IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දෙකෝටියක රට සල්ලි පස්සෙන් එළියට

රුපියල්   දෙකෝටි විසි අට ලක්ෂ අනූ අට දහසක් විටිනා රට සල්ලි  උපත් පාලන කොපු තුනක බහා ශරීරයේ   සගවාගෙන සිංගප්පූරුවට ගෙන යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී     අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා  පැවසුවේය.

සැකකරු 53 වෙනි  වියේ පසුවන මීගමුව ප‍්‍රදේශයේ පදිංචි මොටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි.


සැකකරු  ඇවිදින ආකාරය  පිළිබඳ සැක සිතී සහකාර රේගු අධිකාරි දුමිදු  සිරිසේන මහතා විසින් ඔහු අත්අඩංගුවට ගෙන මීගමුව රෝහලට ගෙන ගොස් එක්ස් කිරණ පරික්ෂනයකට යොමු කොට මෙම මුදල් ඔහුගේ ගුද මාර්ගයේ තිබී ඉවතට ගෙන ඇත.

අත්  අඩංගුවට ගත් විදේශීය මුදල් අතර යූරෝ  පන්සීයේ කොළ 230 ක්  සහ ස්විස් ප‍්‍රෑන්ක් දාහේ කොළ විසි එකක් තිබූ බව රේගුව කියයි.

මෙම මුදල් සිංගප්පූරුවට ගෙන ගිය විට තමන්ට රුපියල් හැත්තෑපන් දහසක කොමිස් මුදලක් ලැබෙන බව මොහු රේගුවට පවසා ඇත.

සැකකරු කැතී පැසිපික් ගුවන්සේවයට අයත් සී.එක්ස් 710 දරණ ගුවන්යානයෙන් මෙරට සිට සිංගප්පුරුව බලා යාමට ඊයේ රාත්‍රියේ 10 ට  පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඊ.එම්. ඕ දි සේරම් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන දුමිදු සිරිසේන, ජී.පී.එස් පෙරේරා, එස්.කේ.එස්.කේ ගමගේ, ආර්.එම්.එන්.පී බංඩාර, එච්.ඞී.එස්.සී පෙරේරා, පී.එච්.යූ.අයි විජේපාල, ඞී.එන්.එන්.ජේ සමරසේකර යන නිලධාරීහු සිදු කරති.
 
  



අදහස් (0)

දෙකෝටියක රට සල්ලි පස්සෙන් එළියට

නිහාල් Tuesday, 16 July 2013 01:06 PM

හත්දෙයියනේ! මෙයාගේ පස්ස පැත්ත මේ තරම් වටිනවාද ? බලාගෙන ගියාම මනුශ්‍ය ශරීරයේ වටිනාම කෑල්ල පස්ස පැත්තනේ. කිසිම ට්‍රැෆික් එකක් නැතුව එන්න තියන එකම මාර්ගය, ඒකටත් ගිය කල? මිනිස්සුන්ට කේන්ති ගියාම ඔන්න ඔය පැත්තටත් නරක වචන කියලා බනිනවා මට ඇහිලා තියනවා දැන් ඉතින් එහෙම බනින එකක් නැහැ ඇයි ඉතින් රත්තරන් වටින කෝටිගානක් වටින තැනකට එහෙම අපහාස කල හැකිද ? (දී)

:       0       0

විජේසිංහ Tuesday, 16 July 2013 01:59 PM

මෙයා නම් අපේ කෙනෙක් වගේ (දී)

:       0       0

ලලිත් Tuesday, 16 July 2013 02:04 PM

කට්ටිය ස්වයං රැකියා උත්පාදනයට මාර්ග අළුතින් හොයාගෙන වගේ (දී)

:       0       0

වරුණ Tuesday, 16 July 2013 10:51 AM

මර නැවක් නේ?හිරේ ඉන්න කට්ටියනම් ඔයවගේ පස්සවල් හදුන්වන්නේ නැව් කියල (අ)

:       0       0

තුෂාර Tuesday, 16 July 2013 02:36 PM

අම්මෝ මෙයා යුරෝපේ පැත්තේ හිටියා නම් හොද ගානක් හොයා ගන්නවා (දී)

:       0       0

පෙරේරා Tuesday, 16 July 2013 11:00 AM

බුදු අම්මෝ! (දී)

:       0       0

පෙරේරා Tuesday, 16 July 2013 11:09 AM

අනේ මන්දා ,හැමකෙනාම පස්ස ව්‍යාපාර සඳහා යොදාගෙන. (දී)

:       0       0

ආනන්ද Tuesday, 16 July 2013 11:13 AM

පුංචි ඉඩෙන් ලොකු වැඩක් කරන්න පුළුවන් මෙයාට පර්චස් විස්සක ඉඩමක් තියනවා නම් උත්සාහයත් තියනවා නම් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. (දී)

:       0       0

පැතුම් Tuesday, 16 July 2013 02:43 PM

නොයෙක් විදිහට පශ්චාත් භාගය ආදායම් මාර්ගය කරගත් අය අප අතර ඕනෑ තරම් ඉන්නවා. අපි මේ පැත්ත ගණන් නොගෙන හිටියට, ඒ පැත්ත නරකමත් නැහැ නේද? (දී)

:       0       0

හේමන්ත Tuesday, 16 July 2013 11:22 AM

මෙයා මෙහේ පෞද්ගලික බස් එකක ගියානම් නිකම්ම අහුවෙනවා. කොන්දොස්තර නිතරම කියනවනේ පස්සෙන් සල්ලි ගන්න කියලා. මිනිහ හිතයි කොහොමද මේක දන්නේ මගේ පස්සේ සල්ලි තියනවා කියලයි කියලා. (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 16 July 2013 11:24 AM

රුපියල් 75000 කට මෙහෙම කරනවා නම් ලොකු ගණනකට මොනවා කරයිද? (දී)

:       0       0

ටිකිරි Tuesday, 16 July 2013 11:38 AM

සල්ලි නම් අපේ. සල්ලි දැකලම නැති අයට කොගේ හංගගෙන ගිය සල්ලිද කියලා ප්‍රශ්නයක් නැහැ. (දී)

:       0       0

තිලක් Tuesday, 16 July 2013 11:40 AM

රේගුවෙන් අල්ල ගන්න කෝටි ගණනින් මුදල් වලට සහ ටොන් ගණනින් රත්තරන් වලට ඇත්තටම මොකද වෙන්නේ? (දී)

:       0       0

උපාලි Tuesday, 16 July 2013 02:59 PM

ගබඩාව තව ටිකක් ඉඩ ලබාගන්න පුළුවන් තත්වෙට ගෙනාවා නම් හොඳ විදේශ විනිමය වෙළඳ පලක් විවෘත කරන්න තිබුනා, ලොකු උත්සවයක තියලා, ඇමති කෙනෙකුත් ගෙන්නලා. (දී)

:       0       0

සුනිල් Tuesday, 16 July 2013 03:08 PM

තුෂාර, සුද්දන්ට තමන්ගේ පසුපස විකුණා පැමිණි අය යුරෝපයෙ නම් ගමකට ඉන්නවා. අනේ අපිට නම් එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site