මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවන් 1115 දෙනකු සිටින බවත් ඉන් 600 දෙනකු ඇපෑල් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකුමාර මහතා කියයි.
එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළහොත් අවශ්‍ය කටයුතු තුන් මාසයකින් සැපයිය හැකි බවත් එසැණ කළ විමසිමකදී කොමසාරිස් කීවේය.
බෝගම්බර බන්ධනාගාරය දැන් පල්ලෙකැලේ. වැලිකඩ එල්ලුම්ගහක් තිබෙනවා. වදක තනතුරු දෙකේ සම්මුඛ පරීක්ෂණ සති තුනකින් පවත්වනවා. ඉල්ලුම්පත් 15ක් ලැබී තිබෙනවා.
ලංකාවේ බන්ධනාගාර 31යි. එහෙත් එල්ලුම්ගහ තියෙන්නේ වැලිකඩ විතරයි. ශ්‍රී ලංකාවේ මුලින්ම එල්ලුම්ගහ ක්‍රියාත්මක වුණේ 1812 ජූනි 10 වැනිදා. ඉංගිරියේ කළුඅප්පු එදා ප්‍රසිද්ධියේ එල්ලා මරා තිබෙනවා. කේ.එම්.චන්ද්‍රදාස නොහොත් හොඳපපුවා 1976 ජූනි 23 වැනි දින අවසන්වරට එල්ලුම් ගස් ගියා.
1915 දී 90 දෙනකු එල්ලුම්ගස් යැව්වා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව දැන් යන ක්‍රමයට එල්ලුම් ගහ ඕනමයි . දයාන් කියන විදිහට පිට රටකින් හරි හොද වැටුපක් ගෙවල අලුගොසුවකු ලබා ගත යුතුයි (අ).
පිටරටින් ගේන්නේ මොකටද, මම එන්නම්. තිරිසනුන්ට වඩා අන්ත අය එල්ලුවට පවු නැහැ (නි)
1115 දෙනෙකුට තුන්වේල කන්ඩ බොන්ඩ දීගෙන මහජන මුදලින් නඩත්තු කරනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩක්ද? එල්ලලා මරන්නේ නැතිනම් අඩුගනනේ ආරක්‍ෂිත කඳවුරක කුඹුරු කොටලා කනබොන වියදමවත් රටට උපයල දෙන මාර්ගයක් ගැන සිතුවොත් නේද හොඳ? අනික ඔතනින් නවතින්නේ නැහැනේ අර කුඩු තුමාලට පින්සිද්දවෙන්න ඉස්සරහට තව එන්න එන්න ඔය ගණන වැඩිවෙනවානේ? (අ)
සාපරාදී අපරාද වලට එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න (අ)
ළමා අපචාර වලට නම් එල්ලා මරන්න ඕනේ (අ)
එතකොට බරපතල දූෂණ කරපු දේශපාලකයොත් එල්ලුම් ගහට යාවි නේද? පිරිසිදු අවංක දේශපාලකයෝ විතරක් රටේ ඉතුරු වෙයි (බ)
ජනාධිපති කියලා තිබුණා පර්ලිමෙන්තුව කැමතිනම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා කියල. මම හිතන්නෙ මෙ උන්ඩලා කැමති වෙනඑකක් නැහැ , මොකද එයාලගෙන් කට්ටියකුත් ඊලඟට එල්ලුම් ගස් යාවි කියල බයට. (අ)
ඉතා බැරෑරුම් සාපරාදී අපරාද වලට එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න. හැබැයි චීනයේ මෙවැනි අපරාද වලට දඩුවම වෙඩි තියල මරණ එක.වසරකට 2500-3000 විතර මෙලෙස මරණ දණ්ඩනය ලබනවා ඉතා කෙටි කාලයක් තුල නඩු අසා දඩුවම් ලබා දෙනවා හැබයි එල්ලුම් ගසට වඩා කාලෝචිත වෙඩි තියා මරණ එක. (බ)
එල්ලුම් ගස රටට අවශ්‍ය කාලයයි දැන්,මේ අදහස ඉක්මනින්ම ක්‍රියාත්මක කල යුතුයි. නැතිනම් අපේ දරුවන්ගේ ආරක්ෂාවට රජය වග කිව යුතුයි. (අ)
නිශාදි ඔය හරි මම කියන්නේ එච්චරයි (අ)
තව දුරටත් එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකිරීමෙන් ඉදිරියේදී සිදු වන සියලුම ළමා අපචාර හා ළමයින් දූෂණය කර මරා දැමීමේ සිදුවීම්වලට අදාළ පාලකයින් වගකිව යුතුයි. මොකද සංඝරත්නයෙන් පවා දැන් අවසර ලබා දී තිබෙනවා, මිනිසුන් උද්ගෝෂණ පවත්වමින් ඉල්ලා සිටිනවා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන ලෙස. ඉතින් තවත් මල් කැකුළක් මිලින වීමට පෙර එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමනි, එය රටට යහපතක් වනවා මිස අයහපතක් නොවේ. දැනට එල්ලුම් ගහට නියම වූවන් නැතුව හෝ මින් ඉදිරියට වැරදි කරන අයවලුන් එල්ලුම් ගස් යවන්න කියල ඉතාමත් බලවත් ලෙස ඉල්ලන්න කැමතියි. රටේ කැමැත්තට ඉඩ දෙන්න. ලංකාව තුල තවත් අපරාධ සිදු නොවෙන්නට ගත හැකි එකම විසඳුම එයයි. (අ)
එල්ලුම් ගහ ක්‍රියාත්මක වුණත් අපරාද අඩුවෙන්නේ නැහැ, නමුත් වින්දිතයාට යුක්තිය ඉටුවෙනවා ඒක නිසා එල්ලුම් ගහ ක්‍රියාත්මක විය යුතුයි (ම)
සේයා දියණියට සිදු වූ අපරාධය නිසා මිනිසුන් කුපිත වී මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියන එක සාධාරණයි. (නි)
ජනපති තුමනි ඔබ තුමා නිවැරදි තීරරණයක් අරන් තිබෙනවා.(ම)
අධිකරණයෙන් තීන්දුව දුන්විට කෙළින්ම දඬුවම ක්‍රියාත්මක කරන විදිහට පාර්ලිමේන්තුවෙන් නීති හදලා එල්ලුම්ගහ ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න.දඬුවම් තද නැති නිසා මිනිස්සු බයනැතුව වැරදි කරනවා.විනයක් නැතුව රටක් හදන්න අමාරුයි (නි)
අප රටේ කෙරෙන අපරාද දිහා බැලුවාම.එල්ලුම් ගහ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. අපරාද කරන අයට පුර්ව ආදර්ශයක් දිය යුතුයි (ම)
මේ අදහස් දමා තිබෙන හැමෝම බුද්ධිමත්ව සිතලයි මේ අදහස් පළකරලා තියෙන්නේ. රටේ සිදුවන අපරාධ රැල්ලට මුහුණ දෙන්නේ කිසිම ආරක්ෂකයෙකු තමන් වෙනුවෙන් රජයෙන් සපයා නැති, අසරණ දුප්පත් මහජනයා. ඒ නිසා අපේ දරුවන්ගේ අනාගතය ගැන බිය ත්‍රාසය වැඩියෙන් දැනෙන්නේ රටේ දුප්පතාටයි.ඒ අපිට ආරක්ෂකයෝ නැති නිසා. වහාම වගකිවයුත්තෝ මේ සඳහා තීරණයක් ගතයුතුයි. අපිට එල්ලුම් ගස උවමනායි.රටේ කිසිම කෙනෙක් අළුගෝසුවාට ඉදිරිපත් වෙන්නේ නැත්නම් මම ඒකට උඩින්ම කැමතියි.ඒ ලබන වැටුප මා අසරණයින්ට පරිත්‍යාග කරලා අළුගෝසු රැකියාව මැරෙනතුරුම කරන්න කැමතියි (නි)
එල්ලුම් ගහට කලින් නීතිය ස්ථාපිත කළයුතුය. (නි)
සමාජයට අහිතකර අය එල්ලිය යුතුයි (බ)
පසු කාලේදී හිර ගෙදර ඉඩකඩ ඇතිවෙයි (හේ)
එහෙම වුනොත් කී දෙනෙක් එල්ලලා මරන්නද (හේ)
එල්ලුම් ගහ ක්‍රියාත්මක වුවහොත් මේ රටේ සාපරාධි අපරාධ අඩු වෙයි කියලා හිතෙනවා.(හේ)
මගේ අදහස නම් මේ අදහස ඉක්මණින් ක්‍රියාත්මක කළයුතු බවයි (නි)
අපි නම් කැමතියි මේ තීරණයට (නි)
1915 දී 90 දෙනකු එල්ලුම්ගස් යවා අැත්තේ විශේෂ හේතුවක් මත. කවුරු හරි දන්නවද එ් අැයි කියල? (බ)
නව රජය එල්ලුම් ගස ක්‍රියාත්මක කළහොත් ස්ත්‍රී දුෂණ ළමා අපචාර වැනි බරපතල අපරාද බොහෝ දුරට අඩුකර ගත හැකියි. (බ)
මිනිසුන් වැරදි කිරීමට වැඩි වැඩියෙන් පෙළඹෙන්නේ නීතියේ තිබෙන දුර්වලකම නිසයි. නීති තිබුනත් ඒවා හරිහැටි ක්‍රියාත්මක නොවීම හෝ දඬුවම් ලිහිල්වීම වියහැකියි. මිනිසාගේ ජන්මයෙන් පැවතෙන කැලෑ ගතිගුණ කුමන අවස්ථාවකදී හෝ ඉස්මතු වියහැකියි. විනයගරුක සහ නීතිගරුක සමාජයක් ගොඩනැඟීම පාලකයින් සතු අනිවාර්ය වගකීමක්. එය ආගමික නායකයින්ට හෝ කිසියම් ආගමකට කළහැකි දෙයක් බව ඔප්පුවී නොමැත. එමනිසා නීතිය අකුරටම ක්‍රියාත්මක කරනු. දැඩි දඬුවම් දෙනු. (නි)
එල්ලුම් ගහ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කල යුතුයි. නැතිනම් අපේ රට හදන්න අමාරුයි .අපේ රටේ අළුගෝසු තනතුරට කට්ටිය නැතිනම් පිට රටින් හරි අලුගූසුවෙක් ගෙන්න ඕනේ. එක සරෙකුත් අලුගෝසුව පැනල ගියානේ. (අ)
නව රජය එල්ලුම් ගස ක්‍රියාත්මක කළහොත් ස්ත්‍රී දුෂණ ළමා අපචාර වැනි බරපතල අපරාද බොහෝ දුරට අඩුකර ගත හැකියි (අ)
ස්ත්‍රී දුෂකයන් අනිවාර්යෙන් එල්ලා මැරිය යුතුය (ම)
අහිංසකයින් එල්ලුම් ගස් යන්න විදිහක් නෑ දැන්. ඩී.එන්.ඒ රිපෝර්ට් එකකින් නියම අපරාධකරු හොයාගන්න දැන් පුළුවන්. එනිසා එල්ලුම්ගහ බැරිනම් වෙන ක්‍රමයකින් හරි මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි. ළමා අපරාධකරුවන්ට නම්. (ම)
හැබැයි එහෙම වුනොත් පාර්ලිමෙන්ට් එකෙත් ආසන බර ගානක් පුරප්පාඩු වේවි (ම)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමනි (ම)
යුද අපරාධ සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා රජය ප්‍රධාන දඬුවම සංශෝධනයට තල්ලු කළ යුතුයි (බ)
ඒත් එක්කම නීතිඥයන්ට උසාවියේ "ගොයම් කොළ" පෙන්වා බොරු ඇදබාන්න දෙන්න එපා. ඒකෙන් අහිංසකයින් එල්ලුම්ගස් යාවි. (නි)