රත්රන් ජාවාරමේ නවතම මාර්ගයක් ලෙස ශ්‍රී ලංකාව භාවිතා කිරීමට එම ජාවාරම්කරුවන් කටයුතු කරන බව හෙළිවී ඇතැයි ඉන්දීය ආදායම් අධීක්ෂණ අධ්‍යක්ෂක මණ්ඩලය සදහන් කර සිටි.
බංගලීදේශය, මියන්මාරය, නේපාලය සහ පකිස්ථානය ඔස්සේ ඉන්දියාවේ රත්රන් ජාවාරම වැඩි වශයෙන් සිදුව ඇතත් එම රටවල ආනයන බදු ඉහළ දැමීම නිසා ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව හරහා රත්රන් රැගෙන යාමට හේතුවී ඇති බව එම මණ්ඩලය පෙන්වා දී තිබේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව හරහා රැගෙන ආ රත්රන් තොගයක් චෙන්නායි නගරය ඇතුළු තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකදීම සොයා ගැණින.
ශ්‍රී ලංකාව ඇතුළු බංගලීදේශය, භූතානය, නේපාලය, මියන්මාර් යන රටවල රේගු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන කලාපීය රැස්වීමකදී මෙම තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි ඉන්දියාවේ ආදායම් අධීක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට ඇතුලු වෙන්න ලෙසීනේ මේ වගේ වැඩ වලට.(හේ)
කවිදුගේ කතාවේ යම් හරයක් තියෙනවා (දිල්)
දේසපාලනයයි හොරකමයි එකට බද්ද වෙලා තිබෙන්නේ. නීතිය අකුරටම ක්‍රියාත්මක වන රටවල වගේ අදාළ ආයතනයන්ට ,අදාළ පුද්ගලයන්ට දේසපාලනීය කරණයෙන් මිදී සේවය කිරීමට පුලුවන්නම් මේවා මැඩලන්න අමාරු නොවේ.(නදී)
යන්තම් ඇති. ආසියාවේ ආශ්චර්යය කරා යන පෙර සලකුණු !! (නි)
කාටද ආඩම්බර? කුඩු කේන්ද්‍රයත් අපේ රට කියලා වැඩිකලක් යන්න පෙර අසන්න ලැබේවි (නි)
ආසියාවේ ආශ්චර්යය! (නි)
කාටද ආඩම්බර! (නි)
කවුද මේවාට වගකිවයුත්තේ? මෙන්න මේකයි රටේ තත්වය. (නි)
ලංකාව, කොහොමත් දකුණු ආසියාවේ හොරකම් වලට විශාල ප්‍රසිද්ධියක් උසුලනවා.(හේ)
කොහොමද බන්දුල පෙරේරා ට තියෙන සතුට. (ර)
ඇති යන්තම්. මොකකින් හරි කේන්ද්‍රයක් උනා. (ර)
රත‍්‍රරන් විතරද.? (ර)
කුඩු නැතුව ඕනේ එකක්. 10% වත් රේගුවෙන් අල්ලනවනෙ. (ර)
මේ ජාවාරම් කරුවන් රේගුවෙන් දඩ ගහලා නිදහස් කරන ක්‍රමය වෙනස් කළ යුතුයි, ඒ වෙනුවට අධිකරණයට ඉදිරිපත් කරලා නඩු අසලා වැරදිකරුවන්ට සිර දඩුවම් සමග දඩ ගැසීමේ ක්‍රමයක් ඇති කිරීම මගින් මෙම ජාවාරම් කරුවන් මර්දනය කිරීමටත්,රටේ විදේශීය විනිමය වංචාවන් අවම කිරීමටත් රටට ජාතියන්තරයෙන් එල්ලවන මෙවැනි අපවාද වලක්වාලන්ටත් හැකිවනු ඇත. (හේ)