බලපත්‍ර නොමැතිව දක්ෂිණ අධිවේගි මාර්ගයේ වෑන් රියකින් මගීන් ප්‍රවාහනය කරමින් සිටි රියදුරකු සහ වෑන් රිය අද (21) සවස කුරුදුගහ හැතැක්ම පිවිසුමේදී අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.
මහරගම සිට ඇල්පිටියට ධාවනය වූ මෙම වෑන් රථයේ මගීන් 14 දෙනකු සිටි බවත් ඔවුන් එක් අයකුගෙන් රුපියල් 400ක් අය කරගෙන ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෑන් එකට අධිවේගී මාර්ග බලපත්‍රයට (මාර්ගයට ඇතුළුවීමේ ) ගාස්තුගෙවා තිබේ නම් වෑන් එකේ රියදුරුට මිනිසුන් පටවාගෙන පුද්ගලික ගමනක් යන්න බැරිද ? (නි)
ඩයස් මහත්තයා, ඒ මනුස්සයා රටේ පනවා තිබු නීතියක් කඩකළ නිසයි අත්අඩංගුවට ගත්තේ. (නි)
මේකේ කිසිම වරදක් නැහැ. කිසිම නීතියක් කඩන්නේත් නැහැ. අදිවේග බස්වල ගණන් අසාධාරනයි. ඒක නිසා තමයි මෙහෙම වෑන් යන්නේ. මොන නීතියක් යටතේද වෑන් එකට නඩු දාන්නෙ ? (නදී) ? .. .
මේකේ කිසිම වරදක් නැහැ. අපි වැස්සට තෙමි තෙමී අව්වට වේළි වේළී පෝළිමේ ඉන්නවා. බස් නැහැ. වැඩියෙන් ගානක් දීලා හරි මෙහෙම ගියාට පාඩු නැහැ.මමත් ඕනෑතරම් ගිහින් තියෙනවා මෙහෙම. අවුරුදු වෙසක් නිවාඩු දෙකටම ගියේ මෙහෙමයි.පෝළිම දිගයි කිලෝමීටර් 2ක් විතර ඒ කාල වලට.මිනිස්සු පුදුම අමාරුවකින් ඉන්නේ හිටගෙන.අඩුම තරමේ වතුර ටිකක් බොන්නවත් නැහැ (නි)
මේකේ කිසිම වැරැද්දක් නෑ පෞද්ගලික බස් මාෆියාවට එරෙහිව මේ වගේ දේවල් නීතියට පටහැනිව හෝ කළ යුතුයි. හරි දේ කරනවා නම් නීතිය වෙනස් කළ යුතුයි (නදී)
බලපත් නොමැතිව වාහන දාවනය නීති විරෝදී ක්‍රියාවක් (නදී)
වාහනයත් රාජසන්තක කර ලොකු දඩමුදලක් ගැසුවා නම් , මෙහෙම කරන අනික් අයටත් පාඩමක් (නි)
ඉතින් මේකේ වැරැද්දක් තියෙනවද? (නි)
මේකේ ඇති වැරැද්ද මොකක්ද ? (නදී)
මිනිස්සු මේවට වැඩිපුර ගෙවලා නගින්නේ ආන්ඩුව බස් ඒකාදිකාරියක පවත්වාගෙන යමින් බස් දාන්නේ නැති නිසා නෙවේයිද ? (නදී)
විවෘත ආර්ථිකේ ගැන අලුතින් ලියන්න වෙනවා. ස්වයන් රැකියාව සහ පොඩි මිනිහට දිරි දීම වගේ දේවල් වේදිකා වලට විතර වගේ. මාෆියා වලට කැප උන ඇමතියෝ ඉන්නවා වගේ. (නදී)
මේක ගොඩක් කාලයක සිට කරන වැඩක්. බස් එකේ එනවට වැඩිය රුපියල් 100ක් ලාබයි. එක එක නගරවල වැඩකරන අයව කොළඹ එක්කගෙන ගිහින් නැවත එන හිස් වාහනය මහරගම බස් නැවතුමේ කිට්ටුව නතර කරලා, බස් එකට පෝළිමේ ඉන්න අය ළඟට ඇවිල්ලා හිමින් අහනවා යන අය ඉන්නවා නම් එන්න කියලා. මේක කිසිම නීතිවිරෝධී දෙයක් කියලා මම නම් හිතන්නේ නැහැ. (නි)
මගීන් කැමිති නම් රජයට ගේට්ටුවේදී ගෙවනවා නම් මොකක්ද වැරැද්ද? (නදී)
මොකක්ද මේකේ ඇති වැරැද්ද ? ඒ මනුස්සයා නියමිත මුදල අධිවේග පිවිසුමට ගෙවලා පිටවෙනවා නම් නීතියට පටහැනි වෙන්නේ කොහොමද?(හේ)
මේකේ ඇති වැරැද්ද මොකද්ද?(හේ)
ඒකත් එහෙනම් අහුවුණා? (නි)
මම මේ දන්නේ නෑති නිසයි අහන්නේ. කාර්යාල වලට සෙනඟ අදින එකටත් හෙට අනිද්දා වෙනකොට ප්‍රශ්නයක් වෙයිද?ඒ මනුස්සයා ස්වෝත්සාහයෙන් නෑඟී සිටින්න හදලා තියෙන්නේ. දියුණු රටවලත් වෑන් වලින් සෙනඟ අදිනවා. ප්‍රවාහනය ලංකාවේ මාෆියාවක් වෙලා (නි)
මේ වැඩේ කිසිම වැරැද්දක් නෑ.(හේ)
රටේ නීති .ගැන අවබෝධයක් නැති වුනාම , ඔය වැරදි කරනවා.(හේ)
බස් නැතිව පාරේ රස්තියාදු වෙන මිනිස්සුන්ව මෙහෙම හරි ගෙවල් වලට ගිහින් දාන එක වැරැද්දක්ද?(හේ)