායම් මාර්ග දෙකක්.
උක්කුවෝ! බොර දියේ මාළු බාන්නෙ කවුද කියලා මිනිස්සුන්ට පේනවා. ඩෙංගු මදුරුවා පිට දාලා හම්බ කරගන්න හදන්නේ ආණ්ඩුවයි. ලංකාවේ ගොඩක් නීති තීන්දු ගැන විවේචන තිබ්බත් මේ නඩුකාර උන්නාන්සෙට පින් සිද්ද වෙන්න ඕන, නීතියට වඩා යුක්තියට ගරු කලාට.
එතුමා රජ කමටත් සුදුසුයි
මහේස්ත‍්‍රාත්තුමා ගේ කතාව හරියටම හරි
උක්කුවා ආණ්ඩුවට පන්දම් අල්ලන්නේ නැතුව ඉන්නවද
ඔබතුමා කියන කතාව තමයි බහුතර සාමාන්‍ය මිනිස්සුත් කියන්නේ
ජගත්, ඒකෙන් කියවෙන්නෙ දඩ ගහන එක වැරදියි කියලා නෙමෙයිනෙ! ඔයා බොර දියේ මාලු බාන්න එපා!
කට්ටියට ඕන බලු බෙට්ටට හරි බදු ගහන්න..
හරියට හරි.මේක සෞඛ්‍ය අමාත්‍යංශයට අයිති කාර්යයක්.දඩ ගහලා අත හෝදගෙන නිකන් ඉදලා හරියන්නේ නෑ
ගස් බදින්නම වෙනවා