දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පෙදෙසේ කඩ සාප්පු සංකීර්ණයේ වැසිකිළි උතුරා යෑම සතියක් ඇතුළත වළක්වන්නැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී එහි පාලන අධිකාරීයට නියෝග කළේය.
ගාල්ල කොට්ටාව මං තීරුව පැත්තේ කඩ සාප්පුවල වැසිකිළි උතුරා ගොස් ඇත.
වැලිපැන්න සේවා පෙදෙසේ පාර දෙපැත්තේම ඇතැම් කඩ සාප්පුවල මිනිස් ආහාරයට නුසුදුසු පළතුරු,පිසු හා වියළි ආහාර,බිත්තර මස් මාළු ආදීය විනාශ කළ බව ද මතුගම අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාලක ජයසිංහ මහතා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේනම් කැතයි හොදේ. (අ)
සේවා පෙදෙසේ තිබෙන සාප්පු දේශීය අයට සුදුසු ඒවා නෙමෙයි. සියලුම දේවල් ගිනි ගණන්. (නි)
පිට ඔපයට කරන වැඩ වල අවසානය මෙහෙම තමයි. (නි)
ලංකාවේ හැම දෙයක්ම මතුපිටින් විතරයි සුපිරි. (නි)
වැසිකිළි යන්න සල්ලිත් ගන්නවා නේද (අ)
ඕක ඔහොම වෙයි කියලා මට හිතුනා (නි)
බලන්න ප්‍රමිතියක් නැති වැඩ නිසා සිදුවන විනාශය. (නි)
කෝ දඩ ? විනාශ කරලා විතරක් හරියනවද? (නි)
පිටින් ඔපේ යටින් හපේ! (නි)
මෙම ස්ථානය ඇත්තටම මේ පාරේ යන අයට මහත් සේවාවක් ඉටුකරන තැනක්.එය අගය කළ යුතුයි.දැන් මේකේ සිදුවෙලා තියෙන දේ නිවැරදි කරගෙන ජනතාවට සේවාවක් ඉටු කරයි කියලා අපි හිතමු. (නි)
මුලදී හොඳට තිබුනම ඇති. කල්යනවිට ඔහොම තමයි අපේ රටේ වැඩ (නි)
ඕවත් ඔහොම නැත්නම් කොහෙද වෙන ආශ්චර්යයක් ? (නි)
නිලධාරීන්ට අපේ ආචාරය! පාරිභෝගිකයින්ට ජරාව කැවූ කඩ හිමියන්ට දඬුවමක් නැද්ද? අඩු ගනනේ මාසයකට වරක්වත් පරීක්ෂා කළොත් හොඳයි. (නි)
අපි නම් දුර ගමන් යනකොට පුළුවන් තරම් කෑම බීම ගෙදරින් සූදානම් කරගෙන අරගෙන යනවා. මේවායේ සුපිරිකම පිට ඔපයට විතරයි. දැන් පේනවානේ ? (නි)
මේවා මුලික සැලසුම්වලදී සොයා බැලුවේ නැද්ද මන්දා. (නදී)
හරියට වැඩක් කරන්න බැරි අයටද මේ අපි පඩි ගෙවල තියෙන්නේ? කල කල දේ කවද හරි පල පල දේ. (නදී)
ඔය ෂොප් වලට මිනිස්සු යන්නේ නෑ බඩු පට්ට ගණන්. ගාල්ලෙන් හරි කොට්ටාවෙන් හරි අරගෙන තමයි හයි වේ එකට දාන්නේ (නදී)
කොයි දේත් අඬබෙර ගහල පටන් ගත්තට පවත්වා ගෙන යන්න අපේ කට්ටියට දැනුමක් නැහැ , නැත්නම් කම්මැලියි (නදී)
පී එච් අයි මහත්තුරු ලෙඩක් දාගනි වගේ. (නදී)
මම මේකට මුලින්ම කොමෙන්ට් කලා (නදී)
ටයිකෝට් දාල පිටින් ඔපේට හිටියට ලංකාවෙ තත්වය ඔහොමයි. කොලඹ නගරය නම් ගන්න දෙයක් නැහැ. ආපන ශාලාවල වැසිකිලි. එක්කෝ අපේ මිනිසුන්ට කොමඩ්වල ඉදගෙන පුරුදු නැහැ එහෙම නැත්නම් පිරිසිදු කරන්න කාවවත් යොමුකරන්නේ නැහැ. මෙම නිලදාරින්ගේ වැඩ පිලිවෙල අපි අගය කල යුතුයි. (නදී)
සු පි රි ! (ස)
මේවා වළකින්න නම් 75,000ක පමණ දඩයක් ගහන්න ඕනෑ.හෙටම ඕක හදනවා. (නි)