IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දකුණු අප‍්‍රිකා - කොදෙව් තරගයට වර්ෂාවෙන් බාධා

අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කාඩිෆ්හිදී අද (14) පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගය වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීම ප‍්‍රමාද වන තත්ත්වයකට පත්ව තිබේ.
දිවා තරගයක් වන මෙම තරගය එංගලන්ත වේලාවෙන් පෙරවරු 10.30 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතව තිබුණි. 

දකුණු අප‍්‍රිකානු පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල තරග දෙකකට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 2 බැගින් ලබා දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටින අතර මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් කණ්ඩායම් දෙකට ප‍්‍රසාද ලකුණ බැගින් හිමිවන අතර එසේ වුවහොත් දකුණු අප‍්‍රිකාව ශුද්ධ ලකුණු වේගය අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. 

‘බී’ කාණ්ඩයෙන් පාකිස්තානය මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසිවී සිටින අතර මෙම තරගයෙන් පරාජය වන කණ්ඩායමට ද තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ.

ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා ‘බී’ කාණ්ඩයෙන් මේ වන විටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.

 



අදහස් (0)

දකුණු අප‍්‍රිකා - කොදෙව් තරගයට වර්ෂාවෙන් බාධා

ගයන් Friday, 14 June 2013 04:43 PM

අනේ කොදෙව් පිල අවසවන් වටයට අවොත් හොදි (අ)

:       0       0

සමීර Friday, 14 June 2013 03:45 PM

බුදුසරන වේවා ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site