දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව කොක්මාදූව අතර කිලෝ මීටර් 7 ක් අවදානම් කලාපයක් ලෙස නම්කර ගමනාගමනය නතර කළ බව මාර්ග අධිකාරියේ නිලධාරීහු කියති.
කොක්මාදූව අසල අධිවේගී මාර්ගයට මීටර් 5ක් ඈතින් මීටර් 60ක් උස කන්දක් නාය යාමේ තර්ජනයට ලක්ව ඇතැයි මාතර ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ මේජර් එරික් සොයිසා කියයි.
ඔහු කියනුයේ මෙම කන්ද කොන්ක්‍රීට් යොදා සවි ගන්වා තිබූ බවයි. මාතර දිසාපති ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා අමාත්‍යංශ නිලධාරීන් සමග අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිකිරීම් කටයුතු කල සමාගම මේක ගැන මොකද කියන්නේ. (ර)
මේ අධිවේග මාර්ගයේ ප්‍රමිතිය ගැන දැන්නම් අපිටත් ප්‍රශ්න මතුවෙනවා (නි)
ඕක නේ කියන්නේ මේ වගේ අධිවේගී මාර්ග වැනි දේවලට අවශ්‍ය උසස් ප්‍රමිතීන් නොසලකා, සාක්කු වලට, විදේශ බැංකු ගිණුම් වලට කෝටි ගණන් වැටෙන ප්‍රමිතීන් වලට මුල්තැන දුන්නම ඔහොම නොවී තිබේද කියල ? (අ)