අම්පාර ගලපිටගල ගෝණගල ගම්මානය අවට සැරිසරන වල් අලින් ඇල්ලීම සඳහා පසුගිය ඉරිදා අලි මෙහෙයුමක් ආරම්භ කළේය.
මෙහෙයුමට සිවිල් ආරක්ෂක භටයෝ 150 දෙනෙක් ද, යුද හමුදා භටයෝ 75 දෙනෙක්ද, වනජීවී නිලධාරීහු 40 දෙනෙක් ද, අලි ඇල්ලීමට විශේෂ පුහුණුව ලැබූ 21 දෙනෙක්ද එක් වූහ.
මේ කණ්ඩායම විසින් ස්ථාන 40කදී නිරීක්ෂණය කරමින් දරුණුම වල් අලියා හඳුනාගෙන ඇතත් මේ වන තුරු නිර්වින්දනය කිරීමට පශු වෛද්‍යවරයකු නොපැමිණීම නිසා අලි මෙහෙයුම සඳහා ගිය පිරිස දැඩි අපහසුතාවට පත්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මොනවද මේ කරන වැඩ? මනමාලි නැතුව මගුලක් කරන්න ගියා වගේ (නි)
සැලසුමක් දන්නෙ නැති කට්ටියක්ද කොහෙද? (නි)
මොකද මේ කැලේ මැද්දේ වයිෆ්ලා, ළමයි ගෙනිහින් තියෙන්න? (නි)
අලි එලවන්න ගිහින් අලි අමාරුවක (නි)
කොටි නැති නිසා දැන් ඉතින් අලිවත් අල්ලමු. (නි)
අලියට තරම්වත් මේ මිනිසුන්ට මොලයක් නැහැනේ (නි)
අලි මන්තර යොදන හැටි හොයන එක මීට වඩා ලාබ නැද්ද ? අලිමංකඩ නිදහස් කරන්න සැලැස්මක් හදලා ගම්මාන වෙන තැන් වලට ගෙනියලා මිසක් ඔය ප්‍රශ්නේ හරියට විසදන්න බැහැ. හැම අමාත්‍යංශයක්ම ඒකාබද්ධ වෙලා වැඩ කරන්න ඕනෑ, ඒ සැලැස්මට අනුව. වෙඩි ගහලා අලි කලබල කළාම අලි පාර හරහා තියෙන ගම් වලට දුවනවා (නි)
අලි අල්ලන්න ගිෙය් නිර්වින්දන වෛද්‍යවරයෙක් නැතිවද?(නු)
හිස් අතින් යුද්ධයකට ගියා වගේනේ.!(නු)
අලියට කලින් හෙන්ඩුව අරන්.(නු)
මෙවෙනි මෙහෙයුමකට රැස්වීම් තියල , සාකච්චා කරලා ,අවශ්‍යම නිලධාරියා ගෙන්වා නොගෙන්වීම කණගාටුවට කරුණක්.හොරු අල්ලන්න පොලීසිය කනප්පු කැරකුවා නම්? මම මේ නිකමට කියන්නේ ,අලි එලවීමට වනජීවී දෙපාර්තමේන්තුව අලි මන්ත්තර ප්‍රයෝජන නොගන්නේ ඇයි?දඹානේ ආදී වාසීන් ,දිවයිනේ සුප්‍රසිද්ධ මන්ත්‍ර කරුවන් ,කෑගල්ලේ මිල්ලන්ගොඩ මහතා,රන්දෙනියේ සමරසිංහ මහතා යන අයලඟ මේ මන්ත්‍ර තවමත් නොනැසී පවතිනවා!දිනපතා උවදුරු වලින මියන අලින් ගැන අනුකම්පා කොට මෙවෙනි වැඩ පිලිවෙලක් හෝ අනුගමනය කරනවානම් වනජීවී මැතිතුමා මතු නිවන් දකී ...(නු)
අනේ මෙහෙමත් වැඩ.. නිර්වින්දන වෛද්‍යතුමා නැතිව මෙතන වැඩක් තියෙනවාද?(නු)
මෙච්චර කට්ටියක් ඉන්නවනම් අලියාගේ කනෙන් අල්ලගන එන්ඩ පුළුවන්නේ මොනවටද නිර්වින්දන (නු)
හෙන්ඩුවක් නැතුව අලි අල්ලන්න ගිය ගොන් හරක් රෑනට ජය වේවා!(නදී)
අපේ රටේ කරන කිසිම දෙයක් කලින් සැලසුම් කරන්න තරම් දැනුමක් ගොඩක් නිලදාරීන්ට නැති බවයි පෙන්නේ.(නු)
ඒ කාලේ 10-12 දෙනෙක් වනයට ගිහින් ඕනෑම දඩබ්බර අලියෙක් අල්ලාගෙන මෙල්ල කරගෙන ගෙනත් හීලෑ කරගත්තෙත් නිර්වින්දනය කොරලද ආඩුබොවන්ඩ ? එහෙම අලි අල්ලපු පරණ මිනිස්සු තාම ඉන්නවා නම් මේවා දැකලා මොනවා කියයිද? මේ ටික ඒ එඩිතර මිනිසුන්ට උපහාරයක්ම වේවා! (නි)
ආනන්ද කිව්වා වගේ එහෙම හිතාගෙන වෙන්න ඕනෑ කට්ටිය යන්න ඇත්තේ. අලියා කියන්නේ හාවෙක් විතර සතෙක් කියලා හිතුවද කවුද දන්නේ? (නි)
මේ මෝඩ වැඩ නිසා අලි වියදමක් නම් දරන්න වෙන්න ඇති. (නි)