විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සමාව වෙබ් අඩවියක් හදා දකුණු කොරියාවේ රැකියා දෙන බව කියමින් රුපියල් දස ලක්ෂ ගණනින් වංචා කළැයි කියන තිදෙනාට නීතීඥවරයකුගේ ද සහාය ලැබී ඇතැයි රහස් පොලිසියට කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කියා සිටියේය.
පානදුර ඊබ්‍රහිම් පාරේ සමන්තිලක දර්ශන උද්‍යාන නොහොත් මොහොමඩ් වසීර්, කළුබෝවිල කවුඩාන පාරේ සිත්ති නසීමා නිෂාම්දීන් හා කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ විශ්ව තරංග ෆොන්සේකා මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.
ඔවුහු යළි ලබන 16 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
පළමුවැනි සැකකරු කොළඹ කොල්ලුපිටිය ගාලු පාරේ කේ එල් සී ප්ලේස්මන්ට් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ් නම් ආයතනය මගින් මේ වංචාව කර ඇතැයි ද, පළමු වැනි හා දෙවැනි සැකරකුවන් ළඟ තිබී රුපියල් ලක්ෂ 50ක් සොයා ගත්තේයැයි ද රහස් පොලිසිය අධිකරණයට කීවේය.
රහස් පොලිසියේ පරිගණක අපරාධ පරීක්ෂණ අංශයේ පරීක්ෂක ආර් එම් එච් කේ රත්නායක මහතා අධිකරණයට පැවසුවේ රැකියා අපේක්ෂකයකු වන ගම්පොළ ඩබ්ලිව් ටී සඳරුවන් රුපියල් ලක්ෂ හත හමාරක් සැකකරුවනට ගෙවා තිබිය දී තවත් රුපියල් හය ලක්ෂයක් වෙනුවෙන් ඔහුගේ දේපොළ සම්බන්ධයෙන් එම නීතීඥවරයා ඔප්පුවක් ලියා ඉඩම එම ආයතනයට පවරා වංචනික ක්‍රියාවක් කර ඇති බවයි.
මේ අතර මෙම නඩුවේ සැකකාරියක වන කොටිකාවත්ත වෙළෙඳ සංකීර්ණයේ එස් ඩී ටී ක්‍රිස්ටීන් දිල්හාරි අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියේ සහාය බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ ඉහළම තැන්වල සිට පහළම තැන් දක්වාම ජාවාරම්වල කතා අහන්න ලැබෙනවා. (නි)
නිල ඇඳුමින්, ටයි කෝට් වලින් සැරසී ඉන්න අපරාධකාරයින් අපේ සම්ප්‍රදායික හොරුන්ට වඩා දහස් ගුණයක් වැඩිබවත්, භයානක බවත් නිතරම සිහිපත් කළයුතුයි. (නි)
බහුතර කළු කෝට් කාරයන් හුදෙක් මුදල් මත පමණක් ක්‍රියා කරන , මුදල් වෙනුවෙන් ඕනෙම කැත වැඩක් කරන කොටසක් , ඔවුන්ට මානුෂික හැඟීම් නැත , මොකද මානුෂික පැත්තට වඩා මුදල් මත මනස ක්‍රියාත්මක බැවින් , එහෙත් ඉඳ හිට මනුස්ස ගති ගුණ තිබෙන නීති වේදීන් අතලොස්සක් ඉන්නවා. (ස)
අපේ රටේ වන ලොකු වංචා වලට බොහෝවිට නීතීඥවරයකු හවුල් වෙනවා මම දැක තිබෙනවා. (නි)
අසරණයන් රවට්ටලා සල්ලි ගන්න මේ වගේ කපටියන්ට මේ රටේ තියෙන දඩුවම් මදි (නි)
එක අතකින් නොහිටියා නම් තමයි පුදුම. දැන් මේකටත් කියාවි එවැනි ඔප්පු ලියන්න වෘත්තිමය අයිතියක් තියනවා කියලා. හැබැයි ඔහොම කරන අයට ස්වාභාවිකව දඬුවම් ලැබෙනවා. (නි)
මේ විදියේ වැඩ කරන අය නීතිඥ නොව, "නීතිගඳ" විය යුතුයි. (නි)
ප්‍රේමරත්න මහත්තයා කියන විදිහට ඔක්කොම නීතිඥවරුන් මේ ගණයට තමා වැටෙන්නේ. ඇති දේ නැති කිරීමත් නැති දේ ඇතිකිරීමත් මේ අයගේ රස්සාව. (නි)
කෝ මේ කළු කෝට් කට්ටියගේ ඉහළ වගකිවයුත්තන්? (නි)
කෝ අර කළු කෝට්කාරයින්ට ආවඩපු අය? (නි)
අහිංසකයින්ගේ මුදල් වංචා කරන මෙවන් අධමයින් එල්ලා මැරියයුතුයි (නි)