ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදී පැවැති දෙවැනි එක් දින තරඟයේදී ළකුණු 113ක ජයක් දකුණු අප්‍රිකාවට හිමි විය.
ළකුණු 252ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා පිලට ඕවර 32.2 දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ළකුණු 138 ක් පමණි.
දකුණු අප්‍රිකාව 2-0 ලෙස තරඟාවලියේ පෙරමුණ ගෙන සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය සෙල්ලම් කරන්නේ දිනන්න නෙවේ කොහොම හරි පරදින්න කියලයි සමහරු කියන්නේ. ඒකනේ කණ්ඩායමේ නායකයාටත් තරහ ගිහිල්ලා "ජාත්‍යන්තර තරඟයකට සහභාගී වෙන්නට වරම් ලැබීම කෙතරම් භාග්‍යයක්ද කියල අපේ කණ්ඩායමේ සමහරු තේරුම් අරගෙන නැහැ" කියල ලොකු දෝස්මුරයක් දැම්මේ. එක තරඟයකදී අසාර්ථක උන ක්‍රීඩකයින් එකවරටම අයින් කරලා හැම තරඟයකදිම අසාර්ථක වෙන ක්‍රීඩකයින් තෝරා ගැනීමේ හේතුව මොකද්ද කියලත් සමහරු පුදුමවෙලා ප්‍රශ්න කරනවාලු.
පුහුණුකරු හින්දවත් ගහන්නකෝ
ඇති යන්තම්, ලංකාව සුපුරුදු රිද්මයට ඇවිල්ලා
අපරාදේ.
දැන් ඉතින් දිනනවා බොරු
බාලාංශ වයසේදී අප ක්‍රීඩා කරනවිට " අවුට් උනාම පිත්ත දමල ගහල" ගිය හැටි මතකයට එනවා.... අනේ අම්මපා. පොඩි එකෙකුට පෙන්නන්න 50 ක් අහවලා ලබා ගත්ත කියන්න "එකෙක්" නැහැනේ....? ඉවසීමක් නැතිකමද, පඬිතකමද උද්දච්චකමද නැතහොත්" බැරිම බැරිකමද " ???? ලැජ්ජයි....දරුවනේ ලැජ්ජයි.....නුබලා වෙනුවෙන් අහිංසක දුප්පත් මිනිසුන් මොනතරම් මුදල් කන්දරාවක් වියදම් කරනවාද ???
අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට දෙයියන්ගේම පිහිටයි.