‘අපි ඡන්දෙට එනවා. ඇවිල්ලා වෙනසක් කරනවා. ආයේ දෙකක් නෑ. ඡන්ද ලක්ෂයක් හරි ගන්නවා . ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළායින් පසු දෙපැත්තම හැසිරෙන විදිය, බෞද්ධ ප්‍රතිපත්තිවලට කොපමණ ඉඩ ලැබෙනවාද ආදිය බලා අපි මොකක්ද කරන්නේ කියා බලනවා. එහෙමත් නැත්නම් අපි නිහඬව ඉඳියි. එහෙම නැත්නම් ඕන එකක් සත දහයයි කියලා අපිත් ඇවිත් වැඩේට සෙට් වෙනවා. මොකද අපේ කොටසත් අපි ඉල්ලගන්න ඕනෑ. ‘ යැයි බොදු බළ සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.
ඒ හිමියන් එලෙස පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.
‘ කණ්ඩායම් ගණනාවක් එක පැත්තකින් සාධාරණ සමාජයක්, තව පැත්තකින් පිවිතුරු හෙටක් එකී මෙකී නොකී බොහෝ බළවේග සංවිධාන හදමින් පවතිනවා. පුදුමයට කාරණාව නම් කිසිදු ජාතික ව්‍යසනයකදි නොදැකපු මුහුණු පමණක් නෙමේ සිංහලත්වයට බෞද්ධත්වයට අත දිග හැර පහර දුන් ඇතැම් කණ්ඩායම් පවා අද ඊනියා උගතුන් වියතුන් හැටියට පෙනී සිටිමින් සංධාන ගතවෙමින් මොකක්දෝ වෙනසකට ලෑස්ති වෙනවා.
හැබැයි ඒ කිසිදු තැනක සිංහල බෞද්ධ දේශපාලන න්‍යාය පත්‍රයක් ගැන සාකච්ඡාවක් පේන්න නැහැ. නිදහසෙන් පස්සේ මේ දොගොල්ලන්ම කළේ රට කන එක තමයි. තරගෙට රට කෑවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අවසාන කාලයට දුරුත්ත කිට්ටු උනාම පේන හීන. වඩින්න හාමුදුරුවනේ ඡන්දෙකට වැඩලා බලන්න මොකද වෙන්නේ කියලා. හැබැයි මීට ටික දවසකට කලින් නම් ගැහුවේ වෙන තැටියක් (නදී)
අනේ ස්වාමින් වහන්ස, අපට කියන්න ඡන්ද ලක්ෂයක් අරගෙන කොහොමද රටක පාලනය බාරගන්නේ. (නදී)
අන්තිමට වදාරපු ටික සම්පුර්ණ ඇත්ත (බ)
හොඳයි (නදී)
එතකොට මේ ඔක්කොම දේශපාලනය වෙනුවෙන්? (දිල්)
අපි සැමදා ඔබ වහන්සේ සමඟයි (නි)
මිනිසුන්ට සත්‍යය තේරුම්ගැනීමට හැකිවේවා! (නි)
එන්න කියන්නකෝ ඡන්දයට. අවසර! (නි)
අවසර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නියත ජය! බොදු බල සේනාවට ජය (බ)
අවසරයි අපේ හාමුදුරුවනේ! ඔබ වහන්සේගේ අදහස් හොඳයි යුගේට ගැලපෙනවා. ඉතින් ඔබ වහන්සේටත් පුළුවන්නේ ඔය පිවිතුරුයි, සාදාරණ සමාජයක් කියන උන්වහන්සේලා සමග කතාබස් කරලා ඔබවහන්සේගේ අදහසුත් එකතුකරලා අලුත් ව්‍යවස්ථාවක් හදල රටට යහපත උදාකරල දෙන්න. ඇයි ඉතින් ඔබවහන්සේ කිසිම එකගතාවක් නොපෙන්වාම ඔය විදිහට චෝදනා කරමින් ඉන්නේ. වෙන් වෙන්ව ඉදීමෙන් වෙන්නේ කපටි දේශපාලකයින්ගේ බසට සැමදා රැවටෙමින් අප උපන් රටේ සදාකාලික දුක් විදින අසරණයෝ වීම නොවේද? (බ)
හැමෝම කලේ තරගෙට රට කාපු එකනම් ඇත්ත ..ඉදිරියටත් එහෙමම තමා නැතිනම් ඔය අපිට ආදරේට වැයි.. පොර කකා පාර්ලිමේන්තුවට යන්න දතකන්නේ...කොහෙන්හරි කෑලක් හොරාගන්නයි ..? මඩිය ගොඩ කරගන්නයි ...? (ස)
දැන් ඔය මොන කතා කිවුවත් වැඩක් තියෙනවද? රටට වෙන්න ඕනෑ හරිය දැන් වෙලා ඉවරයිනේ! (නි)
ඔබවහන්සේ මේ රට තුළ අලුත් වෙනසක් ඇතිකරයි කියලා හිතෙනවා (නි)
මමත් මේ කල්පනා කළේ මේ ස්වාමින් වහන්සේ නිශ්ශබ්ද මොකද කියලයි (නි)
අපේ ජාතිය ආරක්ෂා කරන්න උත්සහා කරන එක ගැන අපේ ප්‍රණාමය. අපි හැමදා ඔබ වහන්සේලා සමඟින්. ඔබ වහන්සේ ජන්දේ ඉල්ලන්න එපා. ඔය කරන සේවය අප හට දැනෙනවා. මම ප‍්‍රන්සයේ ඉන්නේ ඕන උපකාරයක් කරන්න සුදානම්. (ර)
ආගමයි දේශපාලනෙයි කියන්නේ දෙකක්, ඔය අච්චාරුව ඔබතුමාම කන්න.(බ)
ස්වාමින් වහන්ස, ඔබවහන්සේ පමණි සිංහල බෞද්ධයා ගැන හිතන්නේ. ඒ ගැන සිංහල බෞද්ධ අපි සදා ණය ගැති ,සියලුම සිංහල බෞද්ධයන් ඔබවහන්සේලා වටා රැස්කරගන්න , මේ රටේ සිංහල බෞද්ධයාට හිමි තැන නැවත ලබාදෙන්න, බෞද්ධයනට වගේ අන්‍යාගම් අයට රිලිජස් ටොලරන්ස් කියන දේ නැහැ ඔවුනට බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට ඉඩ නොදිය යුතුයි . ඔබවහන්සේලා සිංහල බෞද්ධයා බේර ගන්න ඔබවහන්සේලාට කෙසේද උපකාරයක් කරන්නේ බොදුබලයට ජයම වේවා! එය සිංහල බෞද්ධයාගේ ජයයි (බ)
ඔබ වහන්සේ කියන්නේ ඇත්ත තමයි (නි)
ඔබවහන්සේ විතරයි නිර්භීතව ඇත්ත කියන්නේ (නි)
හැබෑව තමයි. එයාලා රට කනවා. අපි එයාලට කන්න දෙනවා. ගහන්න ඕනෑ අපිට. වරද අපේ. (නි)
මොකද මගේ අදහසට අවසර නැත්තේ ? (ර)
ප්‍රතිචාර දක්වලා වැඩක් නෑ (දිල්)
බුදු සරණ මිනිස්සුන්ට. (ර)
මම නම් හිතන්නේ ඡන්ද ලක්ෂයකට වඩා නම් ගන්න පුළුවන් (නි)
ඔබ වහන්සේ ඉල්ලුවොත් ඡන්ද ලක්ෂයකට වඩා ලැබෙන බව නම් ස්ථිරයි (නි)
මේවා අපිට කිවුවා කියලා වැඩක් වෙයි කියලා හිතන්න එපා (නි)
අනේ අපි නොදන්නවායැ? (නි)
, කරණීය මෙත් සුත්‍රය අනුව ක්‍රියා කොට කිසිවකුට වෛර නොකරන්න. කිසිවකුගේ හිත නොරිදවන්න. නපුරු වදන් නොදොඩන්න, සරල දිවිය පුරුදුවන්න, නිවනට වැඩ කරන්න. (අ)
ඔබ වහන්සේ ඡන්දෙට එන්න. අපි ඡන්දෙ දෙනවා. ඒකෙ දෙකක් නෑ. (අ)
නිදහසෙන් පසු කිසිදු තැනක සිංහල බෞද්ධ දේශපාලන න්‍යාය පත්‍රයක් ගැන සාකච්ඡාවක් පෙනෙන්න නැහැ. මේ අඩුව පුරවන්නේ කවදාද? (නි)
ඡන්ද ගණන නම් බැහැලා වගෙයි... (නි)
මමනම් දන්නවා බළල් අත මොකක්ද කියල එ්ක ඉදිරියේදී මහජනයාත් දැන ගනීවි කා වෙනුවෙන්ද මේ කතා කරන්නේ කියල(අ)
අනේ අපිට ඕවා කියලා වැඩක් නැහැ (නි)