ගම්පහ පොලිස් කොට්ඨාසයේ කිසිදු පොලිසියක දඩ කොළ වෙනුවට වේදිකා නාට්‍ය ටිකට් විකුණූ බවක් වාර්තා නොවූ බව ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දැන්වීයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
‘පොලිසියෙන් 1000ක අමුතු දඩයක්‘ මැයෙන් ලංකාදීප එසැණේ පළ වූ පසු ඒ ගැන ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරීගෙන් වාර්තාවක් කැඳවූ බවත්, එවැනි සිද්ධියක් වාර්තා නොවුණු බව එහි සඳහන් වූ බවත් රෝහණ මහතා කියයි.
දඩ කොළ වෙනුවට වේදිකා නාට්‍ය ටිකට් අලෙවි කිරීම ගැන පසුගිය 17 වැනි දා වාර්තා වූයේ වැලිවේරිය පොලිසියෙනි. ඒ අනුව එසැණ පුවත නිවැරදිය.
රථ වාහන අංශයේ පිරිසක් 16 වැනි දා සහ අද 17 වැනි දා රථවාහන වැරදි කරන රියදුරන් හට දඩ කොළ වෙනුවට එම ටිකට් පත් අලෙවි කළ බව එසැණ යළි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වර්ග 03 කි. 1. කියූ සැණින් අහුවෙන බොරු. 2. කියලා ටික වෙලාවක් හෝ කාලයක් ගිහිල්ලා අහුවෙන බොරු. 3. කිසිමදාක අහුනොවෙන බොරු. (නි)
සිංහල බස්වහරේ තියෙනවා නේද හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියලා?(හේ)
ඔන්න ඕක තමයි,අපිට පොලිසිය ගැන කිසි පැහැදීමක් නැත්තේ.(හේ)
මට කියන්න තියෙන්නෙත් පෙරේරා,සරත් සහ තිලින කියපු දේවල්ම තමයි. (නි)
සමහරවිට වෙන්න ඇති... (නි)
ඒකනේ. ඔය වගේ වැඩ අපේ රාළහාමිලා කරයිද? (නි)