දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් ඔහුගේ නමට නිකුත් කළ ජාතික හැඳුනුම්පත් දෙකක් පාවිච්චි කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
පසුගිය මැයි 31 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ගල් ගසා මරා දමන බවට ඔහු කළ ප්‍රකාශය මත අත් අඩංගුවට පත්වූ අතර පසුව ඇප මත නිදහස් කෙරිණි.
ඔහු කළ කථාවේ වීඩියෝ පටය කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක ඒකකයට පරික්ෂණ සඳහා ලබාදුන් බවත් එහි වාර්තාව මෙතෙක් ලැබී නැතැයිද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය. වැඩිදුර විභාගය නොවැම්බර් 20 වැනි දිනට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මහා වැඩක් ද ? මහින්දගේ වටේ පරිබ්‍රමණය වෙන " පංචායුදේ " යන සුරතල් නමින් විරුදාවලි ලැබූ විමල් මල්ලිටත් එයාගේ සුන්දර බිරිඳටත්, බහු උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර එහෙමත් තිබුන නේ. ඒ ගොල්ලෝ ඉපදිල තියෙන්නෙත් එක එක දවස් වළලු. (නදී)
ඕක පුදුම වෙන්න කාරණයක් නොවෙයි. පසුගිය යුගය හඳුනාගන්න පුළුවන් හොඳ ලක්ෂණයක් මේ හොර පුරවැසි හැඳුනුම්පත් නිකුත් කිරීම. මේ නින්දිත ක්‍රියාවට දොරවල් විවෘත කිරීම නිසා මොනතරම් එල් ටී ටී ඊ සාමාජිකයෝ හොර හැඳුනුම්පත් වලින් කොළඹට ඇවිල්ලා මොනතරම් විනාශයක් කළාද? (නි)
චරිත 2ක්. (ර)
ඔය කියන ඇමතිගේ හැසිරීම ගැන පැහැදීමක් නැතත් ඔය කරන්න යන චෝදනාව නම් සාමාන්‍ය දෙයක්. ලංකාවේ හැදුනුම්පත් ඇති පුද්ගලයන්ගෙන් සියයට පහකට වැඩියවත් හැදුනුම්පත් තිබෙනවා. (ම)
ඔන්න බලමු වැඩේ. (අ)