රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් ආභරණ තම බැනියම් අස්සේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගනු ලැබු රන් වල බර කිලෝග්‍රෑම් 4.2 කි.
සැකකරුවෝ ජෙට් ගුවන්සේවයට අයත් එස්.ජී 004 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණ සිටියදී ගුවන්තොටුපල ආරක්ෂක අංශ විසින් ඔවුන් අල්ලා රේගුවට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ගෙත් හොරු කම්බ හොරුනේ! (නි)
මේ දෙන්නා නම් හොරු නෙවි, රාජකීය අතිජාත මෝඩයෝ. පහුගිය දවස්වල වෙන ස්ථාන වලත් රත්තරන් හංගගෙන යන්න හදපු අය අහුවෙච්ච එකේ, බැනියම අස්සේ හංගගෙන යන්න හදපු මේ දෙන්නා ඉස්සර වෙලා යවන්න අංගොඩ මානසික රෝහලට. (නදී)
මේවා නම් නවත්වන්න අමාරුයි. මොකද දැන් මිනිස්සු මේවටම පුරුදුවෙලා (නි)