ගාල්ල ලබුදූව දකුණු පළාත් සභා සංකීර්ණය පිහිටි දක්ෂිණ පායේ හත් වැනි මහලේ සිවිලිමේ කොටසක් කඩා වැටී ඇතැයි සේවකයෝ කියති.
මෙම ගොඩනැගිල්ල විවෘත කළේ මීට දෙමාසයකට කලිනි.
ගාල්ල ලබුදූව දකුණු පළාත් සභා සංකීර්ණය පිහිටි දක්ෂිණ පායේ හත් වැනි මහලේ සිවිලිමේ කොටසක් කඩා වැටී ඇතැයි සේවකයෝ කියති.
මෙම ගොඩනැගිල්ල විවෘත කළේ මීට දෙමාසයකට කලිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාසයකට පෙර විවෘත කළා නම් වෙලා තිබෙන දේ අපිට හිතාගන්න පුලුවන් (නි)
ජනාධිපතිතුමනි, මෙන්න ඔබ ළඟ ඉඳන් රටට සේවය කරන මිනිස්සුන්ගේ සුපිරි වැඩ. රටේ දියුණුව වෙනුවෙන් ඔබ තුමා වෙන් කරන මුදල් දෙකෙන් පංගුවක් ගිලපුවම ඔහොම දේවල් පුදුම දේවල් නොවේ. රජය මගින් කරන සියලුම ඉදිකිරීම් හරිම බාල ප්‍රමිතියකට වෙන්නේ. මේවා ගැන මිනිස්සු අවදියෙන් ඉන්නේ. මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනියා කරන මේවට මුල්වෙලා වැඩකරපු සියලුදෙනා ඔබතුමා ඉදිරියටත් රකිනවා නම් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක්..! (ස)
මේවට තමයි දුෂනය කියන්නේ. කරුණාකර මෙම ගොඩනැගිල්ල නැවත තත්ත්ව පරිකෂාවට ලක් කර වැරදිකරුවන්ට දඬුවම් කරන්ඩ.(නදී)
හරිනේ මීට මාස දෙකකට උඩදී පලාත් සභා ඡන්දෙනේ තිබුනේ. සිවිලිම ගහන්න වෙන්කරපු මුදලින් ඡන්දෙට වියදම් කරන්න සල්ලිගත්තා රබර් දර ටිකක් දාල සිවිලිම ගැහුවා නේද? (නදී)
රාජ්‍ය පාලනය හැම මට්ටමකම දුෂ්ටයින් ඉන්නවා. වගකිවයුතු අය මේ දූෂිතයින් සහ අපරාදකරුවන්ව සුරකිනවා නම් අනාගතය සුබම තමා. (අ)
බාල වැඩ නවතින්න නම් හරි දඩුවම් දෙන්න ඕන. කොන්ත්‍රාත් කාරයට මුදල් ගෙවීම අනුමත කරපු කාර්මික නිලධාරියා සේවයෙන් පහ කලයුතුයි නේද? මාතර විජයග්‍රහනය සැමරුම සදහා වෙරළපාර නීකරණය භාගෙට ඉතිරිකරලා. මෙහෙම යටපත් වෙයිද වැඩේ නිමා කරයිද කියලා සැකෙන් තමයි මිනිස්සු කථා තරන්නෙ.(අ)
මේවට තමයි නාස්තිය හා දූෂණය කියන්නේ. මේ අලාභ කවුද ගෙවන්නේ? හොරු බොරුකාරයො හැම තැනම. (ස)
පොඩ්ඩක් නෙවෙයි මේ ගොල්ලන් කෝටි ගානක් පිල්ලි ගහල ඇති. පසුගිය කාළයේ ඉදිකළ හැම ගොඩනැගිල්ලක්ම,පාළමක්ම ඔහොම තමයි. (ස)
අචිනි ඔබගේ කතාව හරිම අපුරුයි .මට කියන්න තියෙන්නේ පව් කරන අයට එලොවදීත් මෙලොවදීත් දෙකේදීම දඩුවන් නම් සුවර් කියලා. මහන්සි වෙලා හොයන් කන එකේ රහ හැමදාම මතක තියෙනවා. ඒත් වැරදි විදිහට හොයන් කන එකේ මෙලෝ රහක් නැහැ. මොකද ඒ හැමෝම කන්නේ ගින්දර.(නදී)
ගගලි, මේ කතාවට වඩා ඔබේ අදහසට පිළිතුරක් දෙන්න හිතුනා, දවසක් මහත්මා ගාන්දි තුමා ළගට ළමයෙක් එක්කගෙන ආවලු එයාගේ අම්මා. ළමයා වැඩිපුර පැණි රස ජාති කන නිසා ගාන්දි තුමාට කියල අවවාද කරවන්න. නමුත් එතුමා කිව්වලු සතියකින් එන්න කියල. සතියට පස්සේ අාවම ළමයට අවවාද කලාලු පැණිරස කෑමේ විපාක ගැන කියල. අම්මා අහවලු එතුමාගෙන් අැයි එදා ඔය අවවාද නොදී සතියකින් එන්න කිව්වේ කියල. එතකොට කිව්වලු අවවාද දෙන්න කලින් මමත් ඒ පුරුද්දෙන් මිදෙන්න ඕනේ කියල. (ස)