දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම අසල පැවති උද්ඝෝෂණයක් නිසා එම මාර්ගයේ බස් සේවා අවහිර විය.
මීට ආසන්නම සිද්ධිය වුයේ එම පිවිසුම අසලදී ගම්වැසියෙකු රිය අනතුරකින් මිය යාමයි.
ගම්වැසියන් කියනුයේ පසුගිය කාලයේ මෙහි සිව් දෙනෙකු මිය ගිය බවයි. සුදුසු ආරක්ෂක තත්වයක් ඇති කරන්නැයි ඔවුහු ඉල්ලති.
දෙසීයක් පමණ උද්ඝෝෂකයෝ මළ ගෙදර අවසන් කටයුතු සිදුවෙමින් පවතිද්දි පාරට පැමිණ උද්ඝෝෂණය ඇරඹුහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදී වේග මාර්ග ඇති අනෙක් බොහෝ රටවල් ඒවාට ඇතුල් වෙන්න සීමා නැහැ. හැබැයි හොද කලමනාකරණයක් තියනවා. රියදුරන් මෙන්ම පාර භාවිතා කරන අනෙක් අයත් හරිම විනය ගරුකයි. ඒක එන්නේ රටේ තියන නීතියේ බල මහිමයයි නිසා. නිතියක් නැති රටක විනයක් ඇතිකරන්න බැහැ.(නදී)
සුරන්, මෝඩ කතා කියන්න එපා. සංසන්දනාත්මකව ශ්‍රී ලාංකිකයෝ 90% අධ්‍යාපනයක් ලැබූ අය. කතාව පටන් ගන්නේ අපි නූගතුන් කියලා. දඬුවම් කරන්න කියන්නේ පදිකයන්ටද? අපි ඉන්න රටවල් වල පදික වේදිකා තිබෙනවා.පාරවල් අයිනටම කරලා ගෙවල් හදපුවම පාරේ යන අය කොහෙන් යන්නද? (නි)
අධිවේගී පිටවීම් දොරටුවක් ළඟ කහ ඉරක්? මට නිකං මොකද්දෝ මොකද්දෝ වගේ. ඇයි මේ පාරවල් මේකට පළි? මිනිසුන් 4 ක් මිය ගිය එක ඇත්ත සිද්ධියක් නම්, ඒවාට පිළියම් නොයෙදුවේ ඇයි? අධිවේගී මාර්ගයකට මිනිසුන්ට ඇතුළු වෙන්න ඉඩ තියෙන්නේ මොන රටේද? (නි)
ඔය සුරන් කියන කෙනාගේ කිට්ටුවන්තයෙක් මෙහෙම මියගියා නම් ඔන්න එතකොට මතක්වෙයි කවුද උගත් කවුද නූගත් කියලා (නි)
මේ පාර හැදීමෙන් හොද දේවල් සහ නරක දේවල් වුණා. හොද දේවල් කවුරුත් දන්නවා. ඒවා කියන්න ඕනෑ නැහැ. මං දකින නරක දේවල් තමයි එක වත්තේ එකට ජිවත් වූ දෙමාපිය දරුවන් වෙන් වුණා. දැන් එයාලට තමන්ගේ අම්මලා බලන්න යන්න වෙන්නේ ලොකු රව්මක් ගහලා. හිතවතුන් වෙන් වුණා. මොකද මේ පාර ගිහින් තියෙන්නේ ඒ අයගේ වත්ත මැද්දෙන්. (නි)
මේ රටේ නිලධාරින්ට මිනිස් ජීවිත වල වටිනාකමක් නැතිවෙලා තියෙන්නේ වැරදී කරන නිලධාරින්ට පහසුවෙන් ගැලවිලා ඉන්න පුළුවන් නිසා.හොඳම උදාහරණය අචලාගේ අත කැපු වෛද්‍යවරු කිසිම කෙනෙකුට දඬුවමක් ලැබුනද.හෙදියන්ගේත් ඔය ටිකමයි. ඔය වෘත්තිය සමිති වලට බයේ දඬුවම් දෙන්නේ නැහැ.මේවා දකින මිනිස්සු වැරදි කරන්න වගකීම් පැහැර හරින්න බය නැහැ. (නි)
පදික මාරුවක් පිහිටුවීම මීට විසදුමක් වේවි (නි)
පිනි බබා, ඕකට හේතුව ලෙස මෙම අධිවේග මාර්ගයේ[ සමහර] කටයුතු අඩු සැළසුමකින් කර ඇතැයි බව මට හැගේ. මම මේ අධිවේග වල කිසිදා ගමන් කර නැත. ඇහැටවත් දැක නැත. පුවත්පත් කියැවීමෙන් හා මෙහි අදහස් කියවීමෙනුයි මා යම් යම් නිගමන වලට එන්නේ. මා වැරදි නම් නිවැරදි කරන්න. මේ අධිවේගය සැදීමට පෙර යම් මාර්ගයක් මේ හරහා ගොස් තිබුනේ නම්, එයට විකල්පයක් ලෙස අධිවේගය හරහා [උඩින්] මගී පාලම් ඉදිකිරීම කළ යුතුව තිබුණි. එවිට පිනි බබා කියනා ලොකු රවුමක් යාමට අවශ්‍ය වන්නේ නැත. නමුත් එයට දැන් ප්‍රමාද වැඩිය. දැනුත් එවැනි පාලම් සැදිය හැකිය. එවිට සිදුවන්නේ අධිවේගය මාස ගණනකට වසා දැමීමට සිදුවීමයි. (නි)
ඔබගේ පහත සඳහන් අදහසට මම ගරු කරමි. එය අපිට හොදින් දැනෙනවා නීති ගරුක රටක ජිවත්වෙනකොට. වොචර් 2013-11-03 15:32:17 ආදී වේග මාර්ග ඇති අනෙක් බොහෝ රටවල් ඒවාට ඇතුල් වෙන්න සීමා නැහැ. හැබැයි හොද කලමනාකරණයක් තියනවා. රියදුරන් මෙන්ම පාර භාවිතා කරන අනෙක් අයත් හරිම විනය ගරුකයි. ඒක එන්නේ රටේ තියන නීතියේ බල මහිමයයි නිසා. නිතියක් නැති රටක විනයක් ඇතිකරන්න බැහැ.(නදී)
අධිවේගී මාර්ගවල පදිකයන්ට පාර හරහා මාරුවීම සදහා පදික මාරු සළකුණු කරනවද? ආරක්‍ෂිත වැටවල් නැද්ද? මේවට වගකිවයුත්තෝ මෙම මාර්ග සැලසුම් කළ නිලධාරීන්. (නි)
මෙය ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රථම මාර්ග අනතුර නොවෙයි. මෙවැනි අනතුරු රියදුරන්ගේ නොසැළකිල්ල නිසා පමණක් නොව මගීන්ගේ විනයක් නොමැතිව නොසැළකිල්ලෙන් මාර්ගය පරිහණය කිරීමේදීද සිදුවෙනවා. නමුත් වරද සැමවිටම රියදුරන්ට සහ පාලකයන්ට යොමුකිරිම සාධාරණද යන්න සොයා බැලිය යුතු කාරණයකි. අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීම සඳහා පින්නදුව අන්තර් හුවමාරුවේ සිට ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දෙවට මංසන්දිය දක්වා අලුතින් නිමකරන ලද මේ මාර්ගය හරහා අතුරු මාර්ග කිහිපයක් (තුනක් හෝ හතරක්) සහ ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයද වේ. ගාල්ල දෙනියාය මාර්ගය ප්‍රවේශ මාර්ගය හරහා යන නුගදුව මන්සන්ධියේ වර්ණ සංඥා සවි කර ඇති නමුත් අනෙකුත් මාර්ග වන උඩුගම ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඇති ගිනිගල්තුඩුව මංසන්දියෙන් පටන් ගන්න මාර්ගය සහ යක්ගහ මංසන්ධියෙන් පටන්ගන්න මාර්ග අතුරු මාර්ග බැවින් එසේ වර්ණ සංඥා අවශ්‍ය නොවේ. සමහරු කියන පරිදි ප්‍රවේශ මාර්ගයේ අධික වේගයකින් ගමන් කිරීමට හැකියාවක් නැත. මන්ද මා කලින් සඳහන් කරන ලද අතුරු මාර්ග වලින් නොහික්මුණු ආකාරයෙන් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වන පාපැදි යතුරුපැදී සහ ත්‍රි රෝද රථ මා අනන්තවත් දැක ඇත. ඒවගේ මා දෙවරක් අනතුරට ලක්වීමට ගොස් මහත් ආයාසයෙන් යුතුව බේරුණු හැටි තවමත් මතකය. මාර්ගය තමන්ගේ බුදලයක් සේ සිතා හරහා පයින් යන පිරිස් නැත්තේද නොවේ. ඒ නිසා දියත් කළ යුත්තේ මාර්ග අවහිර කර උද්ගෝෂණය කරන්නන්ට උඩගෙඩි දීම නොව පුද්ගල විනය හැදීමට යමක්ය. (නි)
කොහොමත් ලංකාවේ හැමදෙයකටම පාරවහගෙන කරන මෙම විගඩම් වහාම නැවතිය යුතුය (දී)
ලංකාවෙ ජීවත් වෙන්නෙ නූගත් මිනිසුන්. හැමදේකටම පාරවල් වහලා චණ්ඩි වෙනවා. ඒ පාරවල් වල යන අයද ඔවුන්ගේ ප්‍ර්ශ්න වලට වග කියන්න ඕනෑ. පාරක අනතුරු වෙන්නෙ වාහන වගේම මිනිස්සුන්ගෙත් වැරදි නිසා. ලංකාවෙ මිනිස්සු පාරවල් වල යන්නෙ පාරවල් බදු අරන්. කිසිම නීතියක් පිළිපදින්නෙ නැහැ. අන්තිමට මොකක්හරි වුණහම වාහන තමා වැරදි. මේ විදියට අනිත් මිනිස්සුන්ගේ වෙලාව කන අයට තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි (නි)
ඇත්ත, පින්නදුව පිවිසුම ළග හරිම අනතුරුදායකයි. ඉක්මනින් විසදුමක් දෙන්න. පාර අවහිර කරන්න එපා. ඒකෙන් තැලෙන්නේ අපේම ජනතාවයි! (නි)
සුරන්, එතකොට ඔය ලංකාවේ නෙමෙයිද? නිකන් මෝඩ කතා කියන්න එපා.මිනිසුන් හතර දෙනෙක් මැරෙනකනුත් නිහඬව බලා හිටි නිලධාරීන් ගැන මොකද කියන්නේ? අනතුරු හතරක් වුණ තැන අඩුතරමේ අවදානම් හැටියටවත් සළකලා බෝර්ඩ් කෑල්ලක් ගහන්න තරම්වත් අපේ නිලධාරින්ට මොළයක් නැද්ද? (නි)
සුසන්ත, ඔය අධි වේගී මාර්ගය නෙවෙයි. අධිවේග පිවිසුම් මාර්ගය. ඒක සාමාන්‍ය පාරක්. ඔතන වැරැද්ද තියෙන්නේ වාහන වල. එයාලා හයිවේ එකෙන් එලියට ඇවිත් මේ පාරෙත් 100ට යනවා. (නදී)
සුරන් නිකම් මෝඩයෙක් වගේ කතා කරන්න එපා (නදී)
මේක අදිවේග පාර නොව අදි වේගයට පිවිසෙන පාරය,මෙයද මංතීරු 4 සහිතය. එම නිසා අදි වේගයට යන එන වාහන මෙම පාරේද වේගයෙන් දාවනය කරනවා. ඒ වගේම පාරේ තැන් කිපයකම කහ ඉරි ලකුණු කර තිබෙනවා පදිකයන්ට මාරුවෙන්න,එක වැරදිය එසේ කරනවානම් කහ ඊට කලින් හම්ප් සවි කළ යුතුය. නැත්නම් පදික මාරුවට ගුවන් පාලම් ඉදිකල යුතුය. (නදී)
මිනිසුන් හතරක් මිය ගිය බව සත්‍යය නම්, නිදා සිටි බලධාරීන්ට නිසි දඩුවම් ලබාදිය යුතුයි (නි)
මංජුලගේ අදහසට මම එකඟ වෙනවා. ප්‍රථමයෙන් කියන්න ඕන මේ මාර්ගය දක්ෂිණ අධිවේග මාර්ගය නොවන බව. මෙය එම මගට ඇතුල් වීමට ගාල්ල මාතර මාර්ගයේ සිට ඇති මාර්ගයි. (නදී)
මංජුලගේ අදහසට මම එකඟ වෙනවා. ප්‍රථමයෙන් කියන්න ඕන මේ මාර්ගය දක්ෂිණ අධිවේග මාර්ගය නොවන බව. මෙය එම මගට ඇතුල් වීමට ගාල්ල මාතර මාර්ගයේ සිට ඇති මාර්ගයි.(නදී)
මේ අනතුර උනේ වලහඳුවේ මේ මනුස්සය ගේ වාහනේ( වැන් එකක් ) එක පාරටම පර හරහා යන්න ගිගින් තමයී කෙලින් පාරේ ආපු වාහනයක හැපුනේ. මේ ගමේ මිනිසුන්ට මේ පාර පුරුදු නැහැ. වාහන නැති වෙලාවට මේ හරිය හරිම පාලුයී. මිනිස්සු 4 ක් මරුනේ එකම තැන නෙවෙයී පින්නදුවේ එතනින් ගාල්ලට තියන පාරේ. (නදී)
හාරසීයක් මැරුණත් නිලධාරීන්ට මොකද? ඩියුටි ෆ්‍රී කාර්, නිල නිවාස, පඩි, විශ්‍රාම වැටුප් තියෙනවනේ (නි)
සුරන් ඔබ හරි අදිව්ගී පාරට එන්නේ මොන කෙන්ගේඩියකටද? අපේ අයට තිරික්කල පාරවල් ටිකකුත් හදල දුන්නම හරි. (නදී)
වරද 90% රියදුරන්න්ගේ. මොකද අදිවේගේ න් පස්සේත් යන්නේ සීය පන්නලා.(නදී)
අපේ රට කන්නේ ඔය නිලධාරී පන්තිය තමයි. (නි)
සුරන් වැනි අය නිසා තමයි ලංකාවට මේ කලදසාව ගිහින් තියෙන්නේ (නි)
සුරන්ගේ කතාව හරි.හැමදෙයකටම එක පැත්තක් විතරක් වැරදි නැහැ. (නි)
බැටන් පොලු හමුදාවත් ඇවිල්ලා වගෙ. රෝස පාට සර්ට් එක ඇදන් ඉන්න මනුස්සයා අතේ තියෙන බැටන් පොල්ල දිහා බලන්න.(නදී)
අධිවේගී මාර්ග අපට අලුත්.විශේෂයෙන් දකුණේ ගම්බද ජනතාවට.ඒ නිසා ඒ පිළිබඳ මිනිසුන්ට අවබෝධයක් ලබා දිය යුතුයි. (නි)