IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘දකුණේ හොර වැඩක්‘ ඡන්දෙ නැති දරුවනුත් දඩමීමා කරන්

දකුණු පළාතේ පාසල් දරුවන් මගින් ජනාධිපතිවරණ  පත්‍රිකා බෙදාහැරීමේ සැලැසුමක් ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

ඇල්පිටිය,අම්බලන්ගොඩ,උඩුගම,ගාල්ල,මාතර,අකුරැස්ස,දෙණියාය,මුලටියන, තංගල්ල,වලස්මුල්ල හා හම්බන්තොට යන කලාප අධ්‍යාපන කාර්යාල මගින් දකුණේ සියලුම විදුහල්පතිවරුන් මගින් මෙම පත්‍රිකා පාසල් දරුවන් අතට පත් කැර දෙමාපියන්ට ලබාදීමේ කූට සැලැසුම ජනාධිපතිවරණ නීතී රීතී බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ජනාධිපතිවරයාට සහාය ඉල්ලමින් දකුණු පළාතේ 1047ක දෙලක්ෂ හතලිස් පන්දහසකට වැඩි සිසුන් අත මවුපියනට බෙදා දීම සඳහා මෙම ප්‍රකාශන පළාත් අද්‍යාපන අමාත්‍යංශය  මුද්‍රණය කළ බව පළාත් විදුහල්පති සංගමය ගුරු සංගම් වෙත මේ වන විටත් දැනුම් දී ඇත. දකුණු පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල 11 සඳුදා (05) සවස 2ට පැවැත්වීමට නියමිත විදුහල්පති රැස්වීම්වලදී කලාප අධ්‍යක්ෂවරුන් විසින් ජනපතිට සහාය දැක්වෙන ප්‍රකාශන පත්‍රිකා  තම කලාපයන්හි විදුහල්පතිවරුන් වෙත ලබා දීමට නියමිත බවත් සියලුම විදුහල්පතිවරුන් දරුවන් මගින් නිවෙස්වලට යැවීමට නියමිත ජනපති මැතිවරණ ප්‍රකාශන නිසි පරිදි මාපියන් වෙත දරුවන් නිශ්චිතවම ගෙනගොස් දී ඇත්ද යන්නත් සහතික දකුණු පළාතේ විදුහල්පතිවරුන් පළාත් අධ්‍යාපන ලබා දෙන පත්‍රිකා මගින් සනාථ කළ යුතු බවද විදුහල්පතිවරු කියති.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛන අමු අමුවේ උල්ලංඝනය කරමින් දකුණේ පාසල් දරුවන් මගින් 2015 වසරේ සුබ පැතුම් පණිවුඩයක් ලෙස ජනපති ජය තහවුරු කරන ලෙස සහයෝග පතා සකස් කළ මෙවැනි ප්‍රකාශන දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මීට ඉහත මැතිවරණවලදීත් දරුවන් මගින් නිකුත් කළාසේම මෙම ජනාධිපතිවරණයේදී බෙදාහැරීම සදාචාර විරෝධි හා මැතිවරණ නීතී බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බව ගුරු සංගම් රැසක් මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කැර ඇත.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි වික්‍රමසිරි මහතා මහතා මෙසේ කීවේය. පාසල් දරුවන් මගින් මාපියන් වෙත සුභ පැතුම් පණිවුඩ යැවීමට තීරණයක් ගෙන ඇති බවත් එය අඟහරුවාදා (06) පාසල් සිසුන් අතට පත් කරනවා. ඉදිරියේදී අධ්‍යාපන කටයුතු දියුණු කරන ආකාරය පිළිබඳව එහි සඳහන් වෙනවා‘.

ගාල්ල දිස්ත්‍රික් ලේකම්  රවීන්ද්‍ර මහතා මෙසේ පැවැසීය

හේවාවිතාරණ මහතා මෙසේ පැවැසීය. ‘මේ ගැන මා දැනගෙන හිටියේ නැහැ.වහාම හොයා බලන්න කටයුතු කරනවා.ගාල්ල සහකාර තේරීම් බාර නිලධාරීවරයාටත් මේ ගැන සොයා බලන්න උපදෙස් දෙනවා.මේ ගැන දැනුම්වත් කළාට මාධ්‍යට ස්තූතියි.මැතිවරණයට අදාල කිසිම දෙයක් පාසල්වල බෙදාහැරීම සම්පුර්ණයෙන්ම තහනම්.‘



අදහස් (0)

‘දකුණේ හොර වැඩක්‘ ඡන්දෙ නැති දරුවනුත් දඩමීමා කරන්

ශාන් Sunday, 04 January 2015 08:32 AM

අධ්‍යාපනයත් නැති කරන්නද න්නේ (දිල්)

:       0       0

රුමේෂ් Sunday, 04 January 2015 09:04 AM

පරාජය දරා ගන්න බැරුව පිදුරු ගහෙත් එල්ලෙන දේශපාලන හිඟන්නෝ. පොඩි දරුවෝ විතරයි මෙච්චර කල් ඉතුරු වෙලා හිටියේ දැන් එ්කත් අල්ලාගෙන. (නදී)

:       0       0

අනිල් Monday, 05 January 2015 12:24 AM

දැන් යන හැටියට දේශපාලනය කරන්නවත් පොඩි අය ඉගෙනගන්න ඕනෑනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site