දංකොටුවේ ඝාතන සම්බන්ධයෙන් සැකපිට දංකොටුවේ ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනෙක් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
දංකොටුව බුජ්ජම්පොළ ඉරබඩගම ප්‍රදේශයේ කොස්හේන මාර්ගයේ ගිනි ගත් රියේ මියගිය පිරිස අතර වෑන් රථය අයත් කල්බදු සමාගමේ රියදුරකු වන ‘නේවි කපිල‘ නොහොත් පන්නල මාකඳුරේ කපිල බණ්ඩාර හා මාකඳුරේ දෙයියා ද තවත් පුද්ගලයකු ද මියගිය පිරිස අතර සිටිතියි පොලිස් අරංචි කියයි.
ඉන් සිව් දෙනෙක්ම එම ව්‍යාපාරිකයා ළඟ සේවය කළ අය බව කියති. වෑන් රථයේ දී මිය ගිය අය ලෙස නේවි කපිල, පෑලියගොඩ නීල්, කටානේ ක්‍රිෂාන්ත සූප්පුවා සිටි බවට පොලිසිය සැක කරයි.
ව්‍යාපාරිකයාගෙන් මාස්පතා කප්පම් කෑ පිරිසක් සිටි බවද සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා (28) මාරවිල පොලිසියට බාර වීමෙන් පසු වැදගත් තොරතුරු රැසක් ම සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත. කොන්ත්‍රාත්කරුවකු ද බව කියන ව්‍යාපාරිකයාගෙන් රුපියල් 40,000 ක කප්පමක් මාස්පතා මාස හයකට වැඩි කාලයක් ලබාගෙන ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.
යකඩ පොලු පහරින් මැරුම් කෑ බව කියන පස් දෙනා මරණයට පැයකට දෙකකට පමණ පෙර මත්පැන් සාදයකට හවුල්කරවා ගත් අයකුගේ තොරතුරු ද පොලිසියට ලැබී ඇත. මුලින්ම මැරුම් කන්නට ඇත්තේ වෑන් රියදුරා බවත් ඒ අවස්ථාවේ වෑන් රියේ කැසට් යන්ත්‍රය උපරිම හඬින් වාදනය වූ බවත් කියති. සියලු සිරුරු ගිනි තැබීමට පෙට්‍රල් දමන්නට ඇතැයිද කියති.
රහස් පරීක්ෂක කණ්ඩායම් හයක් මේ සම්න්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
මෙය ගම්පහ ප්‍රදේශයේ පස් කැපීමේ ජාවාරමක් සිදුවීමකට සම්බන්ධ බවට සැකයක් තිබුණත් ඒ හා සම්බන්ධ වැඩිදුර තොරතුරු කිසිවක් නැතැයි පොලිස් නිලධාරියෙක් පවසයි.
නේවි කපිලට විරුද්ධව නඩු හයක් පවතින බවත් පන්නල පොලිසියේ ඔහුට විරුද්ධව ස්ත්‍රී දුෂණ දෙකක් සම්බන්ධ පැමිණිලි තිබෙන බවත් පොලිසිය පවසයි.
දැඩි ලෙස පිළිස්සු තිබු සිරුරු මේ වන විට මීගමුව මහ රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කොට ඇති අතර මළ සිරුරු කිසිවෙක් හඳුනා නොගැනීම නිසා සඳදා (14) පශ්චාත් මරණ පරික්ෂණය පැවත්වීමට නියමිත බව මීගමු රෝහල් අරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ඝාතනය පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බව පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සන්තෝසයි (බ)
සිරිමල් මහත්මය - මමත් ඔබේ අදහස් හා එකගයි. මෙවැනි මූල්‍ය ආයතන ඔවුන්ගේ වාහන පවරාගැනීම් සඳහා පාතාල සහ නමගිය අපරාධකරුවන් තමා භාවිත කරන්නේ. වාරික 1ක් හෝ 2ක් ගෙවීම් හිඟ වන අවස්ථාවන්හි ඒ ගෙවීම් පාරිභෝගිකයගෙන් ලබා ගැනීමට වෙනත් විකල්පයක් සෙවිය යුතුයි. (බ)
මෙතන කොමෙන්ට්ස් දාපු අයවැඩි හරියක් මේ ගැන ආණ්ඩුවට වචනයක් කියලන.බලන්න තිබ්බ ඉස්සර මෙහෙම වුනහම මහින්දයි ගෝඨයි පට්ට ගහපු හැටි.දැන් වෙනස ලැබිලානේ තියෙන්නේ, බලන්නකෝ අවුරුද්දක් යනකොට තව. (බ)
තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන් ඉන්න රටේ පලවෙනි වතාවට දෙයියකුත් පාතාලේට සහභාගි වුණේ කොහොමද? (බ)
යල්පැනගිය නීතිය ඉවත්කර අපරාධකරුවන්ට අරාබි නීතියට සමාන නීතියක් ගෙන ආයුතුය. අප අපේ දියණිය,බිරිඳ අපරාධකාරයන්ගෙන් රැකගන්න දැඩි මානසික වෙහෙසක නිරතවන්නේ මේ යල්පැනගිය නීතිය නිසාය (නි)
අවිගත්තෝ අවියෙන්ම නැසුනේ ඉස්සර. දැන් අවිගත්තෝ දේශපාලකයෝ රකිති (නි)
අපේ හිමිවරුන් ජාතිය සහ ආගම වෙනුවෙන් සටන් කිරීම මඳකට නවතා, අපේම සිංහල බෞද්ධයන් වන එහෙත් අධම ලෙස ජීවත්වන අය යහමඟට ගැනීමට කටයුතු කරනවා නම්, මේ වගේ දේවල් අවම කරගත හැක (නි)
පිනැස් කාරයො අහිංසක මනුස්සයන්ට කරන අසාධාරණකම් වලට පාතාලය හවුල් කරගන්නවට හොදවැඩේ (බ)
මේකද දැන් ලංකාවේ තිබෙන සිංහල බෞද්ධ සංස්කෘතිය? අනේ රටකට ගිය කල! (නි)
කාංචන, ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනා ඇත්ත කීවාට. (බ)
වාහනේ තුල මියගිය මිනිස්සු කර ඇති දේ අනුව ප්‍රතිපල ඉක්මනටම ලැබී ඇතත් මේ අය මෙසේ ඉක්මනින් අතුරුදහන් කරවීමෙන් සමහර දුෂිත දේශපාලකයන්ගේ යම් ක්‍රියා වල සාක්ෂිද වැලලෙන්න පුළුවන්.(හේ)
ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න එක හැම නගරයකම සිදුවෙනවා .. මේක නවත්වන්න ක්‍රමයක් මේ රටට ඕන ..මාළු කඩේ , මස් කඩේ , එළවලු ලෑල්ල , බස් නැවතුම්පොළ , රෙස්ටුරන්ට් එක වගේ පොඩි තැන ඉඳල ඉහලට යනකම්ම මේ කප්පම් කෑම තියෙනවා .. කප්පම් කාරයන්ව පොලිසියෙන් දන්නවා වුනත් අල්ලන්නේ නැත්තේ ඔවුන් සියලු දෙනාම අනිවාර්යෙන්ම දේශපාලකයෙක්ගේ ගෝලයන් නිසයි (බ)
පොලීසි වලට වැඩ අඩු කිරීමටත්, හිරගෙවල් වල තදබදය අඩු කිරීමටත්, මහජනයාට මොවුන්ගෙන් තිබෙන හිරිහැර නැතිවීමටත් මොවුන් අතට තවතවත් ආයුධ සැපයිය යුතුයි. එතකොට ඔවුන් අතරම ප්‍රශ්න ඉවර කරගනීවි. රජයට විශාල මුදලක් ඉතිරිකර ගත හැකියි. රටටත් සැනසීමක් ඇතිවේවි.(හේ)
පුදුමයි හිටපු එක්කෙනා 'මාකදුරේ දෙයියා ' අදහපු නැති එක ,,,,,,(හේ)
මිනිසුන්ට කල්බදු ක්‍රමයට වාහන ලබාදී වාරික ගෙවීමට නොහැකිවූවිට මෙවැනි පාතාලයන් ලවා වාහනය පැහැරගන්නා කල්බදු සමාගමේ නමත් සඳහන් කරන්න. මොකද මෙවැනි අපරාධකාරී පුද්ගලයින්ට මිනිස් ජීවිත ගැන කිසිම හැගීමක් අනුකම්පාවක් නැහැ. ඔවුන් යොදවන කල්බදු ගෝඩ් ෆාදර්ල ගැනත් සමාජය දැනුවත් විය යුතුයි. (බ)
මහින්දවාදීන් මේක තනිකරම මේ ආණ්ඩුවේ වැරැද්දක් හැටියට දකිනවා. මහින්දවිරෝධීන් මේක ඒ කාලේ ඉඳලා ආ දෙයක්ය කියනවා. මහත්වරුනි, මේ වගේ, සමහරවිට මීට වඩා බරපතල, මිනීමැරුම් අපරාධ වසරකට වරක් හෝ වාර්තා නොවෙන රටක් මේ ලෝකේ තියෙනවා නම් පෙන්වන්න. අපරාධ අවම කරන්න මිසක් නවත්වන්න පුළුවන් රටක් නැහැ. (නි)
මේක පාතලේ අතරේ වෙච්ච ලොකු සීන් එකක්.(හේ)
මේ නියම සැකකරුවන්මද?(හේ)
අපරාධකරන අයට නිදහස දෙන්නම එපා (බ)
දන් කාලය හරි...සියලුම ලාංකිකයන්ගේ සහ පිට රටින් එන කට්ටියගේ ඇගිලි සලකුනු එක්ක සියලු දත්ත පරිගණකගත කරන්න (බ)
මාෆියා කල්ලි නෙමෙයි. ෆිනෑන්ස් මාෆියාව.ෆිනෑන්ස් කාරයෝ මිනිස්සුන්ගේ ලේ උරාබිබි අපරාධකාරයෝ ළං කරගන කරන අපරාධ (බ)
අවි ගත්තෝ අවියෙන්ම නසිති. (බ)
මේවා පාතාලය සම්බන්ධ වුන පෞද්ගලික මරාගැනීම් , වර්තමාන රජය මේවට සම්බන්ධ වෙන්න තරම් මෝඩ නැහැ , මොකද පරණ අය කරපු කෙලි දැන් එලි වෙන නිසා (බ)
මහින්ද සෞදි ... දෙයියන්ටත් දැන් පාතාලයෙන් බේරිලා ඉන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. එ්කයි දැන් දෙයියොත් පාතාලයට එකතුවෙලා තියෙන්නේ. ඇත්තටම දැන් හැම තැනකම පාතාලය රජ කරනවා. හැබැයි කිසිම පාතලයකුටවත් නිදහස් මරණයක්නම් ඉතිහාසයේ උරුම වී නැත. ඔවුන් එලොව යන්නේ තව පාතාලයෙක් හෝ හදිසි අනතුරකින් හෝ පොලිසිය අතින්මයි. මේ බව පාතාලයන් හෝ ඔව්න්ට කිරිපොවල රකින දේශපාලුවන් / ව්‍යාපාරිකයන්ට නොතේරෙන එකයි පුදුමේ. (බ)
බෙන්තර මහේෂ් ඔබ හරියට හරි නිල් කොල හැම ඒකාම වග කියන්න ඕනේ මෙරට පාලනය කළ(බ)
පොලිසියත් බාර් වලින් මගුල් ගෙවල් වලින් කප්පන් කති. දේශපාලකයොත් කප්පන් පාගා කති.ආණ්ඩුවේ නිලදාරියොත් පාගා කප්පන් කති.විදුහල්පතිලත් අල්ලස් කප්පන් කති.ඇතැම් පන්සල්වල හාමුදුරුවොත් දාන කප්පන් කති පාතාලෙත් කප්පන් කති. අහෝ ලංකාව...(බ)
මේකට තමා ඉල්ලපු යහපාලන වෙනස කියන්නේ (බ)
නිදහසින් පසු ජනතාවගේ සාරධර්ම ශීඝ්‍රයෙන් පිරිහෙන්න පටන් අරගෙන. උතුරේ හා දකුණේ ඇතිවුණ ත්‍රස්තවාදය මිනිසුන් මරණ එක ඉතා සුළු දෙයක් බවට පත් කළා (බ)
පස් දෙනාම අපරාධකරුවන් එතකොට ඝාතකයන් මෙම ඝාතනය නිසා අපරාධකරුවන් නොවන්නේද මෙම ඝාතනය සමාජ සුබවාදී වෙන්න පුළුවන් (බ)
වැරදිකරුවන් අත්අඩංගුවට ගත්තාට පසු ඔවුන් නිවැරදි කරුවන් බව පෙනේනම් පමණක් ඇප දෙන්න ඕනේ. නැතිනම් බිය සැක කිසිවක් නොමැතිව තවත් අපරාධ කරන්න මෙයාලා ඉදිරිපත් වෙනවා. මේ නීති වෙනස් වියයුතුයි. (බ)
අපරාධ කරුවන්ට නිදැල්ලේ හැසිරෙන්න බැහැ කවදා හෝ ජීවිතවලින් හරි වන්දි ගෙවන්න වෙනවා එක තමයි වෙන්නේ කෙසේ හෝ ලංකා පොලිසියට මගේ ප්‍රණාමය හිමිවෙනවා. (බ)
සෞදි නීතිය තමයි අප රටටත් හරි යන්නේ (බ)
දේශපාලුවන් පාතාලයට ආරක්ෂාව සපයනවා. දේශපාලුවන්ගේ බලය අඩුකරනතුරු මේ තත්වය වෙනස් වෙන්නේ නැහැ. (නි)
ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම් වලට සම්බන්ධ නම් මෙවැනි අපරාධකරුවන් ඇයි ඇපමත මුදා හරින්නේ? බිය සැක කිසිවක් නොමැතිව තවත් අපරාධ කරන්න මෙයාලා ඉදිරිපත් වෙනවා. මේ නීති වෙනස් වියයුතුයි. (නි)
ෆස්රුල් ගෆූර් - ඔයා හරි මේ නීති වෙනස් වෙන්න ඕනේ වැරදිකරුවන්ට ඇප නොදී දැඩි දඩුවම් දෙන්න ඕනේ යලි වැරදී නොකරන්න (බ)
ගොඩක් මෙවැනි අයට දේශපාලන සහාය තියෙනවා. නැතිනම් ලොකු සල්ලි කාරයන්ගේ අතකොලු. ඔවුනට ඇප ලබාගන්න එක අපිට වඩා ලෙහෙසියි. අනිත් එක අද කාලේ වෙන අපරාධ වල හැටියට රිමාන්ඩ් එකෙත් දැන් ඉඩ මදි ඇති ගොඩක් කට්ටිය තියාගන්න. ඉතින් පුළුවන් තරම් ඇප දීල ගෙදර යවන එක ලෙහෙසි ඇති. (බ)
අපරාධ අඩු වෙනවා ඉක්මනින් ක්‍රමවත්ව නඩු අහනවා නම් ,(බ)
ඔය වගේ අපරාධකරන උන් මරන්න ඕන නියම ක්‍රමය ඕක තමයි.නීතියක් හරි හැටි ක්‍රියාත්මක නොවෙනවානම් මොනවා හෝ විකල්පයක් තිබිය යුතුයි. සමහර අපරාධ කාරයෝ හිරේ හිටියත් ඔව්න්ට ඕන දේවල් එළියේ සිද්ධ වෙනවා. ඕක තමයි ක්‍රමය. සමහර දේශපාලකයෝ සුප්පුව කටේ ගහලා පැටව් එළියට දාපුවම් ඕවා විඳවන්න වෙන්නේ අහිංසක මිනිස් සමාජයට. (බ)
ඉස්සර සුදු වෑන් වලට බයවුණා. දැන් සුදු වෑන් තියෙන අයටත් බයවෙන්න වෙලයි තියෙන්නේ (නි)
තමන්ගේ ලෙයින් උපන් දියණියන් දුෂණය කරලා සොබා දහමෙන් ගැලවෙන්න බැහැ. (බ)
මෙතන සිදුව තිබෙන මරණ වලට වඩා දෙයක් ගැන බලධාරින්ගේ අවධානය යොමුවෙන්න ඕනෑ. මුල්‍ය ආයතන පමණක් නොව ප්‍රසිද්ධ බැංකු සෑමඑකක්ම පාහේ ඔවුන්ගේ වාහන පවරාගැනීම් සඳහා පාතාල සහ නමගිය අපරාධකරුවන් පාවිච්චි කිරීම වහාම නවත්වන්න ඕනෑ (නි)
දැන් එය සිදුව අවසානයි. මින් ඉදිරියටවත් මෙවැනි අවාසනාවන්ත සිද්ධි සිදුවීම වැළැක්වීමට කටයුතු කිරීම නොවේද කළයුත්තේ? (නි)
මෙවැනි සමාජයක් නිර්මාණය වීම කෙරෙහි මූලිකවම වගකිවයුත්තේ මෙතෙක් රටේ පාලන තන්ත්‍රය මෙහෙයවූ පාලකයන්ය. තමුන්ගේ මඩිය තරකර ගන්නට විනා ජනතාවගේ ආර්ථික හා සාමාජීය වටපිටාව යහපත් කිරීමට දේශපාලනය දිශාගත කළේ නැත (නි)
සාධාරණය මේ අයුරින් ඉටුවීම ගැන සතුටුයි. (බ)
අනේ දෙවියනේ! මොනවාද මේ සිද්ධවෙන්නේ? මේ පළිගැනීම මෙයින් නවතීවිද? (නි)
මේවාට මොනවගේ උත්තර දෙන්න ඕනෑද කියලා මට නම් තේරුම් ගන්න බැහැ. අපි මෙහෙම ගිහින් කොහේ නවතීවිද? (නි)
පේනවා නේද අපරාධකරුවන් නිදැල්ලේ සිටිවිට සිදුවෙන දේවල්? (නි)
දැන් සියල්ල අවසානයි කියලා සමහරු හිතාගෙන ඇති. නැහැ. මේ ආරම්භය පමණයි. (නි)
අර "බඹර වළල්ල" වගේ නිර්මාණ බලලා හරි මේ මිනිස්සු තේරුම්ගන්න ඕනෑ මෙහෙම දේවල් වලින් අන්තිමට වෙන්නේ මොකක්ද කියලා (නි)
මේ මියගිය අයට මගේ නම් අනුකම්පාවක් ඇතිවෙන්නේ නැහැ. මක්නිසාදයත් මේ පුවත අනුව මේ සියලු දෙනාම නමගිය අපරාධකාරයින්. (නි)
අපි මෙතන මොනවගේ අදහස් පළකළත් රට දිනෙන් දිනම යන අගාධයෙන් නැවත ගොඩ එන එක නම් බොරු (නි)
මෙතන සිදුව තිබෙන මරණ වලට වඩා දෙයක් ගැන බලධාරින්ගේ අවධානය යොමුවෙන්න ඕනෑ. මුල්‍ය ආයතන පමණක් නොව ප්‍රසිද්ධ බැංකු සෑම එකක්ම පාහේ ඔවුන්ගේ වාහන පවරාගැනීම් සඳහා පාතාල සහ නමගිය අපරාධකරුවන් පාවිච්චි කිරීම වහාම නවත්වන්න ඕනෑ. (ර)
මහින්ද හිටියත් මේ සිද්ධවෙන දේවල් වළක්වන්න බැහැ. යමක් සිදුවෙන්න තිබෙනවා නම් රජයකින් එය නැවැත්වීමට නොහැකියි (නි)
මේ අය ඇතුළේ තියාගන්නත් බැහැ. මොකද දේශපාලකයෝ පොරකනවා මේ අය බෙදාගන්න. ඕක තමයි ඇත්ත. (නි)
පක්ෂ පාට නැතුව බැලුවහම කාටත් පැහැදිලියි දැන් රට යන විදිය. එය ඉතාම බියකරුයි (නි)
මොන විදියකින් හරි සිදුවිය යුතු දේ ඒ ආකාරයට සිදුවෙන බව නම් පෙනෙනවා (නි)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති කියලා කියන්නේ නිකන් නෙමෙයිනේ (නි)
මෙහෙම අයට ලැබෙන්න ඕන දඩුවම මේක තමයි. නැත්තම් මේ අයට නීතියෙන් දඩුවම් නෑ. මේ වගේ ඉන්න අනෙක් කප්පම් කාරයන්ටත් හොද පාඩමක්. (ර)
ඉතින් එහෙම හරිද? එතකොට අර සුදු වෑන් කිය කියා මොරදුන්නේ...? කොහොම වුණත් එ්කත් වැරදියි මේකත් වැරදියි. මේ වගේ දේවල් වලට උල්පන්දම් දීම තවත් අපරාධ වැඩිවෙන්න උදවු කරනවා. (නි)
සෞදි නීතිය ඕනෑ අය එහෙට යන්න. මෙහෙ තිබෙන රෝම ලන්දේසි නීතියද අහෝසි කර බෞද්ධ නීති පද්ධතියක් ගෙනඑන්න. ඒ බෞද්ධ හර පද්ධති වලින් මෙවන් අපරාධ ඉතා පහසුවෙන් වැළැක්විය හැකියි. (නි)