කොළඹ ප්‍රසිද්ධ පාසලක මෙම වසරේ පහ ශ්‍රේණියට ඇතුළත් කර ගත් සිසුන්ගේ දෙමාපියන්ගෙන් රුපියල් එක්කෝටි දහ නව ලක්ෂයකට අධික මුදලක් පාසල් සංවර්ධන සමිතියේ නොවන ගිනුමකට බැර කරවා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ලංකා ගුරු සංගමය සහ පාසල් සංවර්ධන සමිතියේ දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කර ඇතැයි අමාත්‍යංශ ආරංචි කියයි.
ජනවාරි 12 වැනි දා සිට ජනවාරි 21 වැනි දා දක්වා රජයේ බැංකු ශාඛාවක ගිනුමකට එලෙස මුදල් තැන්පත් බැර කරවාගෙන ඇතැයි රිසිට්පත් ද ඇමුණුම් ලෙස ඉදිරිපත් කරමින් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
එමෙන්ම පහ ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර නොගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛ මගින් දැනුම් දී තිබිය දී මෙම වසරේ පහ ශ්‍රේණියට ද සිසුන් හත් දෙනකු ඇතුළත් කර ඇති බවත්, ගෙවුණු මාස 18 ඇතුළත ළමයින් 1100ක් අමතර පන්තිවලට ඇතුළත් කර ඇති බවත්, මේ නිසා ඇතැම් පන්තිවල සිසුන් සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආධි ශිෂ්‍ය සංගම් හා පාසල් සංවර්ධන සංගම් මෙතරම් බලගතුවන්නේ රජයෙන් පාසල් නඩත්තු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොදෙන නිසා. මේවා අහෝසි කිරීමෙන් වෙන්නේ තියෙන පාසල් අඩපන වන එක පමනයි. මෙයට කලයුත්තේ මෙම ආයතන වලට නීති පනවා ඒවා අධ්‍යාපන අමාත්‍යංශයේ විදිමත් පාලනයකට යටත් කිරීමයි. ලංකාවේ රජයක යම්කිසි දවසක සෑම පාසලක්ම සදහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන සැපයිය හැකිවූ දවසක මේවා අහෝසි කරාට කමක් නැත. (නදී)
පාසල් සංවර්දන සමිති අාදිසිසු සමිති නැති නම් පරණ තාලේ පාසල් පමණක් ඉතුරුවෙවි දන්නා නැති දේවල් වලට ප්‍රතිචාර කරන්න එපා (අ)
තමන් ඉගෙනගත් පාසලට පෙරලා සේවය කරන ආදී ශිෂ්‍යයින් නිසා සමහර පාසල් ඉහල මට්ටමකට ඇවිත් තියෙනවා. තමන් ඉගෙනගත්ත ගමේ පාසල ගැන පම්පෝරි ගහන බොහෝ අය එම පාසලට තමා ළමය ඇතුලත් කරන්නේ වත් ශත 5ක් දෙන්නේ වත් නැතුව අනුන් විසින් දියුණු කරන පාසල් වලට ළමයි දාන්න හොර ලේඛන හදා ගෙන පගාව දෙන නිසි සියලු ප්‍රශ්න. (අ)
ආදී ශිෂ්‍යන් නිසා පාසලේ සංවර්ධනයට විශාල සේවයක් ඉටු වෙනවා. රජයට හැම දෙයක්ම කරන්න බැහැ. මගේ සහෝදරියකගේ බැච් එකේ එකේ ආදී ශිෂ්‍යාවන් එකතු වෙලා උදව් කල අඩු ආදායම් පවුලක දැරියක් ගිය වතාවේ වෛද්‍යය විද්‍යාලයට තේරුනා.ඒ නිසා ඔය ආදී ශිෂ්‍ය සංගම් වලට බනින උදවිය ටිකක් කල්පනා කර බලන්න. ඔය ගොල්ලන්ටත් තිබුනානේ එහෙම නම් පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා හරි ඒ පාසල් වලට ඇතුලත් වෙන්න මීට කාලයකට කලින්. ඒ නිසා එහෙම පුළුවන් වුන මිනිස්සුන්ගේ ළමයින්ට උදැල්ල දාන්න එපා. (අ)
අද පාසල්වලට තියන ලොකුම ප්‍රශ්නය තමයි මේ පාසල් සංවර්ධන සමිති හා ආදී ශිෂ්‍ය සමිති, මේවා මාෆියාවක් වගේ තමයි වැඩ කරන්නේ, පාසල් වලට ගන්න සිසුන් කවුරුද (මවුපියන්ගේ ආර්ථික ශක්තිය හා සමාජ පිළිගනිම අනුව ) ඔවුන්ගෙන් අය කල යුතු මුදල මේ සියල්ල තීරණය කිරීමේදී පාසල් සංවර්ධන සමිති වලට හා ආදී ශිෂ්‍ය සමිතිවලට විශාල බලපෑමක් කිරීමට හැකි අතර සමහර පාසල් වල විදුහල්පතිවරයා පත් කිරීම හා ඉවත් කිරීමත් මෙම අයාතන වල බලපෑමට යටත්වී ඇති ආකාරයක් දක්නට ලැබෙන අතර මෙමගින් පාසල් වල මුල්‍ය අක්‍රමිතා හා පරිපාලනය කඩා වැටීමටත් විනය පිරිහිමටත් මෙය හේතු වී තිබෙන අතර පාසල් සංවර්ධන සමිති අහෝසිකිරිමටත් ,ආදී ශිෂ්‍ය සමිතිවල ක්‍රියාකාරිත්වය සිමා කිරීමත් සිදුසු බවයි මාගේ අදහස. (ර)
ශිෂ්‍යත්වයෙන් ලකුණු අඩු සිසුවන් ජනප්‍රිය පාසැල වල පහ වසරට ඇතුලත් වීම නිසා ශිෂ්‍යත්වයෙන් වැඩි ලකුණු ලබා ගත් ළමයින්ට හරිම අසාධාරනයක් සිදු වෙනවා. ආදී ශිෂ්‍යයන්ගේ ළමයින් පැත්තකට දාල දේශපාලුවන්ගේ ළමයින්ව ඇතුලට ගන්නවා. ඉස්කෝලේ නමත් කනවා. අන්තිමට පිටරට විශ්ව විද්‍යාලයකට යවනවා. දක්ෂ ළමයින්ට මොකක් හරි අතට අහු වෙන ඉස්කෝලයක් සොයා ගෙන සැහීමකට පත් වෙන්න සිද්ධ වෙනවා. (ර)
සත්‍යපාල, පාසැල් සංවර්ධන සමිතිය ලෙස නම වෙනස් වුනේ පෙර පැවති ගුරු දෙගුරු සමිතියයි. එහි පාලනය, මූල්‍ය කටයුතු, නිලධාරී මඬලයේ පත්වීම් ආදිය රජයේ නියාමනයකට අනුව සිදුවියයුතු අතර, ඒ සඳහා නීති මාලාවක් ද ඇත. පාසැල් සංවර්ධන සමිතියේ භාන්ඩාගාරික වියයුත්තේ එම පාසැලේ ගුරුභවතෙකි. බොහෝ අකටයුතු සිදුවන්නේ ආදී ශිෂ්‍ය සමිති තුලිනි. ඒවා පරිපාලනය රජයේ නියාමනයකින් තොරව සිදුවේ. (ර)
මම නම් කියන්නේ ඔය ආදී ශිෂ්‍ය පදනමත් නැති කලයුතුයි. එක අනිත් අයට කරන බරපතල අසාදාරනයක් සහෝදරයෙක් පාසලට ගිය කියල අනිත් අයටත් ඒක දෙන්න ඕනද.? (ර)
සත්‍යපාල මහත්තයෝ, ඔබේ කතාව හරියට හරි. (හේ)
ආදී ශිෂ්‍ය සංගම් නැත්නම් අද හුඟක් පාසල් තවමත් ප්‍රාථමික මට්ටමේ. රජයෙන් ගුරුවරුන්ගේ වැටුප ගෙව්වට පාසල් වල තව මොනතරම් වැඩ කටයුතු තියෙනවද? පාසල් නඩත්තු කටයුතු තනිවම රජයකට කළ හැකිද?(හේ)
ආදී ශිෂ්‍ය සහ පාසල් සංවර්ධන සමිති පාසල් දියුණුවට රුකුලක් නමුත් සංවර්ධන සමිති වලට නීතිගත මුදල් නියාමනයක් අවශයි.එසේම අසරණ මව්පියන් හැර සෑම දෙනෙක්ම, මෙම අරමුදලට දරුවන් වෙනුවෙන් දායක විය යුතුයි. අපේ වගේ සම්පුර්ණ නිදහස් අධ්‍යාපනයක් ලෝකේ කිසිම රටක නැත.(දිල්)
ආදී ශිෂ්‍ය සහ පාසල් සංවර්ධන සමිති පාසල් දියුණුවට රුකුලක් නමුත් සංවර්ධන සමිති වලට නීතිගත මුදල් නියාමනයක් අවශයි.එසේම අසරණ මව්පින් හැර සෑම දෙනෙක්ම, මෙම අරමදලට දරුවන් වෙනුවෙන් දායක විය යුතුයි. අපේ වගේ සම්පුර්ණ නිදහස් අධ්‍යාපන ලෝකේ කිසිම රටක නැත.(දිල්)