දකුණු අප්‍රිකා නාවික හමුදාවේ ස්පිඕන්කුප් යුද නෞකාව සුහද සංචාරයක් සඳහා මේ මස 12 වැනිදා කොළඹ වරායට පැමිණිමට නියමිතය.
1994 වසරේ දකුණු අප්‍රිකාව ප්‍රජාතන්ත්‍රික රජය පත්වීමෙන් පසු එරටට අයත් යුද නෞකාවට ශ්‍රී ලංකාවට සේන්දුවන ප්‍රථම අවස්ථාව මෙය බව නාවික හමුදාව කියයි.
ඉන්දියාවේ විශාකපට්නම් හා ගෝවේ පැවැත්වෙන 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුමට හා නාවික අභ්‍යාසයට සහභාගිවී නැවත දකුණු අප්‍රිකාව බලා යන අතරේ මෙම ස්පිඕන්කුප් යුද නෞකාව කොළඹ වරායට පැමිණෙන බව නාවික හමුදාව පවසයි.
මෙම නෞකාව කොළඹ වරායේ රැඳී සිටින කාලයේ නාවික හමුදා පුහුණු නිලධාරීන්ට මෙම නෞකාව නැරඹීමට අවස්ථාව හිමිවන බවද පැවසේ.
නෞකාවේ අණ දෙන නිලධාරී කපිතාන් එම්.ඒ.බවුචර් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවීමට නියමිතය.
එම නැවේ දිග මීටර 121කි. (අඩි 397) පළල මීටර 16.34 කි. ඉපිළුම් ගැඹුර මීටර් 5.95කි. (අඩි 19.5) වේගය පැයට නොට් 30කි.
ඔත්තු බැලීමේ රේඩාර් සතුරු යුද නැව් හඳුනා ගැනීමේ තාක්ෂණය, බාධක වළක්වා යාත්‍රා කිරීමේ සෝනා තාක්ෂණය (දිය යට බාධක හඳුනාගැනීම) සහිත මේ නැවේ මිලි මීටර් 75 කාල තුවක්කුවක්, මිලි මීටර් 35 ද්විත්ව බැරල් කාලතුවක්කු දෙකක්, මිලි මීටර් 20 කාල තුවක්කු දෙකක් හා ගුවන් යානා දෙකකින්ද සමන්විතය. ප්‍රහාරක යානා දෙකකට ද එහි ඉඩ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්පොයින්කොප් හිල් පිහිටා තිබෙන්නේ මම ජිවත් වන ලේඩිස්මිත් නගරයේ සිට කිමි 38 ඈතින් පිහිටි 1900 දී බ්‍රිතාන්‍ය හමුදාව සමග විශාල සටනක් පවතී ස්ථානයක් එම සිද්දිය පසුබිම් කරගෙන මේ නැවට නම තබා ඇත්තේ (අ)
මෙය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක්වේද (කෞ)
බලා ගෙන ඔතන ගලක් ඇති මෙහෙමත් බොරු කිඅල රැවැට්ටුවනේ මහජනයා (බ)
එක දිගට යුද නැව් ලංකාවට එන්නේ ලංකාව බය කරන්නද? (ර)
බලාගෙන ගලක් තියෙනවලු. (ර)
මේක හොඳ නැවක් (ම)
මෙයාල ඉඳල හිටලා හරි ඇවිත් යන එක හොඳයි. (ර)
සරත් ගල් තියෙන්නේ හම්බන්තොට නේද? (ර)