බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති 16 වැනි දකුණු ආසියානු කැරම් තරගමාලාවේ (සාග්) කණ්ඩායම් තරගාවලියේ අවසන් මහා තරගයේදී ලෝක කැරම් ශූර ඉන්දීය ක‍්‍රීඩක යෝගේෂ් පර්දේශී පරාජය කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක චමිල් කුරේ සමත්විය. කණ්ඩායම් ඉසව්වේ අවසන් මහා තරගයට ලෝක ශූර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගත් අතර එහිදී පර්දේශී සහ චමිල් අතර පළමු කේවළ ඉසව්ව පැවැත්විණ.
එහිදී චමිල් 22/20 ක් සහ 19/10 ක් ලෙස පර්දේශීව පරාජය කළේය. 2008 වසරෙන් පසුව ඉන්දියාව පරාජය කිරීමට තිබු හොඳම අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි කරමින් නිශාන්ත ප‍්‍රනාන්දු තරග වට තුනක තියුණු තරගයකින් පසුව (11/25, 25/21, 25/0) ඉන්දියාවේ මදෝප් සිං හමුවේ පරාජය විය.
නිශාන්ත ප‍්‍රනාන්දු, මෙම වසරේ පැවැති ජාතික කැරම් තරගාවලියේදී චමිල් කුරේ පරදවා පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගත් ක‍්‍රීඩකයාය.
චමිල් කුරේ ජාතික ශුරතාව 2011 වසර දක්වා පිට පිටම අට වරක් දිනා ගනිමින් ජාතික තරගාවලියේදී වැඩිම කැරම් ශූරතා ගණනක් දිනාගත් ක‍්‍රීඩකයා ලෙස වාර්තාවක් ද පිහිටුවීය. චමිල් නැවත වරක් දස්කම් අතරට පැමිණීම මෙම වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භවන ලෝක කැරම් ශූරතාවලියට හොඳ රැකුලක්වේ.
එම්. ෂෙරිෆ්ඞීන්ගේ පරාජයත් සමගින් ශ්‍රී ලංකාව තරග 2/0 ක පරාජයක් ලබා තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේය. කෙසේ වෙතත් ලෝක කැරම් ශුර ඉන්දියාව මෙවරද ඉසව් හතේම ශුරතා දිනා ගත්තේය. කාන්තා කණ්ඩායම් ඉසව්වේ අනුශුරතාව සුපුරුදු ලෙස ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ දිනා ගත්හ.
කේවළ තරගාවලියේදී චමිල් කුරේ සහ නිශාන්ත ප‍්‍රනාන්දු පිරිමි යුගල ඉසව්වේ අනුශූරතාව දිනා ගැනීමට සමත්වුහ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, සහ මාලදිවයින යන රටවල් පහකින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරගාවලියට සහභාගිවුහ.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දකුණු ආසියානු කැරම් තරගාවලියේදී චමිල් කුරේ ලෝක ශූරයා පරදවයි
සුකිරි පට්ට Wednesday, 18 July 2012 08:04 AM
ජයෙන් ජයම ඉදිරියටත් ඔබට ලැබේව ...!!! ජය ශ්‍රී ..!!!
කැන්ස් බෝයි Saturday, 21 July 2012 12:31 PM
එල..... (ස.වි)
සන්දීප Wednesday, 18 July 2012 10:17 AM
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ නියම කොල්ලෙක්...සුභපැතුම්.....
තිලක් Wednesday, 18 July 2012 10:07 AM
ඔබට සුභපැතුම්
මරණීය ඒජන්ට් Wednesday, 18 July 2012 11:58 AM
සුභපැතුම්!!!!
පිලිපීනෝ Wednesday, 18 July 2012 09:18 PM
එල කොල්ලෙක්නේ.....නියමයි....ඔයා තමයි ලෝක ශූරයා......
තුෂාන් Wednesday, 18 July 2012 06:09 AM
පුතාට මගෙන් සුබ පැතුම්