IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘දඩ කොළ වෙනුවට ටිකට් විකිණුවේ නැතිලු‘

ගම්පහ පොලිස් කොට්ඨාසයේ කිසිදු පොලිසියක දඩ කොළ වෙනුවට වේදිකා නාට්‍ය ටිකට් විකුණූ බවක් වාර්තා නොවූ බව ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දැන්වීයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

‘පොලිසියෙන් 1000ක අමුතු දඩයක්‘ මැයෙන් ලංකාදීප එසැණේ පළ වූ පසු ඒ ගැන ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරීගෙන් වාර්තාවක් කැඳවූ බවත්, එවැනි සිද්ධියක් වාර්තා නොවුණු බව එහි සඳහන් වූ බවත් රෝහණ මහතා කියයි.

දඩ කොළ වෙනුවට වේදිකා නාට්‍ය ටිකට් අලෙවි කිරීම ගැන පසුගිය 17 වැනි දා වාර්තා වූයේ වැලිවේරිය පොලිසියෙනි. ඒ අනුව එසැණ පුවත නිවැරදිය.

රථ වාහන අංශයේ පිරිසක් 16 වැනි දා සහ අද  17 වැනි දා රථවාහන වැරදි කරන රියදුරන් හට දඩ කොළ වෙනුවට එම ටිකට් පත් අලෙවි කළ බව එසැණ යළි කියයි.



අදහස් (0)

‘දඩ කොළ වෙනුවට ටිකට් විකිණුවේ නැතිලු‘

තිළිණ Tuesday, 14 October 2014 06:09 PM

බොරු වර්ග 03 කි. 1. කියූ සැණින් අහුවෙන බොරු. 2. කියලා ටික වෙලාවක් හෝ කාලයක් ගිහිල්ලා අහුවෙන බොරු. 3. කිසිමදාක අහුනොවෙන බොරු. (නි)

:       0       0

පෙරේරා Tuesday, 14 October 2014 06:52 AM

සිංහල බස්වහරේ තියෙනවා නේද හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියලා?(හේ)

:       0       0

චමින්ද Tuesday, 14 October 2014 08:20 AM

ඔන්න ඕක තමයි,අපිට පොලිසිය ගැන කිසි පැහැදීමක් නැත්තේ.(හේ)

:       0       0

රෝහණ‍ Wednesday, 15 October 2014 02:13 AM

මට කියන්න තියෙන්නෙත් පෙරේරා,සරත් සහ තිලින කියපු දේවල්ම තමයි. (නි)

:       0       0

යොහාන්‍ Wednesday, 15 October 2014 02:17 AM

සමහරවිට වෙන්න ඇති... (නි)

:       0       0

සරත් Tuesday, 14 October 2014 11:53 AM

ඒකනේ. ඔය වගේ වැඩ අපේ රාළහාමිලා කරයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site