දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා පිවිසුම් එකොළහක විද්‍යුත් පුවරු සවි කිරීමට යයි.
අන්තර්ජාතික මට්ටමේ විද්‍යුත් පුවරු රුපියල් දස කෝටියක ජපාන ආධාර යටතේ සවි කැරෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ ටී කේ රණසිංහ මහතා කියයි.
මුල්ම පුවරුව කහතුඩුව අසළ සවි කිරීමට නිලධරයෝ හා කාර්මිකයෝ හැට දෙනෙක් පමණ එක් වුහ.
එම මාර්ගයේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය ඉහළ නංවා මාර්ගය පාවිච්චි කරන්නවුගේ පහසුකම් වැඩි කිරීම මෙහි අරමුණයි.
විද්‍යුත් පුවරුවලට අමතරව වැසි මාපක ද සවි කිරීමට නියමිතය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශෟනයක් නැහැ. දැන් ඉතින් කන බොන දේවල් වල මිල ටිකක් විතර වැඩිවෙයිවද්ද? (නි)
මෙම වියදම් කරපු මුදල, ජපානයෙන් ලැබුණු ආපසු අයකරගන්නා ණය මුදලක් වෙන්නත් පුළුවන්, නැත්නම් තෑග්ගක් වෙන්නත් පුළුවන්. රජය තමයි ඒක හරියටම දන්නේ. (නදී)
මෙහෙම සල්ලි නාස්ති කලාම අපි හිගන්නන් වෙයි (නදී)
බෙනට් කවුරු වියදම් දරල තිබුනත් කිසිම කෙනෙක් නික්ම මුදල් දෙන්නේ නැහැ. ජනතාව අනිවාර්යෙන් බයවෙන්න ඕන මොකද මේ ණය ගෙවන්න වෙන්නේ ජනතාවට නිසා. (නදී)
නුවන්, ඔයා හරි (නි)
අලුතින් පටන්ගත් ඒවටත් ඕවා සවිකරලම විවෘත කළොත් කාලයත් ශ්‍රමයත් මුදලත් ඉතිරි වෙයි. (නි)
වැඩක් කරද්දී අඩුපාඩු විතරක් පෙනෙන සිංහල ජාතියක් ඉන්න අපේ රටේ මිනිසුන්ගේ අනාගතය වෙනුවෙන් මේ වගේ සංවර්ධන කටුතු කරන්න තව ශක්තිය ලැබේවා. අදිවේග මාර්ගේ ගිහින් ඒ පාරට බනින හිගන්නන්ගේ කතා වැඩක් නැහැ. ඔහොම යන්. (නදී)
මේ පුවරුවල තිබෙන ප්‍රයෝජනය මොකක්ද කියලා බලාගන්න ඒවා සවිකරනතුරුම ඉන්නවෙයි. කොහොම වුණත් 100ට යන්න පුළුවන් “අධිවේගී මාර්ග“ යේ තවත් පුවරු මොකටද කියලත් හිතෙනවා. හේතුව අළුතින් දැනුවත් කරන්න දෙයක් තවත් නැති නිසා. ඉවසිල්ලෙන් ඉඳලම බලමුකො. කෝටිම 10ක් කියනවනෙ. (නි)
අයියෝ සල්ලි (නදී)
ජනාදිපතිවරනයට ප්‍රචාරයක් දෙන්නද ? (නදී)
විද්‍යුත් පුවරු අවශ්‍ය උනත් අත්‍යාවශ්‍යම නොවේ. මේ වියදම් කරන මුදල් කෝටි වලින් දැනට අත්‍යාවශ්‍ය වියලි කලාපයේ පානීය ජල ව්‍යාපෘති සහ පුරන්වී ඇති වැව් ටික පිළිසකර දුන්නා නම් අහන නෝක්කඩු තාවකාලික වත් නවතීවි !! (නදී)
මේ මොන පුවරු සවි කලත් ගමන් කරන වාහන වල තත්වයයි, රියදුරු මහතුන්ගේ රිය ධාවනයේ ගුණාත්මක භාවයේ තත්වයයි ඉහල දමනකන් මේවායේ ප්‍රයෝජනයක් නැති බව තමා මගේ අදහස. (නදී)
මේකේ වියදම සම්පුර්ණයෙන්ම දරල තියෙන්නේ ජපානයයි. ඒ නිසා වියදම ගැන ජනතාව බයවෙන්න එපා. ඔය වගේ අපි නොදන්නවට ලංකාවේ ගොඩක් දේවල් වලට වියදම් දරන්නේ පිට රටවලුයි. අනේ මන්දා ජනතාවගෙන් අය කරන බදු මුදල් වලට මොනවා වෙනවද මන්දා (නදී)
මගේ අම්මෝ! 60ක් ආවද ඕක සවිකරන්න? (නි)
පහරදෙනකොට විතරක් ඡන්ද පත්‍රිකා දෙයි (නදී)
මීට අවුරුදු 25 කට කලින් මේ අධිවේගී පාරවල් හදලා තිබුනා නම් අද ලංකාව කොච්චර දියුණුද? අපේ අයට නිකන් ඉඳල කන්න ලැබෙනවා නම් සංවර්ධනයට මොනවා වුණත් කමක් නැහැ. තාමත් එහෙම හිතන සමහරු ඉන්නවා නේද? හරිම කණගාටුදායකයි (නි)