දකුණු අප්රිකාවේ, සෙන්චූරියන් නුවරදී අද (20 වැනිදා) පැවැති විස්සයි:20 තරගයේදී දකුණු අප්රිකානු කණ්ඩායම විසින් ශ්රී ලංකාව පරදවා ලකුණු 19 ක පහසු ජයක් අත්කර ගන්නා ලදි. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත විස්සයි:20 තරගාවලියේදී 1-0 ක් ලෙසින් දකුණු අප්රිකාව පෙරමුණ ගත්තේය.
දකුණු අප්රිකාව - ඕවර 10 කදී කඩුලු 5 ක් දැවී 126 යි
ශ්රී ලංකාව - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 107
පන්දුවෙන් පන්දුව විස්තර සටහන සඳහා http://tinyurl.com/jhcblv8 වෙත පිවිසෙන්න. විශ්ලේෂණාත්මක වාර්තාව කියැවීමට http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව අනෙක් රටවල ක්රිකට් ක්රීඩකන් කණ්ඩායමේ රැඳෙන්නේ තරඟවල පෙන්වන දස්කම් අනුව වුණත් ලංකාවේ 2019 වෙනකම් යන්නේ මේ විදිහට නම් අපි ඉතින් බංගලාදේශයට සිම්බාබ්වේට වැඩිය පහළට වැටෙන එක සිකුරුයි! ජයවේවා අපේ පාලක මණ්ඩලයට (නි)
මේ තරඟය අපි පැරදුනත් ටිකක් වැදගත් විදිහට පැරදුනා. කණ්ඩායමක් වශයෙන් මේ තරඟයෙදි අපි හොඳ උත්සහයක මුලසිටම හොඳට සෙල්ලම් කළා. කොහොමත් පන්දු ඕවර දහයකදි ඔය වගේ තමයි ඕනෑම කණ්ඩායමක් පහරදෙන්නෙ. හැම තරඟෙම දිනන්න ඕනෑ කියලා හිතනවා නම් ඒක මහ මෝඩකමක්. නමුත් අපි පැරදුනත් පරදින්න ඕනෑ වැදගත් විදිහට. (නි)
ඕවර 10 තුළදී ලකුණු 127 ක්. ඒ කියන්නේ ඕවරයට මුලසිටම ලකුණු 12.7 බැගින් ලකුණු ලබාගත යුතුය. ලංකාව දිනයිද? ඩොලර් මිලියනයක පැනයක්? (නි)
සංගක්කාරලාව ක්රිකට් පිටියෙන් එළවාගත්තට ඔහොම වෙලා මදි. ඒ විතරක් මදි, මාලිංගවත් එළවන්න. එතකොට ජයග්රහණ ලැබෙයි තවත් (නි)
කනවා නේද දිගටම අපේ අය? (නි)
ඇන්ජලෝගේ බෝලින්ග් වගේම බැටිනුත් අන්තිමයි. මගේ අදහස නම්, මේ මැච් එක පැරදුනේ, නායකයාගේ දුර්වලත්වය නිසයි. එක දිගට තරඟකරන නිසා, අපි මෙයාව 20/20 නායකකමින් අයින්කරලා වෙන සුදුස්සෙකුට දෙමුද සනා..? අපිට එදත් අදත් සතුටුවෙන්න පුළුවන් එකම දේ, ක්රිකට් විතරයි. (බ)
මැතිව්ස්ගේ දුර්වල, දියාරු නායකත්වයේ තවත් අවස්ථාවක්. චන්දිමාල්ව පිතිකරු ලැයිස්තුවේ පහළටම දාලා. සනා දැන් මොකද කියන්නේ? (නි)
ඇන්ජලෝ මොකට තවදුරටත් කණඩායමේ තියාගෙන ඉන්නේ කියන එක අපිට ලොකු ගැටලුවක්. ඊයේ දකුණු අප්රිකාව ගැහුවෙත් දෙවන පෙළ කණ්ඩායමක් (නි)
සැමදා නියං එකදා වැහිවලාවේ. (නි)
ඉතුරු තරඟ ටිකත් ඔහොම තමයි. ඇවිල්ලා කියාවි අපි හොඳට කරන්න සැලසුම් කළා. එ්ත් අඩුපාඩු තිබ්බා. ඒවා හදාගෙන බංගලාදේශෙට මුහුණ දෙනවා කියලා. ඉතින් අපිත් කට ඇරගෙන අහගෙන ඉන්නවා. (නි)
අපි නම් ඕවා බලන්නේ නැහැ දැන්. ඕක දැන් අපේ ටීම් එක නෙමෙයි. (නි)
ඇන්ජෙලෝ මුලින් ඇවිල්ලා ගැහුවා. එ්කයි අපිට දැනෙන ලෙස තරඟය පදින්න හේතුව (නි)
ටෙස්ට් තරඟ තුනට වෙච්චදේම මේ තරඟ ටිකටත් වේවිද කියන දුකයි අපිට තියෙන්නේ. දැන්වත් නායකත්වයේ වෙනසක් වියයුතුයි. නායකත්වය උපුල් තරංගට දීලා චාමර කපුගෙදරව උප නායකයා කරන්න. එහෙම නැත්නම් ඉතින් අපි ක්රිකට් වලින් ලෝකේ ඉන්න අන්තිම කණ්ඩායම වේවි. (නි)
කවුරුහරි කියනවා නම් සංගක්කාර එලෙව්වා කියලා ඒක අමූලික බොරුවක්. සංගක්කාර වගේ විශිෂ්ට කෙනෙක් එහෙම එලවන්න බැහැ. සංගා ගියේ තම කැමැත්තෙන්මයි. (නි)
මේ තරඟය, අනික් තරඟ පැරදුන ආකාරය එක්ක සංසන්දනය කළාම යම්කිසි තරඟයක් දීලා පැරදිලා තියනවා. ජය පරාජය ක්රීඩාවේදී පොදු දෙයක්. නමුත් තරඟයක් නැතුව ළදරුවන් වගේ පැරදෙන එක නම් හිතට කණගාටුවක් තමයි. අපි ඉතුරු තරඟ දිහා සුබවාදීව බලමු. (නි)
"කොහොමද කෑම, අතිවිශිෂ්ටයි සර්". දිල්ෂාන්ලා එලියට දාලා චාමර කපුගෙදර අමතක කරලා ටීම් හැදුවම මෙහෙම වෙනවා. ක්රිකට් වලට දේශපාලනය ඇවිල්ලා ඔක්කොම අනලා. (නි)
තරඟයකදී ජය පැරදුම සමව බාරගැනීමට නිහතමානී වෙමු (නි)
අනේ ඉතින් මේක අමුතු දෙයක්ද අපිට? (නි)