උඩවලව වනෝදයානයේ වල් අලින් පාරේ යන එන මිනිසුන්ගෙන් හිඟා කෑම නතර කිරිමට වනජිවි නිලධරයන් වසර කිහිපයක් තිස්සේ ගත් උත්සහය අසාර්ථක වී ඇත. ජලාශයේ සිට උඩවලව හම්බන්තොට මාර්ගයේ විදුලි වැට අයිනට දැන් වල් අලි නොඑන නමුත් ජලාශයට බැස පිහිනා පාර අයිනට ඒමට එක් අලියෙක් පුරුදු වී සිටි. ඒ අලියා ජලාශයේ සොරව්ව සමීපයේ සිටිමින් හිඟමන් යදී. දවල් කාලයට මේ විදුලි වැටෙන් විදුලි සැර නොවදින බව පෙනේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු අසරණ සත්තු. (ර)
මෙයට කළයුත්තේ වැවෙන් ගොඩට ඒමට නොහැකි වනසේ කටු කම්බි වැටක් යෙදීමයි මන්ද ජලයේ සිටින සතාට වැට කැඩීමට නොහැකි නිසා ඔවුන් වැවෙන් ගොඩ ඒමට නොහැකිබව තේරුම් ගෙන ආපසු යනු ඇත පාරේ අද්දරටම විදුලි වැට ගෙන විත් වැව හා පාර අතර උන්ට සිටීමට ඉඩක් ලබා දීමෙන් මෙය වළකා ගත නොහැකි වනු ඇත (බ)
අසරණ සතුන්ට බඩ ගිනියි කියල ඉල්ලන්න බැහැ.සතුන්ට කන්න දෙන එක තරම් පිනක්/සතුටක් තවත් නැහැ.මම මෙහෙ අසරණ සතුන්ට මගේ කන බත් පතට වැඩි පුර අරගෙන ගිහින් දෙනවා.ඒ තුලින් මම මොන තරම් සතුටක් ලබනවද...(ම)
මේ අලියට හොදට පීනන්න පුලුවන්. මමත් නොවැම්බර් නිවාඩුවට ගිය වෙලේ කෑම දුන්නා. වතුර වැඩි නිසා සොරොව්ව අරිනකොට මෙයා හිරවෙන්න ගියා. එතකොට වෙඩි දාලා එලෙව්වා (නි)
පව් නේ අනේ !හිගාකන්නේ හම්බකරගෙන්න කන්න බැරි නිසා නේ.දානයක් දුන්න වගේ කියලා හිතාගෙන මේ අසරණ සත්තුන්ට කන්න ටිකක් දෙමු. (ර)
මෙම ෆොටෝ අප වෙත පෙන්වන ලංකාදීපයට අපගේ ප්‍රණාමය..(ම)
මේක වැරදි වැඩක් , ප්ලාස්ටික් මලු වල දාපු දේවල් කන්න දුන්නම අලි ලෙඩ වෙනවා. (ම)
ශාන් සෞදිගේ අදහස හරි. ඊට අමතරව ඉඩ ඇති තැනක වෙනම කොටසක් වෙන්කළොත් නරකද සතුන්ට කෑම දෙන්න? (නි)
හිගා කනවා කියන්න එපා සත්තුන්ට (ම)
පව් අහිංසක සත්තු. (ර)
අපේ මිනිස්සු කොච්චර උනත් සත්ව කරුණාව තියෙන කට්ටිය. ඒ නිසා අපිට ඒ සතුන්ට අහාර දෙන්නත් ඒ සතුන් ඇවිල්ල අහර ගන්නත් ක්‍රමයක් හැදුවනම් දෙගොල්ලොන්ගේම අවශ්‍යතා ඉටු වෙනවා. අනේ සත්තු හිඟ කනවා කියන්න එපා. (ර)
කොහොමටත් මෙය නොවිය යුතු දෙයක් ....! මේ දැවැන්තයන් මිනිසුන් මත්තේ දැන්ම යැපිය යුතු නැහැ. සරල දෙයක් කරන්න තියෙන්නේ .රජයේ ආරක්ෂක අංශ යොදා දිවාකාලයේදී මෙතැන වාහන නවතාතැබීම වැලක්වුවාම හරි...! (හේ)
පුරුවේ ආත්ම ගතියක්ද මන්දා මට කදුළු නවත්තන්න බැහැ. අනේ මේ සද්දයින්ගේත් යන එනපින්වතුන්ගේත් ආරක්ෂාව සපයන්න නිලදරුවනේ.(ර)
අලියා හොඳ සතෙක් උනත් කෙලෙහිගුණ නොදත් අලිත් ඔය අතර ඉන්න පුළුවන්. (ර)
වන සතුන්ට ආහාර දී ඔවුන්ගේ ජීවන චර්යා රටා වෙනස්කර මිනිසුන්ට කරදරයක් වු විට වනජීවී දෙපාර්තමේන්තුවත් රජයත් අපහසුවට පත්කරන්නේ කවුද? (නි)
විදුලි වැටක් වෙනුවට ආරක්‍ෂිත වැටක් යෙදුවා නම් මේ පාරෙන් යන සියලු සංචාරකයින්ට මෙම සතුන් නරඹන්න පුළුවන්. ජලාශයෙන් එහා වනයේ අලි ඉන්නවා කියනවට වඩා මෙහෙම බලන්න අවස්ථාවක් සළසා දෙන්න පුලුවන් නම් හොඳයි. පොඩි මිනිසුන්ටත් වෙළඳාමක් කරන්නත් පුළුවන්. (නි)
ඕක පිඟානක තියල දුන්න කන්ට ඌ පිගානත් ගිල්ල නොවැ (බ)
වැට ගහල තියෙන්නේ මිනිස්සුන්ට කැලෑවට යන්න බැරිවෙන්න අලින්ගේ ආරක්ෂාවට (බ)
බාණ්ඩාගාරය හිස් වෙලා වගේ දැන් අලි හිඟා කන්නේ කිසම මෛත්‍රීයක් නැහැ වගේ අර ප්‍රාඩෝ වල නොව උන් දැන් යන්නේ කන්න නැතත් (බ)
මේ වගේ ක්‍රියා නොකළ යුතුයි.මේ අයට කියන දේ අහන් නැති නම් නීති මගින් දඩුවම් කළ යුතුයි.හාමුදුරුවෝ වුණත් එච්චරයි. පස්සේ කනවෝ කනවෝ කියලා කෑ ගහන්න කලියෙන් දඩුවම් කළ යුතුයි. (බ)
මම මේ අලියව දන්නවා. මෙයාගේ නම රම්බෝ. මෙය වෙන අලින්ට මෙතනට එන්න දෙන්නේ නැහැ. අනිත් අලින් මෙතැනට ආවොත් මෙයා ගහනවා. මෙයා මෙතන ඉන්නේ දැන් අවුරුදු 10ක 12ක විතර ඉඳලා .නමුත් මෙයා ඔය ඉන්නවා වගේ අහිංසක නම් නැහැ. ටිකක් සැරයි. (නි)
මම දන්න කාලේ ඉදන් අලියා ඔතන කෑම කන්න පුරුදු ඉන්නවා. පාරේ යන මිනිස්සු ඕනෑතරම් ඔය අලියට කෑම දෙනවා.මාත් යමින්ගමන් ඔනතරම් කෑමදීල තියනවා, දන්නතරමින් කිසිම කෙනෙක්ට කරදරයක් කළා කියල නම් දන්නෙ නෑ. (බ)
මෙය වැරදි අර්ථ කථනයකි.මෙම අලියට මමත් කෑම දීල තියෙනවා එය සිගාකෑමක් නොවන බැව් මගී අදහස. (බ)
සතුන්ට ආහාර දෙන්න සංචාරකයන් කැමතියි .මේ සදහා නිවැරදි ක්‍රමයක් සකස්කරන්න (බ)