නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතාට සේවා දිගුවක් ලබාදීමට එරෙහිව දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති දයා ගුණවර්ධන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) අවසර ලබා දුන්නේය.
මෙම පෙත්සම නොවැම්බර් 11 වැනිදා විභාගයට ගැනීමට නියමිතය. බුවනෙක අළුවිහාරේ, අනිල් ගුණරත්න සහ සිසිර ද ආබෲ යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආරක්ෂක ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
නියෝජ්‍ය පොලිස්පති ගාමිණි ගුණරත්න මහතාට සේවා දිගුවක් ලබාදීම නීතියට පටහැනි බවත්, එමඟින් තමාට හිමිවිය යුතු උසස්වීම් නොලැබෙන බව හා ඉන් තම මූලික අයිතිවාසිකම් කඩවන බවද දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති දයා ගුණවර්ධන මහතා කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයයි වෙනස! (නි)
පැමිණිල්ල සාධාරණ බවක් පෙනෙනවා (නි)
මම හිතන්නේ එතුමා කියන දේ හරි. මේකෙන් එතුමාට අසාධාරණයක් වෙන හැඩයි (නි)
එතකොට අර තවත් කෙනෙකුට මීටපෙර 6 වරක් දුන් සේවා දිගුව ගැන මේ උදවිය උනන්දු නොවුණේ ඇයි? (නි)
අවුරුදු 60 ක් ගිහිල්ලත් විශ්‍රාමය දිගු කරනවා කියන්නේ දේශපාලන දිගුකිරීමක් කියලයි අපි නම් හිතන්නේ. (නි)
සාධාරණ අයදුමක් (ම)
මේවා පහුගිය ආණ්ඩුවෙන් කරන කොට ඒවාට විරුද්දව කැහපු අය කෝ දැන් (ම)