අවුරුදු කන්නට දියණියගේ ගෙදර දොර නොඇරුණු නිසා මහමගට වැටී නිකවැරටිය රෝහලේදී මියගිය නවගත්තේගම ගොවියකුගේ සිරුර බාර ගැනීමට දරුවන් නොවූ නිසා නිකවැරටිය කොටවෙහෙර නිකේතනාරාම විහාරස්ථාධිපති සංඝට්ටිකුලමේ සංඝරතන හිමියන්ගේ මග පෙන්වීමෙන් කොටවෙහෙර අසරණ සරණ වැඩිහිටි නිවාසයේද තවත් අයගේ ද සහයෙන් අවසන් කටයුතු සිදුවිය.
දක්‍ෂ ගොවියකු වූ නවගත්තේගම පී. දියෝනිස් (78) වියෝවීමෙන් තමා යළිත් මහ මඟට වැටුණු බවත් තමාගේ එක් පුතකු රටද තවත් පුතකු කොළඹද දියණිය ගල්ගමුවේද හොඳින් සිටින බව පී.එම්. කමලාවතී මහත්මිය (66) කීවාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ස්වාමීන් වහන්සේලා මේ දෙස බලන්න ඕන..
දරුවන්ට ඕවා මේ ආත්මෙදිම පඩිසන් දෙයි..
මේ වගේ අසරණ වෙන වැඩිහිටියෝ අපේ රටේ ගොඩක් ඉන්නවා.එක එක වැඩකට නැති දේ වලට වියදම් කරන සල්ලිවලින් මේවගේ වැඩිහිටියන්ට ඉන්න තැන් ටිකක් හැදුවනම් ඉවරයි..
දරුවන්ට කවද හරි මේවා තේරෙයි..
විශිෂ්ඨයි හාමුදුරුවනේ...
ඔය දරුවන්ටත් දිට්ටධම්ම වේදනීය කර්මය පළදෙයි..
ආනන්තරිය පාප කර්මයක්. හාමුදුරුවන්ට තෙරුවන් සරණයි. මේ පිනට දායක වුණ හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි. මේ තාත්තට නිවන්සුව පතනවා....!!!!
මගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ... තාත්ත නැති වෙලා අවුරුදු 15 විතර වෙනවා. අම්මා නැති වෙලා අවුරුදු 3ක් වෙනවා. අදටත් අපි දුක් වෙනවා අපේ දෙමව්පියන්ට තව සලකන්න තිබුනානම් කියලා. එහෙමයි අපි අපේ දෙමව්පියන්ට සලකන්න උනන්දු වුනේ. අනේ මෙහෙමත් ළමයි.
කුමන ධර්මයකින් හෝ දඩුවම් ලැබෙනවා.
මේ ළමයින්ගේ නම් අහලා පලකරන්න ඕනේ. ඇයි ඒවා හංගන්නේ.
ළමයින්ට උගන්වන්න පමණට වැඩියෙන් මහන්සිවෙන දෙමාපියන්ටත්, ළමයින් ගැන වැඩිපුර බලාපොරොත්තු තියාගන්න දෙමාපියන්ටත් මේවා හොද පාඩම්.
මෙයාලා කොහොමද දන්නෑ අවුරුදු කන්නේ?
එම දරුවන්ට සංසාර ගමනේ,අපට ප්‍රමානයකට හෝ ලෑබුන නුවණ පහලවේවා.
මේ වගේ දරුවන්ට හොද දඩුවම් දෙන්න ඕන..
කල කම් පළ දේ. මේ දරුවන්ටත් කවද හරි ඔය දේම වෙයි.
හරිම සංවේදනීය සිදුවීමක්.මේ පින්තූර දුටුවහම දරුවන්ට කවදාවත් සිදුවීම අමතක වෙන්නේ නැතිවෙයි. හිමිවරුන්ට හා ජනතාවට අපේ උපහාරය..
මෙහෙමත් දරුවො
දෙමාපියො නිසා කොයි තරම් කරදර වුණත් ඒවා ඉවසගෙන ඉන්න ඕනි. වයසට ගියාට පස්සේ දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට වගේ සලකන්න.
ඔබට නිවන් සුව අත්වේවා. සියලු ගම්වාසීන්ට පිංසිදුවෙනව. ස්වාමීන්වහන්සේගේ මගපෙන්වීම. නිකවැරටිය කොටවෙහෙර නිකේතනාරාම විහාරස්ථාධිපති සංඝට්ටිකුලමේ සංඝරතන හිමියන්ට බුදුසරණයි.
ඇයි දරුවන්ගේ නම් එළි කරන්නේ නැත්තේ?
පින්වත් හාමුදුරුවන්ට කරපු වැඩේට නිවන් සුව ලැබේවා.
ගොඩක් කණගාටුයි..
මේ අහිංසක අම්මයි තාත්තයි බලාගන්න බැරිව මහමග මැරෙන්න ඇරපු දරුවන්ට ස්වභාව ධර්මයෙන් දඩුවම් හම්බෙයි..
එයාලට 2500 න් බැරිව ඇති නේද....
අයියෝ... මෙහෙමත් දරුවො. එයාලටත් තේරෙයි එයාලගෙ දරුවො මෙහෙමම කරන කාලෙට..
හැම තිස්සෙම බටහිර සංස්කෘතියට බැන බැන ඉන්න අපේ තත්වෙ දන් මෙහෙමද?
හරිම කණගාටුයි. දෙමාපියන්ට සලකන්නේ නැති අයට හොද දඩුවම් ලබා දිය යුතුයි..
දරුවො හිතාගෙන ඉන්නවා ඇති හැමදාම ජීවත් වෙනවා කියලා. තාත්තාට නිවන් සුව ලැබේවා..
ඇත්තටම කණගාටුයි
මේ දරුවන්ගේ ඡායාරූප පළ කළානම් ගොඩක් හොදයි. මියගිය පියාට නිවන් සුව!