දකුණු කොරියාවේ ධීවර රැකියා සඳහා යාමට ශ්‍රී ලාංකිකයින් සඳහා පැවැත්වෙන භාෂා ප්‍රවීණතා විභාගයට මේ මස 19 වැනිදා සිට 20 දක්වා අයදුම්පත් කැඳවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
තංගල්ල, ගාල්ල, මාතර, සීදුව සහ ත්‍රිකුණාමලය යන පුහුණු මධ්‍යස්ථානවලදී මෙම අයදුම්පත් නිකුත් කෙරේ.
වයස අවුරුදු 18 සිට 39 දක්වා වයස් සීමාවේ පසුවන ධීවර පළපුරුද්ද ඇති අයට මේ සඳහා අයදුම් කළ හැකි බවත් වැඩි විස්තර www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් කාර්යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මුහුදෙන් අල්ලන්න එපා. (ර)
අනේ! කොරියන් භාෂාවත් ඉගෙනගෙනම යන්න (නි)
තායි බෝට්ටු වල ගිහින් මාළු අල්ලන්නෙ මියන්මාර් හෝ කාම්බෝජ ජාතිකයෝ. අරාබි බෝට්ටු වල වැඩ කරන්නෙ බංගලි ජාතිකයෝ. ලංකා ධීවරයො කොරියාවට ගියාම ලංකාවට ධීවරයො ගේන්නෙ කොහෙන්ද ? (ර)
ශ්‍රී ලංකාව මුහුදක් නැති දුපතක්. මුහුදක් නැති නිසා මාළුත් නැහැ. එනිසා අපේ තරුණයෝකොරියාවේ මලු අල්ලන්න යවන්න තීරණය කිරීම කෙතරම් සතුටක්ද? වත්ත බද්දට දීල වැස්සට දත නියවනවා කියන්නේ මේවාට තමා. ලංකාවේ මාළු මිල මෙතරම් ඉහළට ගිහිල්ලා තිබෙන්නේ මේ නිසා. (ර)
ශ්‍රි ලාංකිකයන් කොරියාවට එවනවා කිව්වට බැහැ. එයාලාට මෙහේ තියෙන වටපිටාව පැහැදිලි කළයුතුය. අනෙක ලංකාවේ මුහුදේ නොගිය අය මෙහාට එවන්න එපා. මෙහේ තියෙන ප්‍රශ්න වලට කවුද විසඳුම් හොයන්නේ? ඒක නිසා හොඳට මුහුදේ යන්න පුලුවන් අය විතරක් පමණක් කොරියාවට එවන්න. ධීවර ශ්‍රමිකයන්ගේ ගැටලු ගැන විදේශ සේවා එක සමහරවිට නොදැනුවත්ව ඉන්න පුලුවන්. ඒත් මෙවර හොඳට මුහුදු රක්ෂාව දන්නා අය එවන මෙන් ඉල්ලා සිටින්නෙමු. (නි)
අපේ ගමෙත් කොරියා යන්න කිය කියා ඉල්ලුම්පත්‍ර බෙදුවා. මාළු අල්ලන්න යන්න කියලා නම් කිව්වේ නැහැ. අර කිව්වත් වගේ මේක මුහුද ගැන දන්නේ නැති තරුණයින්ට හරියන එකක් නොවෙයි වගේ. අවබෝධයෙන් ක්‍රියා කළයුතු වෙනවා. මුහුද නුහුරු අය ගිහින් ආපසු එනවට වඩා මුහුද පුරුදු සහ ඊට කැමති කෙනාට ඉඩදීම වඩාත් සුදුසු වේවි. (නි)
සරු මාළු අස්වැන්නක් ලබාගත හැකි විසල් මුහුදක් හිමි ශ්‍රී ලංකාවේ කොල්ලෝ මාළු අල්ලන්න කැමති නම් කොරියාවේ නෙමෙයි හම්බන්තොටින්, මීගමුවෙන්, හලාවතින් මුහුදු යවන්න. බෝට්ටු ටිකක් අරගෙන දීලා. (නි)
හොද රැකියා අවස්ථාවක්. (ර)
මාළු බාන්නත් රට යන්න පුළුවන් ද? (ස)