IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දකුණු අධිවේගී මඟේ මගීන් හොරෙන් ඇදලා

බලපත්‍ර නොමැතිව දක්ෂිණ අධිවේගි මාර්ගයේ වෑන් රියකින් මගීන් ප්‍රවාහනය කරමින් සිටි රියදුරකු සහ වෑන් රිය අද (21) සවස කුරුදුගහ හැතැක්ම පිවිසුමේදී අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.

මහරගම සිට ඇල්පිටියට ධාවනය වූ මෙම වෑන් රථයේ මගීන් 14 දෙනකු සිටි බවත් ඔවුන් එක් අයකුගෙන් රුපියල් 400ක් අය කරගෙන ඇති බවත් පොලිසිය පවසයි.



අදහස් (0)

දකුණු අධිවේගී මඟේ මගීන් හොරෙන් ඇදලා

සමන්ති Wednesday, 22 October 2014 12:54 AM

වෑන් එකට අධිවේගී මාර්ග බලපත්‍රයට (මාර්ගයට ඇතුළුවීමේ ) ගාස්තුගෙවා තිබේ නම් වෑන් එකේ රියදුරුට මිනිසුන් පටවාගෙන පුද්ගලික ගමනක් යන්න බැරිද ? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 22 October 2014 01:03 AM

ඩයස් මහත්තයා, ඒ මනුස්සයා රටේ පනවා තිබු නීතියක් කඩකළ නිසයි අත්අඩංගුවට ගත්තේ. (නි)

:       0       0

චමින්ද Wednesday, 22 October 2014 10:07 AM

මේකේ කිසිම වරදක් නැහැ. කිසිම නීතියක් කඩන්නේත් නැහැ. අදිවේග බස්වල ගණන් අසාධාරනයි. ඒක නිසා තමයි මෙහෙම වෑන් යන්නේ. මොන නීතියක් යටතේද වෑන් එකට නඩු දාන්නෙ ? (නදී) ? .. .

:       0       0

සිරිපාල Wednesday, 22 October 2014 01:53 AM

මේකේ කිසිම වරදක් නැහැ. අපි වැස්සට තෙමි තෙමී අව්වට වේළි වේළී පෝළිමේ ඉන්නවා. බස් නැහැ. වැඩියෙන් ගානක් දීලා හරි මෙහෙම ගියාට පාඩු නැහැ.මමත් ඕනෑතරම් ගිහින් තියෙනවා මෙහෙම. අවුරුදු වෙසක් නිවාඩු දෙකටම ගියේ මෙහෙමයි.පෝළිම දිගයි කිලෝමීටර් 2ක් විතර ඒ කාල වලට.මිනිස්සු පුදුම අමාරුවකින් ඉන්නේ හිටගෙන.අඩුම තරමේ වතුර ටිකක් බොන්නවත් නැහැ (නි)

:       0       0

විමල් Wednesday, 22 October 2014 03:51 AM

මේකේ කිසිම වැරැද්දක් නෑ පෞද්ගලික බස් මාෆියාවට එරෙහිව මේ වගේ දේවල් නීතියට පටහැනිව හෝ කළ යුතුයි. හරි දේ කරනවා නම් නීතිය වෙනස් කළ යුතුයි (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 22 October 2014 04:22 AM

බලපත් නොමැතිව වාහන දාවනය නීති විරෝදී ක්‍රියාවක් (නදී)

:       0       0

යහම්පත් Tuesday, 21 October 2014 03:15 PM

වාහනයත් රාජසන්තක කර ලොකු දඩමුදලක් ගැසුවා නම් , මෙහෙම කරන අනික් අයටත් පාඩමක් (නි)

:       0       0

ගාමිණී Tuesday, 21 October 2014 03:22 PM

ඉතින් මේකේ වැරැද්දක් තියෙනවද? (නි)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 22 October 2014 05:03 AM

මේකේ ඇති වැරැද්ද මොකක්ද ? (නදී)

:       0       0

ජානිතා Wednesday, 22 October 2014 05:52 AM

මිනිස්සු මේවට වැඩිපුර ගෙවලා නගින්නේ ආන්ඩුව බස් ඒකාදිකාරියක පවත්වාගෙන යමින් බස් දාන්නේ නැති නිසා නෙවේයිද ? (නදී)

:       0       0

රංජත් සිල්වා Wednesday, 22 October 2014 05:54 AM

විවෘත ආර්ථිකේ ගැන අලුතින් ලියන්න වෙනවා. ස්වයන් රැකියාව සහ පොඩි මිනිහට දිරි දීම වගේ දේවල් වේදිකා වලට විතර වගේ. මාෆියා වලට කැප උන ඇමතියෝ ඉන්නවා වගේ. (නදී)

:       0       0

ඉර්ෆාන් ධර්මා Tuesday, 21 October 2014 05:03 PM

මේක ගොඩක් කාලයක සිට කරන වැඩක්. බස් එකේ එනවට වැඩිය රුපියල් 100ක් ලාබයි. එක එක නගරවල වැඩකරන අයව කොළඹ එක්කගෙන ගිහින් නැවත එන හිස් වාහනය මහරගම බස් නැවතුමේ කිට්ටුව නතර කරලා, බස් එකට පෝළිමේ ඉන්න අය ළඟට ඇවිල්ලා හිමින් අහනවා යන අය ඉන්නවා නම් එන්න කියලා. මේක කිසිම නීතිවිරෝධී දෙයක් කියලා මම නම් හිතන්නේ නැහැ. (නි)

:       0       0

මානෙල් Wednesday, 22 October 2014 06:06 AM

මගීන් කැමිති නම් රජයට ගේට්ටුවේදී ගෙවනවා නම් මොකක්ද වැරැද්ද? (නදී)

:       0       0

සෙනරත් Wednesday, 22 October 2014 06:18 AM

මොකක්ද මේකේ ඇති වැරැද්ද ? ඒ මනුස්සයා නියමිත මුදල අධිවේග පිවිසුමට ගෙවලා පිටවෙනවා නම් නීතියට පටහැනි වෙන්නේ කොහොමද?(හේ)

:       0       0

ශාන්ත Wednesday, 22 October 2014 06:27 AM

මේකේ ඇති වැරැද්ද මොකද්ද?(හේ)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 21 October 2014 06:51 PM

ඒකත් එහෙනම් අහුවුණා? (නි)

:       0       0

ජෝයි ඩයස් Tuesday, 21 October 2014 08:19 PM

මම මේ දන්නේ නෑති නිසයි අහන්නේ. කාර්යාල වලට සෙනඟ අදින එකටත් හෙට අනිද්දා වෙනකොට ප්‍රශ්නයක් වෙයිද?ඒ මනුස්සයා ස්වෝත්සාහයෙන් නෑඟී සිටින්න හදලා තියෙන්නේ. දියුණු රටවලත් වෑන් වලින් සෙනඟ අදිනවා. ප්‍රවාහනය ලංකාවේ මාෆියාවක් වෙලා (නි)

:       0       0

චමින්ද Wednesday, 22 October 2014 08:14 AM

මේ වැඩේ කිසිම වැරැද්දක් නෑ.(හේ)

:       0       0

යහම්පත් Wednesday, 22 October 2014 09:11 AM

රටේ නීති .ගැන අවබෝධයක් නැති වුනාම , ඔය වැරදි කරනවා.(හේ)

:       0       0

රන්ජිත් Wednesday, 22 October 2014 09:17 AM

බස් නැතිව පාරේ රස්තියාදු වෙන මිනිස්සුන්ව මෙහෙම හරි ගෙවල් වලට ගිහින් දාන එක වැරැද්දක්ද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site